හුඟ දෙනෙකුට හිසකෙස් සම්බන්ධව තියන ලොකු ම ප්‍රශ්නයක් තමයි හිස්හොරි. හැදුණට පස්සෙ එක එක ක්‍රම අත්හදා බැලුවත් හිස්හොරි සම්පූර්ණයෙන් නැති කරන එක ලේසි වැඩකුත් නෙවෙයි. ඒ හින්දා හිස්හොරි හදාගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ ම විසඳුම. හිසේ හිස්හොරි හටගන්න බලපාන්නෙත් අපි අනුගමනය කරන ඇතැම් පුරුදුමයි. ඉතින් මේ පුරුදු අත්හැරියොත් හිස්හොරි නැති කරගන්න ලේසි වෙයි.
දිනපතා කොණ්ඩේ ෂැම්පු කරන එක වගේ ම දිග කාලයක් ෂැම්පු නොකර ම ඉන්න එකත් කොණ්ඩෙට හොඳ මදි. හැම දාම ෂැම්පු කළාම හිස්කබලේ තිබිය යුතු තෙල් ගතිය වියළිලා ගිහින් ඉක්මනින් හිස්හොරි හටගන්න පුළුවන්. ෂැම්පු නොකර ම හිටියොත් තෙත් ස්වභාවය අහිමි වීමෙන් හිස වියළිලා, හිස්හොරි හටගන්න පුළුවන්. හොඳ ම දේ දවස් දෙක තුනකට සැරයක් කොණ්ඩෙට ෂැම්පු යොදන එක කියලයි හිසකෙස් පිළිබඳ විශේෂඥයෝ කියන්නෙ.
ෂැම්පුවලින් කොණ්ඩේ තියන දහදිය කුණු දූවිලි ඉවත් වෙලා ගියාට, ඒත් එක්ක ම හිසේ තෙත ගතියත් අඩු කරනවා. කන්ඩිෂනර්වලින් කරන්නේ මේ අහිමි වුණ තෙත ගතිය නැවත කොණ්ඩෙට ලබා දෙන එක. ඒ නිසා හිස්හොරි හැදෙන්න බලපාන වියළි ගතිය අඩු කරගන්න පුළුවන් වෙන්නේ ෂැම්පු කළාට පස්සෙ කන්ඩිෂනර් කළොත් විතරයි. ඒ වගේ ම එයින් හිසකෙස්වලට අවශ්‍ය පෝෂක කොටස් සහ වොලියුම් එකකුත් ලැබෙනවා.
කොණ්ඩේ පීරන එකෙන් සමේ මැරුණු සෛල, හිස්කබලේ ඇති දූවිලි අංශු එහෙම ඉවත් වෙනවා. ඒ නිසා හිස්හොරි හටගැනීම අඩු වෙන්න නම් දිනපතා හිස පීරීම වැදගත්. ඒත් ඕනවට වැඩිය පීරන්න යන්නත් එපා. ඒකට හේතුව තමයි වැඩිපුර පීරීමෙන් හිසකෙස් වැඩිපුර ගැලවිලා යන්න පටන්ගන්න එක. ඒ නිසා දවසට දෙපාරක් කොණ්ඩේ පීරුවාම ඇති.
දිනපතා එක එක හෙයා ස්ටයිල් දානව නං ඒකත් හිස්හොරි හටගන්න හේතුවක් වෙන්න පුළුවන්. ස්ටයිල් කරද්දි පාවිච්චි කරන හෙයා ජෙල්, හෙයා ස්ප්‍රේ, හෙයා මූස් එහෙම කොණ්ඩේ දිග වෙලාවක් රැඳිලා තියෙන්න හොඳ දේවල් නෙමෙයි. ඒව නිසා කොණ්ඩෙට අධික තෙල් හෝ වියළි ගතියක් ඇවිත් කසන්න පටන් අරං හිස්හොරි හැදෙන්න පුළුවන්. ඒ වගේ ම හිසකෙස්වලට යොදන කෙමිකල්ස් නිසා හිසකෙස් දුර්වල වෙලා ඉක්මනින් කැඩී යන්න පුළුවන්.
ඔයත් විවිධ ප්‍රශ්න එක්ක හුඟක් මානසික ආතතියෙන් ඉන්න කෙනෙක් නං එයින් ඔයාගෙ ඇඟේ ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. හිසේ තෙල්, දිලීර සහ හිස්හොරි හටගන්න ඒක හේතුවක්. ඒ නිසා පුළුවන් තරං හිත පිරිසිදුව තියාගත්තොත් හිසත් පිරිසිදුව තියාගන්න පුළුවන්. ඒ වගේ ම ඉඳහිට හරි හිසට ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා. බිත්තර හෝ යෝගට්වලින් හදාගන්න මාස්ක් එකක් පාවිච්චි කරලා හිස්කබල මසාජ් කරලා නිරෝගිමත්ව තියාගන්න.
නිතර හුඟක් පැණි රස කෑම කනවා නං සිරුරේ හෝමෝන අසමබර වෙන්න ඉඩ තියනවා. එයින් රුධිරයේ සීනි මට්ටම ඉහළ ගිහින් කොණ්ඩෙට තෙල් ගතිය එකතු වෙන්න පුළුවන්. මේදය සහිත කිරි ආහාර වැඩිපුර ගැනීමත් හිස්හොරි හටගැනීමට හේතුවක්. සින්ක් සහ බී විටමින් අඩංගු කෙසෙල්, අලිගැටපේර, රතු මස් වර්ග, ඇට වර්ග, මුහුදු ආහාර වැනි ආහාරපාන ගැනීමෙන් හිස්හොරි පාලනය කරගන්න පුළුවන්.
Here's what we gathered from our first visit to Colombo's newest hotspots.
කාලෙකට පස්සෙ ඉතින්.. එළි පෙහෙලියෙ බැහැලා, හැන්දැකරේ රවුමක්…
A little break from the hustle and bustle of this city life.
Sweet memories of 2020.
Make one of the most popular ice cream flavours at home with a few ingredients.
Delete Comment