Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

තට්ටු නිවසක ඉන්න ඔයාට! එළවළු පළතුරු ටිකක් වවාගන්න හොඳම ක්‍රම 6ක් මෙන්න

කිසීම කරදරයක් නැතුව, ගෙදරම තියෙන දේවල්…

Posted by

වගාකරන ක්‍රම සහ විදි නම් හැමෝම කියනව. ඒත් ඒ ගොඩක් ඒවා.. ගෙවත්තක් තියෙන අයටනෙ. ඇත්තටම ඉතින් හරි වැරදියි එහෙම බැලුවාම නේ.

ඇයි අප්පේ.. කොළඹ තදාසන්න ප්‍රදේශයක, තට්ටු නිවාසයක ඉන්න ඔයා?

ඔයාලත් මොන මොනවහරි වගා කරගන්න එපැයි!

අන්න ඒ නිසාමයි යාළු, අපිත් ඒ ගැන හිතල හිතලම, මෙන්න මේ වගේ..

පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් ඔයාලට කියන්න කල්පනා කලේ. ඇත්තටම මේවා.. කිසීම කරදරයක් නැතුව, ගෙදරම තියෙන දේවල් වලින්, පොඩි පොඩියට, මොන මොනවහරිම වගාකරගන්න කියාපුම ක්‍රම.

ඊටත්, හරියට හැදුනොතින් එහෙම.. එසේ මෙසේ අස්වැන්නකුත් නෙවේ ඈ.. 

ඒ නිසා ඔන්න,

අදම එහෙනම් වැඩේට බහින්න...

1. කොළකැඳ බටය

ගන්න තඩි මහත බටයක්. ඔය.. වැහි වතුර බහින්න දාන සයිස් එකෙන් වගේ හොඳයි. අරගෙන.. දෙපැත්ත, ලොකු හිල් විදපු පොල්කටු දෙකකින් සීල් කරගන්න. රෙදිපටි වලින් හරි වෙලන්න බැරියැ හොඳහැටි. කොහොමහරී.. ඊට පස්සෙ, නැත්නම් ඊට කලින් වුනත්.. ඔයාට පුලුවන් බටේ එක පැත්තක, පේලියට, විශ්කම්භය අඟල් 3-4 වගේ තියෙන ලොකු හිල් කපාගන්න. හැබැයි මතක තියාගන්න ඒ හිල් අතර පරතරය අවම අඟල් 10ක්වත් තියෙන්න ඕන. එහෙම හිල් ටික කපාගත්තට පස්සේ ඔයා කරන්න ඕන දන්න කියන, ලඟම තියෙන හොඳම තැනින්, හොඳ පස් ටිකක් අරගෙන එන එක. අරගෙන ඇවිල්ලා, ඒකෙ ගල් මුල් ඉවත් කරලා.. පුලුවන් නම් කොම්පෝස්ට් ටිකක්, වැලි ටිකක් එහෙමත් එකතු කරලා.. බටේට පුරවගන්න. හැබැයි.. බටේ සම්පූර්ණයෙන්ම පිරෙන්න නෙවෙයි. බාගයක් විතර. ඊට පස්සේ ඉතුරු ටිකට.. ගෙදර තියෙන පොල්මුඩු, පොල්ලෙලි කෑලි කපල, හෙමින් සැරේ අතුරන්න. අතුරල කරල ඉතින් වතුර ටිකක් එහෙමත් දාලා දවසක් දෙකක් තියෙන්න ඇරිය නම් තමයි හොඳ. කොහොම වුනත් මේකෙ වගාකරන්න හරියන්නෙ නම්.. පොඩිම පැළෑටියි, වැල් වර්ගයි තමයි. විශේෂයෙන්ම ඔය කොළකැඳ වලට ගන්න වගේ. වැල්පෙනෙල, හාතවාරිය, ඉරමුසු එතකොට මොණරකුඩුම්බිය, පොල්පලා, මුකුණුවැන්න..

2. පැෂන්ෆෘට් බිත්තිය

ෆ්ලැට් එකක් හරි අපාර්ට්මන්ට් එකක් හරි කියන්නෙ ඉතින් අනුන්ගෙ තැනක් වගේනෙ. ඒ නිසා එක එක නීතිරීතිත් තියෙනවනෙ. විශේෂයෙන්ම.. බිත්ති දිගේ වවන්න එපා වගේ. ඒ නිසා.. ඔයාට කරන්න තියෙන්නෙ බිත්තියට පොඩි සපෝට් එකක් දීලා, බිත්තියට එළියෙන්, බිත්තිය දිගේ වවන එක. ඇත්තටම ඒක මෙහෙමයි. ඉස්සෙල්ලම ඔයා බිත්තියට අල්ලලා.. ලී වලින් හරි, බට වලින් හරි මොනවයින් හරි කමක් නෑ ෆ්‍රේම් එකක් ගහගන්න, ටිකක් ලොකුවට, බිත්තියෙ සයිස් එකටම වුනත් කමක් නෑ.

කොහොමහරි ඊට පස්සේ.. කොහුලණු ටිකක් ගෙනැල්ල ඒක, මකුළු දැලක් වගේ වියාගන්න. වියාගත්තට පස්සෙ ඉතින්.. බිත්ති මුල්ලෙන් පොඩි පෝචිචියක හරී, බේසමක හරී.. මොකක්හරි එකක පැෂන් පැළයක් පැළ කරලා.. ලොකුවේගෙන එනකොට දැලට ගලපන්නයි තියෙන්නෙ. ඕන නම් මුල් කාලෙ විතරක් කොහු ලණු ටික දවසට එක පාරක් තෙමන්න. ඒ ඇති!

