Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

සොබාදහමට තුරුලුවෙලා නිවාඩුව ගතකරන්න.. අපූරු වනගත නවාතැන් 6ක්!

බලන්න.. සොබාදහමට තුරුවෙලා නිවාඩුව ගතකරන්න කියාපු…

Posted by

බලන්න..

සොබාදහමට තුරුවෙලා නිවාඩුව ගතකරන්න කියාපු මේ අපූරු නවාතැන්ටික..

1. Knuckles Edge (077 0600686)

රන්ගල ගම්මානයෙන් නක්ල්ස් මායිමේ..

උදේ පාන්දර.. මීදුමෙන් වැහිලා ගියපු වටපිටාවකට වෙලා උණු උණු තේ කෝප්පයක, මනෝ පාරක අපූර්වත්වය අත්විඳින්න. කෝබට් ගැප් එක දිහා බලාගෙන, ලීයෙන් නිමවුනු අපූරු ස්විස් කොටේජයක දවසක් ගතකරන්න..

ඒ විතරක් නෙවෙයි, කැළේ කොලේ හොඳහැටි ඇවිදලා, සතාසීපාවා බලලා, කන්දක් එහෙමත් කාරිය නැගලා…

මහන්සියට, හැන්දෑවට, පුංචි ගිණිමැලයක් ගහගෙන, බාබකියු පාර්ටියක් දාන්න..

කියාපුම තැන් තමයි!

2. Modern Clay House Villa (Koggala - 076 6392061)

කොග්ගල වැව් ඉස්මත්තේ.. මැටි පෙනුම එන්න නිමවපු අපූරු නවාතැනක්. වටපිටාවත් ගස් කොලන් වලින් වගේම කඩොලානෙනුත් වටවෙලා. ඉතින් හැන්දෑවට වගේම උදේටත් හරිම ලස්සනයි. ඒ වගේම තමයි කටට රහට සීෆුඩ් ටිකක් එහෙම කන්න, වැවේ රවුමක් යන්න, හැන්දැවෙලා ලන්තෑරුම් එළියෙ පොඩි අඩියක් ගහන්න.. කියාපුම ප්ලේස් එක. 

3. Dream Ville (Ella - 077 7918001)

බල්ලෙකෙටුව, නාවුල්ල පැත්තට වෙන්න පුංචි කඳු ගැටයක අයිනෙ.. විව් එක අතින් නම් යාළු කියල වැඩක් නෑ, බලන බලන අත මීදුමෙන් වැහිච්ච කඳු වලින් පිරිච්ච දර්ශනතල වලින් පිරිලා ඉතිරිලා. උදේ පාන්දරට වගේම හවසටත්.. අනික නවාතැන ඉදිකරල තියෙන්නෙ ගල්, මැටි, ලී පාවිච්චි කරල. ඒකත් නිකම් නෙවෙයි සුපිරි සුවපහසුවට, ලස්සනට ඉන්ටිරියර්, එක්ස්ටිරියර් දෙකම තියෙන්න.. 

4. Palm Paradise Cabanas & Villas Beach Resort (Tangalle - 0472 240338)

තංගල්ල, ගොයම්බොක්ක බීච් එකට මුහුණලා තියෙන ලොකු පොල්වත්තෙ.. අතරින් පතර, බීච් විව් එක තියෙන්න, ලක්ෂරි සැපපහසුකම් සියල්ල සපිරුණු අපූරු ලී කබානා ටිකක්. මෙතන ගතකරන නිවාඩුවත් ගොඩක්ම නිදහස් එකක් වේවි. මොකද වටපිටාව මුලුමනින්ම සද්ද බද්ද නැති එකක්නෙ. එහෙම නැත්නම් ඔයාට සර්ෆ් කරන්න, ඩයිව් කරන්න වුනත් යන්න බැරි කමක් නෑ හොඳද.

5. Gallene Gala Nature Resort (Kitulgala - 077 2807061)

කිතුල්ගලින් පොඩ්ඩක් ඇතුලට වෙන්න. කොට්ටම්පිටිය කඳු බෑවුමක. අපූරු ඔය පාරක් අයිනෙ, මහකැලේ මැද්දෙ.. සුපිරි සුවපහසුවටම හදපු තැනක් නම් නෙවෙයි. හැබැයි සොබාදහමෙ ආශ්වාදයත් එක්ක අපූරු නිවාඩුවක් ගත කරන්න නම් කියාපුම. කට්ටියට කියන විදියට මෙතන කෑම බීම එහෙමත් හොඳ රහට තියෙනවලු. කොහොම වුනත් තනිකරම ගල් සහ ගල් ලෙන් වලින් පිරිච්ච තැනක්. කාමර එහෙමත් ඉදිවෙලා තියෙන්නෙ ඒ ආශ්‍රිතව නිසා මට නම් හිතෙන්නෙ මෙතන භාවනා කරන්න වගෙත් සෑහෙන්න හොඳ තැනක් වෙයි කියලා.

6. Kamatha Eco Lodge

හබරණ හංදියෙන් පොඩ්ඩක් ඇතුලට වෙන්න.. ලස්සන කුඹුරු යායක් මැදින් ගිහිල්ලා ගොඩ වෙන්න තියෙන ඇත්තම කමතක්. මැටියෙන් හදපු නවාතැන් කීපයක්ම එහෙමත් තියෙනවා මෙතන. ඒ හැරුනාම වටපිටාවත් ගහකොලින් පිරිලා. මින්නේරිය සෆාරි යන්නත් තියෙන්නෙ පොඩි දුරයි. ඊටත් හවසට හවසට අලි ඇත්තු එහෙම එන්නෙ ඔය කිට්ටුවටම. කොහොම වුනත් ගමේ රහට ටොප් කෑම ටිකක් කාලා, වැවක නාලා කරලා බෝට්ටු සවාරියක් එහෙමත් ගිහිල්ලා, නිදහසේ නිස්කලංකේ දවස් ගාණක් වුනත් ගත කරල එන්න නම් මෙතන කියාපු තැන.

Leave a comment