නිකම් ඉඳපු උදවියට නම් ඉතින්... කියන්න ඕන නෑනෙ. එයාලට කොහොමත් නිකම් ඉඳල පුරුදුයිනෙ. මං කියන්නෙ මොන මොනවට හරි පුරුදු වෙච්ච අයට?
මේ දවස් ටිකේ වහ කෑවා වගේ. ඒකත් පොත පත කියවන්න, චිත්‍ර අඳින්න, සංගීතයට වගේ හුරු වෙච්ච අයටත් මොන මොනවහරි කරගන්න පුළුවන්.
ඒත්... ඇවිදින්න, ගල් දිගේ බඩ ගාන්න, මුහුදත් එක්ක පොර බදන්න... වගේ වැඩවලට හුරුවෙච්ච අපිට, එහෙම නැත්නම් කැලේ කොළේ රිංගල සතා සීපාවා, කැමරා එක්ක දවස ගතකරන්න පුරුදු වෙච්ච අපිට... කිසිම පිළිසරණක් නෑ නේ...
අන්න ඒ නිසාමයි යාළු...
මමත් හොයල හොයල ම
ඔයාලා වෙනුවෙන් ම
ඇඟේ අමාරුවයි හිතේ අමාරුවයි දෙක ම යන්න කියල, කරන්න වැඩ ටිකක් ඔයාලට කියන්න කල්පනා කලේ.
ඉතින්... බලන්නකො එහෙනම්, මේ දවස් ටිකේ මේකෙන්වත් ගොඩ එන්න පුළුවන්ද කියල?
ගන්න... බැක්පැක් එකෙන් පටන් ගත්තාම අවුට්ඩෝ ඇඳුම් ටිකයි, බූට්, ස්ලීපින් බෑග්, ටෙන්ට්, කඹ, පිහි එතකොට ඔයා වෙන වෙන ඇඩ්වන්චර් ස්පෝර්ට් කරනව නම් ඒ ගියර්ස් සියල්ලම. අරගෙන... හෙමින් සැරේ එකින් එක, එකින් එක සුද්ද කරන්න පටන් ගන්න, ඒ ඒ බඩුවලට උචිත විදියට. සුද්ද කරලා... පිළිවෙළක් කරද්දි කොහොමත් දවස මදිවෙයි. හැරත් ඒ අතරට ඔයාට හම්බවෙන ඩැමේජ්?
වැදගත් ම පොයින්ට් එක! ඩැමේජ් රෙපෙයාර් කරන්න මේ වෙලාවෙ, ගෙදර තියෙන දේවල්වලින්, කරන්න පුළුවන් උපරිමයෙන් ම. බැරි ම ඒවා වෙනම ම අරන් තියාගන්න යහපත් කලදසාව උදාවුණාට පස්සෙ ගිහිල්ල, දීලා වැඩේ කරගන්න. හැබැයි එකක්, ඒවා රෙපායර් කරද්දී... රෙපෙයාර් එකේ වගකීම?
යාළු ක්ලයිම්බින්ග්, ඩයිවින්ග් වගේ ගියර්ස් නම් අනිවා... ප්‍රො ලෙවල් එකේ කෙනෙක්ගෙන් අත්දැකීම් ගන්න ම වෙනව. මොකද නැත්නම්...
ජීවිතයක්නෙ!
එහෙම සුද්ද පවිත්‍ර කරලා අඩුමකුඩුම ටික ලෑස්ති කලා කියමුකො. ඊට පස්සෙ මොකද කරන්නෙ?
එකක්, ඔයාට පුළුවන් ඒවා හරි පිළිවෙළකට අසුරන්න. ඒකට කාමරේ පොඩි ඉඩක් ගලප ගත්තත් අවුලක් නෑ. හැබැයි ඒ කෝකටත් කලින්...
එවලෙ වැඩේට බහිනව කියල හිතාගෙන ඒ බඩු ටික පැක් එකට ගහන්න. හොඳට කල්පනා කරල එහෙම. එතකොට... ඔය එදා මෙදාතුර ගියපු ගමන්වල, ඔයාට වෙච්ච අපහසුතා... විශේෂයෙන් ම “අඩේ පැක් එක ගෙනාවට වඩා වඩා බරයිනෙ බං දැං” වගේ ඒවා... කොහොමද වුණේ, ආයෙ එහෙම නොවෙන්න වගබලාගන්නෙ කොහොමද කියල ඔළුවට එයි.
අන්න එහෙම ඔළුවට එන, නැත්නම් හිතල හිතල ම ඔළුවට ගන්න, එහෙමත් නැත්නම් ඉන්ටනෙට් එකෙන් හරි කොහෙන් හරි හොයල, හොයා ගත්තු ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් සියල්ල...
හොඳ යාළුවො වගේ...
අත්හදා බලල...
කාට කාටත් පිංසිද්ධ වෙන්න කියල...
පහළින් කමෙන්ට් කරන්න!
කමෙන්ට් කරල ඇවිල්ල කම්පියුටර් එක ළඟින් වාඩි වෙන්න. මොකද ඒ වෙද්දී... ඔයා ඉන්නෙ නිකම් දැං ගමන ගියා නෑ වගේ තත්ත්වෙකනෙ. ඉතින් ඒ වගේ තත්වෙක ඉඳන් පරණ ෆොටෝ වීඩියෝ ටික බැලුව කියන්නෙ ආයෙ ගමන ගියා වගේම තමා. හැරත් ඒක හොඳ අවස්ථාවක්...
