Artwork for dominos top banners 2 test dummy
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Shiwu Chinese - sidebar banner temp

පාවිච්චි කරපු ටී බෑග්වලින් ගන්න ප්‍රයෝජන 5ක්

ටී බෑග් එක එක පාරින් විසි කරනවද?

Posted by

අපි ඉතින් තේ එකක් නැතුව දවසක් වත් ගෙවන්න බැරි මිනිස්සු ඉන්න රටක් නේ. ඒ තරමට අපේ එදිනෙදා ජීවිතේ එක්ක බැඳුණ දෙයක් තමා තේ. දැන් හුඟ දෙනෙක් තේ කොළ පැකට්වලට වඩා ටී බෑග් පාවිච්චියට පුරුදු වෙලා ඉන්නෙ ඒකෙ තියන පහසුව නිසාමයි. පෙරන්න, කෝප්ප සෝදන්න එහෙම තියන වැඩ ප්‍රමාණය ටී බෑග් නිසා අඩු වෙනව නේ. විශේෂයෙන් ඔෆිස් වගේ තැන්වලට මේක හරි ම පහසුවක්.

හැබැයි එක පාරක් පාවිච්චි කරපු ටී බෑග් එකක් විසි කරන වෙලාවට අපරාදෙ කියල හිතිලා ඇති ඕන කෙනෙකුට. මොකද ඒක ඇතුළේ තියන තේ කොළ ටික තාමත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියල පේන නිසා.

ඔන්න මින් පස්සෙ එක පාරින් විසි කරන්න ඕන වෙන්නෙ නැති වෙන්න, පාවිච්චි කරලා ඉතුරු වුණු ටී බෑග්වලින් මේ ප්‍රයෝජන ටික ගන්න.

1 ඇස්වලට

තේ කෝප්පේ හදාගෙන අයින් කරන ටී බෑග් එකෙන් රස්නෙ පිට වෙලා යන්න කලින් ඇස් පියන් උඩ තියන්න. ඇස්වල ඉදිමුම් බහින්න, ඇස් වටේ අඳුරු පාට එහෙම අයින් වෙලා යන්න හොඳ ක්‍රමයක්. ඒ වගේ ම පාවිච්චි කරපු ටී බෑග් ෆ්‍රිජ් එකේ දාල තියලා කූල් පිට අරං ඇස් යට තියලත් බලන්නකො. ඇස්වල වෙහෙස, නිදිමත ගතිය නැති වෙලා ගිහින් කූල් ෆ්‍රෙෂ් ගතියක් දැනෙයි. 

2 පිළිස්සුම්වලට

ඉර අව්වෙන් පිච්චුණ හම සිසිල් වෙන්නත් ටී බෑග් පාවිච්චි කරන්න පුළුවන්. තේ හදලා විසි කරන්න කලින් තේ මණ්ඩි ටිකක් පිළිස්සුම් තුවාලෙට තියන්න. 

3 හුමාලෙ අල්ලද්දි

හෙම්බිරිස්සා කැස්ස හැදුණාම සෙම බුරුල් වෙලා ඉක්මනින් හොඳ වෙන්න නං හුමාලෙ අල්ලන එක වැදගත්. අපේ සමහර වැඩිහිටියො එහෙම නං හෙම්බිරිස්සා ගතියක් නැතත් නිකං දවසටත් හුමාලෙ අල්ලනවා. ඕගොල්ලොත් හුමාලෙ අල්ලනව නං උණු වතුර එකට ටී බෑග් එකක් දාල විනාඩි 5-10ක් විතර අල්ලලා බලන්න. මුහුණේ සම සෞඛ්‍ය සම්පන්න කරගන්න හොඳ ක්‍රමයක්.

4 පලු දාලා නම්

කූඹි, කුරුමිණියො වගේ පුංචි සත්තු, කෘමීන් එහෙම විද්දම සමහර අයගෙ හමේ ලොකු පලු දානවා. එහෙම වෙලාවට කූල් කරපු ටී බෑග් එකක් පලුව උඩින් තියන්න. ඉදිමුම, කැසීම සහ දැවිල්ල අඩු කරගන්න පුළුවන්. හමේ රෑෂ් ආවමත් මේක ම කරන්න පුළුවන්.

5 වළං සෝදද්දි

සාස්පාන්, වළං වගේ දේවල්වල අඩිය ඇල්ලුවම සෝදන්න අමාරුයි නේ. එහෙම වෙලාවට සාස්පානේ ටී බෑග් එකක් තියලා ඊට උඩින් උණු වතුර වක් කරලා රැයක් එහෙම ම තියන්න. ඊළඟ දවසේ හෝදගන්න පුළුවන්, ඒ වෙද්දි අර ගලවගන්න බැරි වුණු තෙල්, ඉඳුල් එහෙම දිය වෙලා, ගැලවිලා තියෙයි.

Leave a comment