3. නිවිති බිම

එලෙසමයි ඉතින්. වැඩිය ඕන නෑ. ඒ ෆැෂන් වැලේමත් යැව්වහැකි. හැබැයි ඊට වැඩිය සාර්ථකයි හොඳට අව්ව වැටෙන තැනක, බිම.. පොඩ්ඩක් සිමෙන්තිය පුලුදු වෙච්ච ප්ලේස් එකක් බලලා.. කොම්පෝස්ට් මිශ්‍ර පස් ටිකක් දාලා.. ඇට දෙක තුනක් දාන එක. වැඩිය ඕන නෑ අංකුරයක් දෙකක් මතුවෙලා පෙත්ත දෙපෙත්ත වෙනකම් බලන්නකො. ඒ ඇති. එතනින් එහාට එයා බලාගනියි, හ්ම්..!

4. මිරිස් බේසම

පරණ බේසමක් යාළු.. මං කියන්නෙ ඔය පැළිල, පුපුරල ගියපු එකක්. අරගෙන.. වටේ රෙදි පටිවලින් වෙළල හදාගන්න. හැබැයි අර පැලුම් සම්පූර්ණයෙන්ම වැහෙන්නෙ නැති වෙන්න. මොකද මිරිස් පැළවල මුල් ටිකක් එහෙට මෙහෙට යන්න ට්‍රයි කරනවනෙ. හැරත් එයාලට ඒ නිදහස දුන්නාම තමයි එයාලා අපිටත් හොඳ පළදාවක් දෙන්න බලන්නෙ. අනිත් එක ඔයා බේසමට පස් පුරවනකොටත් ටිකක් කර්කෂ පසක් පුරවන්න බලන්න. ඔය.. රතට දුඹුරට හුරු වගේ. ඒත් කොම්පෝස්ට් නම් අනිවා.. ඒ වගේම තමයි මේකට පොහාර විදියට ඔයාට ගෙදර කුණු කූඩෙන්ම.. පොල්කුඩු, තම්බපු තේකොළ, බිත්තරකටු වගේ ඒවා දාන්නත් පුලුවන්.

ඉතින් ආයෙ මොනවද, නේ..

5. කැකිරි පීල්ල

කොළරොඩු පිරිලා, පාසි බැඳිච්ච වැහි පීල්ල..

තරම් වෙන හොඳ තැනක් නෑ යාළු කැකිරි වැලක් යවන්න. හැරත් පීල්ල කාලෙන් කාලෙට සුද්ද කරනව කියමුකො. ඒත් අවුලක් නෑනෙ. මොකද කැකිරි පැළයක් ලොකුවෙලා ගෙඩි එන්නත් උපරිම මාසයක් යන්නෙ නෑ. පොඩි වැඩයි කරන්න තියෙන්නෙ.

ගේ ඇතුලෙම, බිත්තර කට්ටකට කොහුබත්, කොම්පෝස්ට් ටිකක් පුරවල කැකිරි ඇට ටිකක් දාලා, අංකුර 3, 4කින් පැළ ටිකක් එළියට ගත්ත නම්.. දන්නෙ නැති ගාණට වහලෙන් තියන්න තියෙන්නෙ බිත්තර කට්ට පිටින්ම. මුල්ම දවස් ටිකේ පොඩ්ඩක් බලන්න එයා වැඩේ අල්ල ගන්නවද කියල, වතුර ටිකක් එහෙමත් දාලා.. ඊට පස්සෙ ඉතින්..

ගෙඩි ආවට පස්සෙ තමයි..!

6. දෙහි ගෝනිය

හාල් ගෙනාපු ගෝනි ඇතිනෙ ගෙදර. කිලෝ 5, 10 නම් මදි 25වත් ගන්න ඕන. නැත්නම් පොහොර බෑග් එක හරියටම හරි. 

කොහොමහරි ඒකක් අරගෙන.. යටටම පොල් ලෙලි ටිකක් තියල ඊට පස්සෙ හොඳ පස් පුරවගන්න අඩි එක හමාරක් විතර උසට. පුරවලා.. තව අඟල් 2ක් විතර උසට වැලි මිශ්‍ර කොම්පෝස්ටුත් දාන්න. දාලා.. වතුර ටිකක් ඉහලා දවසක් විතර තියෙන්න අරින්න ඕන. ඊට පස්සෙ දෙහි ඇට 4, 5ක් හරි කමක් නෑ දාන්න. දාලා කොහොමහරි පැළ ටික මතුකරගන්නකො. 

වැඩේ තියෙන්නෙ පැළ මතු කරගන්න එක නෙවෙයි, ගහ ලොකු වෙද්දී.. කප්පාදු කරල නඩත්තු කරගන්න එක. විශේෂයෙන්ම මතක තියාගන්න මෙතනදි ඔයාලට පුලුවන් ‘බොන්සායි’ ක්‍රමයට වගේ තඹ කම්බි වලින් අතු ඕන ඕන විදියට හදාගන්න. නැතත්.. ගහ උස යන්න දෙන්න එපා පුළුවන් තරම් කෙලින් යන අතු පාහින්න.

ම්.. මේ විදියට ඉතින් ගහේ අස්වැන්න එන්න නම් පොඩි කාලයක් යාවි.

ඒත්.. ඒ වගේම තමයි ගහත් කාලයක් තියාගන්න පුලුවන් වේවි!

Leave a comment