Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 22 Apr 2021 Artwork for Coffee post sidebar 1-1959 new

මේ පාර.. පඩි කැපුවත් නැතත් ගෙදර ඉඳන් හම්බකරගන්න ටොප් ක්‍රම 5ක්!

ඔය කිව්වට ෂුවර් නෑනෙ යාළු.. සිද්ධිය දිගට ඇදුනොත් කලින්…

Posted by

ඔය කිව්වට ෂුවර් නෑනෙ යාළු..

සිද්ධිය දිගට ඇදුනොත් කලින් පාර වෙච්ච එකේ හොඳ එක මේ පාර වෙන්නෙ. ඒ නිසා කෝකටත් දැන්ම ලෑස්ති පිට ඉන්න. රස්සාවට අමතරව වටින් පිටින් තව රෝලක් ගහන්න..

1. උපදේශන

ම්.. ටිකක් බැරෑරුම් වැඩක්. හැබැයි පොඩි මහන්සියකින් සෑහෙන්න හම්බකරන්න පුලුවන්. ඇත්තටම මේක ගොඩක්ම සාර්ථක අන්තර්ජාලය හරහා අන්තර්ජාතිකයත් එක්ක කරන වැඩසටහන් වලට. ‘consultancy’ නැත්නම් ‘උපදේශන සේවා’ කියල ගූගල් කරල බැලුව නම් ඔයාට ඕන තරම් වෙබ්සයිට් හොයාගන්න පුලුවන් රෙජිස්ටර් වෙන්න. එතනදී.. ඔයාගෙ සුදුසුකම් නම් සියල්ලම පෙන්වන්න වෙනව. කොහොමවුනත් හරියට එක වැඩක් කලොත්… ඩොලර් එන්නෙ යාළු ඩොලර්!

2. මාර්කටින්ග්

දවසම ෆේස්බුක්, ඉන්සටග්‍රැම් සහ තවත් අනේක විද වෙබ් අඩවිවල සැරිසරන ඔයාට, ඒ සැරිසරන අතරේ පුංචි වැඩක් කරල ලොකු ගාණක් හම්බකරගන්න පුලුවන් කියල දැනගෙන හිටියටද? නෑ නේ.. එහෙනම් මතක තියාගන්න, ඔන්න ඔය පහලින් තියෙන වෙබ් අඩවි වලට ගිහිල්ල, ඒවයෙ දෙන මොන මළදානයක් හරි ඔයා යන යන වෙබ් අඩවිවල ප්‍රමෝට් කලාම.. ඒවා විකිණෙන විකිණෙන ගාණට, ඔයාට ඩොලර් වලින් හම්බවෙන්නෙ ඈ.. ඩොලර්වලින්. 

https://www.dcmnetwork.com/affiliate-marketing/daraz-affiliate-program/

https://www.bohubrihi.com/affiliates/

https://www.banglashoppers.com/banglashoppers-affiliate-program

https://www.bpo.com.bd/affiliate-marketing

3. කෑම

ඔයාට විතරක් නෙවෙයි රෝල ගහගන්න බැරුව ඉන්න තව කීප දෙනෙක්ට වුනත් ගොඩ යන්න පුලුවන් වැඩක්. හැබැයි ඉතින් මේකට ඔයාට උයන්න පුලුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් අඩුම තරමෙ ඔයා දන්න කුක් කෙනෙක් ඉන්න ඕන එකතු වෙලා වැඩේට බහින්න. එහෙම සෙට් නම්.. වැඩිය ඕන නෑ, ගෙදරදිම.. රයිස් ඇන්ඩ් කරි ටිකක් හරි.. රයිස්, කොත්තු ටිකක් හරි! හැදුවා, වීල් බයික් එකක් තියෙන යාළුවො දෙතුන් දෙනෙක්ට කිව්ව ඒවා ඩිලිවර් කරන්න ලෑස්ති කරගන්න කියලා. ප්‍රචාරණය දුන්නා සමාජමාධ්‍ය හරහා..

4. රෙදි සහ ඇඟලුම්

ඇත්තටම.. බ්‍රෑන්ඩඩ් කියන දේ අවශ්‍යතාවය ලංකාවෙ තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? කියන එක නිකමට හොයල බැලුව නම්.. ඇඟලුම් ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙන කොයිකාට වුනත් අදහසක් එනව, අපේ අයට ඕන බ්‍රෑන්ඩ් එකටත් වැඩිය ෆැෂන් එකයි, පැටර්න් එකයි, කල්පැවැත්මයි කියල. ඉතින්.. බැරිද අපේ රටේ සුළු සහ මධ්‍යම මට්ටමේ ඇඟලුම් ව්‍යාපාර කරගෙන යන අයට ඒ සම්බන්ධයෙන් අතහිත දෙන්න. හැමදාම සාය හැට්ට, ෂර්ට් ටීෂර්ට් කලිසම් මහන අයට, එතනින් එහාට හිතල පාරිභෝකියන්ගෙ අවශ්‍යතාවයට අනුව ඇඳුම් මහන්න. ඒ විතරක් නෙවෙයි ඒවා ගෙනැල්ල පොඩි ගණන්වලට ලොකු කඩ සාප්පු වලට දාලා මුදලාලිට ලාබ අරන් දෙන්න නෙවෙයි, නිෂ්පාදකයටම ගෙනැල්ල පාරිභෝගියකට විකුණන්න පුලුවන් විදියෙ ව්‍යාපාර වේදිකාවක් හදන්න?

5. ස්වයං රැකියා නිශ්පාදන

දන්නවද? කෑම කඩයකට වඩා ලාභයක් හඳුන්කූරු විකුණල හොයන්න පුලුවන් බව.. එහෙම කිව්වට පස්සෙ ඉතින් ආයෙ ලොකු ලොකු විස්තර ඔ්න වෙන එකක් නෑ. කොහොම වුනත් කාරි නෑ, හොඳ කොලිටි, ඒ වගේ නිශ්පාදන මිලදී අරගෙන පොඩි ලාභයක් එක්ක ලොකු වෙළඳපොල අල්ලන්න පුලුවන් නම්.. පාර්ශව තුනටම ලොකු සාධාරණයක් වේවි.

Leave a comment