Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

චොක්ලට් වෑහෙන.. රසම බ්‍රවුනි හිතේ හැටියට රස බලන්න කියාපු තැන් 6ක්

ආස නෑ කියන්න? කවුරුත් නෑ යාළු.. ඒ…

Posted by

ආස නෑ කියන්න?

කවුරුත් නෑ යාළු..

ඒ නිසාමයි මේ ලැයිස්තුවත්..

අපි වගේම චොක්ලට් වලට පෙම්බැඳි ඔයාලටත්!

හිතේ හැටියට, අතේ ඇති ගාණට..

රසම බ්‍රවුනි වලින් රස නහර පිනා යන්න,

බ්‍රවුනිම කවන්න ලෑස්ති කරන්නෙ.

1. Smokey’s Cafe

ගල්කිස්ස කොලේජ් ඇවිනියු එකේ තියෙන හරි ලස්සන ප්ලේස් එකක්. ඒ වගේම තමයි මෙයාලා ලඟ තියෙන බ්‍රවුනි එකත්.. හරිම ලස්සනයි වගේම සුපිරිම චොක්ලට් රසයි. බාග වෙලාවට තදම චොක්ලට් රසට අකමැති කෙනෙක්ට නම් හිතෙන්නත් පුලුවන් මේකෙ ඒ හැටි ගතියක් නෑ කියලත්. ඒත්.. මට නම්, පංකාදුම බ්‍රවුනි එකක් තමයි. අනික ගාණෙ හැටියට සෑහෙන්න වටිනවත් එක්කනෙ.

2. Chocolate Works

ගෙන්නගෙන කන්න තියෙන්නෙ. මොකද මෙයාලා මේවා හදන්නෙ ගෙදරනෙ. ඉතින්.. දවසක් දෙකක් තියල ඕඩරේ දැම්ම නම් අතටම ලැබේවි. අනිත් කාරණය තමයි, මතක තියාගන්න මෙයාලගෙ බ්‍රවුනි විතරක් නෙවෙයි බිස්කට් පුඩින්, කේක් වගේ දේවලුත් තියෙනව.

කොහොමහරී.. තරමක් ලොකු කෝප්පයක් පිරෙන්න එන මේ බ්‍රවුනී.. චොක්ලට් වලිනුත් අනූනයි. ඊටත් චොක්ලට් චිප්ස් එහෙමත් ඒකට දාලනෙ. කන්න කන්න ආස හිතෙන ගානට සොෆ්ට් ගතියත් තියෙන නිසා.. ඇත්තටම දෙකක් තුනක් වුනත්, කන්න පුලුවන් තනියමත්, ඕ...

3. Coffee & Company

කොල්ලුපිටිය පැරඩයිස් පාරෙ තියෙන සුපිරිම කැෆේ එකක්. එහෙම කිව්වාම ඉතින් ඒකෙ තියෙන්නෙ මොනවද කියල ආයෙ කියන්න ඕන නෑනෙ..

එක එක ජාතියෙන්, එක එක විදියට, එක එක කෝපි හිතේ හැටියට!

රස බලන ගමන්.. ස්නැක් ඩෙසට් එකකට වගේ.. චොක්ලට් රසෙන් අනූන බ්‍රවුනි කෑල්ලක්?

නරකද ලංකර ගත්තොත්? මොකද.. ඒකෙ ගාණත් ෂේප්. රසත්.. ටොපේ ටොප්.

4. Bakes by Bella

කොල්ලුපිටිය ජයවර්ධන පාරෙ තියෙන මේ තැනත් හරි ලස්සන කැෆේ එකක් තමයි. හැබැයි.. මෙයාලා ලඟ කෑම තොගයක් තියෙනව. විශේෂයෙන්ම ඉටලියන් කෑම, වෙස්ටන් කෑම වගේ. එතකොට.. ඒවා කාලා, කන්න ඩෙසට් අනං මනං එහෙමත් තොගයක් තියෙන එකනෙ වැඩේ. ඒ අතරිනුත් වැඩි හරියක්ම නැගල යන්නෙ චොක්ලට් ඩෙසට් ටික තමයි.

එහෙම කිව්වට.. බ්‍රවුනිත් ඒ අතරෙ උඩින්ම. ඇත්තටම ඩාර්ක්ම නැති චොක්ලට් පාවිච්චි කරල හදපු, තරමක් මෘදු බ්‍රවුනි එකක් නිසා, කාගෙ කාගෙත් ඒකට ඉල්ලුම වැඩියි.

5. September

මේකත් ගෙන්නගෙන කන්න තියෙන්නෙ. කලින් ඕඩරේ දාන්න ඕන ඒ නිසා. කොහොම වුනත් වැඩේ තියෙන්නෙ මෙයාලා ලඟ තියෙන බ්‍රවුනි ජාති ටිකනෙ. ජේඩි දාපුව, බෙරි වර්ග දාපුව, ඩාර්ක් චොක්ලට්.. කියල වැඩක් නෑ සුපිරිම ඉතින් ඈ. ඒකත් චොක්ලට් රසෙන් අනූන, මෘදු ගතියත් හොඳ හැටි තියෙන.. ගාණත් හරිම සාධාරණ.. වැඩියමත්.. ඔය පුංචි පාටියකට වගේ ඕඩර් කරන්න!

කියාපුම..

6. Badagini Station

බඩ පිරෙන්න බ්‍රවුනි කන්න..

මෙතනින් ගෙන්න ගන්න. මොකද මෙයාලගෙ බ්‍රවුනි ග්‍රෑම් 100ක්ම රු. 500ට අඩුවෙන් යන්නෙ. ඒකත් ජාති කීයකින් කියලද.

කෙහොමහරී.. රසම ඒවා අතරිනුත් නැගලම යන ඒව තමයි මෙයාලගෙ ටොබ්ලරෝන් බ්‍රවුනි, ඕරිඕ බ්‍රවුනි, කජු දාපු ෆජ් බ්‍රවුනි, නටෙලා බ්‍රවුනි වගේ.

ඒවයෙත් රසවල් නම්..

එක්කො ඕන නෑ.. වගකීමෙන් කියන්නෙ, ගෙන්නගෙන කාලම බලන්නකො.

ඒ හැරුනාම ඉතින් තව තව ඔයාලා දන්න තැන් තියෙනව නම් ඒවත් හෙමින් සැරේ කමෙන්ට් කරගෙන යන්න හොඳේ..!

Leave a comment