හෙමින් සැරේ බලල ඔයාගෙ ට්‍රැවල්, වයිල්ඩ්ලයිෆ්... මොන මොනවහරි ෆොටෝ ඩේටා බේස් එක පිළිවෙළක් කරගන්න. විශේෂයෙන් ම ගන්න බැරි ෆොටෝස් අයින් කරන්න, ඉතිරිව සියල්ල... තැන්වල නමින් හරි, ඇක්ටිවිටි නමින් හරි... ඔයාට කැමතිම විදියකට හරි ෆෝල්ඩ්ර්ස්වලට දාලා පිළිවෙළකට ම හදන්නකො.
හැදුවට පස්සෙ ඔළුවට එනව ගිහිල්ල තියෙන්නෙ කොහෙද, ගිහිල්ල නැත්තෙ කොහෙද කියල. අන්න ඒ ටික ඔළුවට ආවට පස්සේ... යන්න ගූගල් මැප්ස් එකට. ගිහිල්ල විශේෂයෙන් ම මෝසම් සහ අතරමැදි වර්ෂාපතනයන් තියෙන කාල ටික ඔළුවට අරගෙන ඒ වයින් බේරිලා නොගියපු පැතිවල රවුම් ගහන්න, හදන්න පුංචි පුංචි ප්ලෑන්, අඩු ම තරමේ... සැප්තැම්බර්වල තියෙන නිවාඩු ටිකෙන්වත් ඉස්සරහට!. මං කියන්නෙ ඊට කලින් ඉතින් විශ්වාසයක් තියන්න අමාරුනෙ මේ අපේ උන්දලැ කොරෝනා කරගෙන යන තත්ත්වෙත් එක්ක...
ඒ අතරට ඔයාට පුළුවන්. ඔයා මෙච්චර කල් නොකරපු, කරන්න අතිශය ආසාවෙන් ඉඳපු තව තව ඇඩ්වෙන්චර් ඇක්ටිවිටිස් ගැනත් හොයන්න පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි, එහෙම හොයද්දි ඔයාට මැප් එකත් ළඟ තියෙන නිසා... ඒවා ලංකාවෙ කොහෙද තියෙන්නෙ කියලත් හොයල සුපිරිම ප්ලෑන් එකකට යන්නත් පුළුවන් වෙයිනෙ. හැබැයි එහෙමයි කියල එතනින් නතර වෙන්න එපා. ඒ ඇක්ටිවිටීස්වල ප්‍රෝ ලෙවල් එකේ ඉන්න අයගෙ වීඩියෝ, බ්ලොග්, ඩොකියුමන්ට්‍රි බලල ඔයත් හිතින්ම ප්‍රෝ වෙන්න.
මොකද එතකොට වැඩේට බහිද්දි ලේසියි!
නිකමට කියන්නෙ. හිතමුකො ඔයාට නිකම්... බෝල්ඩරින්ග්, ෆ්‍රී ක්ලයිම්බින්ග් වගේ දෙයක් පටන් ගන්න ආසයි කියල. ඒත් ඉතින් ඒකට දැන් ප්‍රැක්ටිස් පටන් ගන්න විදියක් නෑනෙ. හැබැයි... ඔයාට පුළුවන් ඒකට අනුගත, අන්තර්ජාතිකය විසින් සහතික කරපු ව්‍යායාම ටික ගෙදරදිම පටන් ගන්න. එතකොට ඉතින් මේ මාසෙ දෙක ගිහිල්ල ඔයා වැඩේට බහිද්දි කොහොමද ෆිට්නස්!
ම්... ඒ හැරුණාම වත්තෙ ගහක් කොළක් තියෙනව නම්... කුරුල්ලෙක් දෙන්නෙක්වත් එනවත් නම්... ඔය වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ග්‍රැෆි කරන්න වගේ ආසාවෙන් ගත්ත කැමරා අඩුමකුඩුම... කබඩ් එකේ තියන්න එපා. උදෙන්ම නැගිටල, වත්තට බැහැලා, කැලේ ඉන්නව කියල හිතාගෙන, ගස්වලට මුවා වෙවී... ගහන්න ෆොටෝ... එක එක සෙටින්ග්ස්වල තියල... නෙට් එකෙනුත් බලල ඔළුවෙ තියාගෙන... ෆුල් රිසච් එකක් කරන්න පුළුවන්.
ඔය වගේ... සීයක් විතර කිව්වහැකි. ඒත්...
ඇඩ්වෙන්චර් ලයිෆ් එකක ඉන්න ඔයාට
මේ නිවාඩුවෙ
හරියට ම හරියන්නෙ නම්...
මොන ප්‍රැක්ටිස් කිරිල්ලටත් වැඩිය
මෙඩිටේෂන් ම තමයි!
Pranzo has an amazing view and serves pretty good Italian and 'Sritalian' fare.
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
5 places to try this weekend.
We tasted every locally brewed and available beer. In the name of science!
Delete Comment