Artwork for Coke with food - top banner
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for PMF essentials sbb 2

උණු උණු පෝර්ක් කරියක්, පෝරණු පාන් ගෙඩියක්! හිතේ හැටියට රස බලන්න හොඳම කඩ 6ක්

මේ පෝර්ක් කරි හරි බ්ලැක් පෝර්ක් හරි කරියක්…

Posted by

මේවට ඉතින් ඇත්තටම පෙර විපරුම් ඕනත් නෑ. මොකද අපේ යාළුවො නොදන්නවයැ..

පෝර්කුයි පානුයි කිව්වාම නේ..?

ඒත්.. කමක් නෑ, අපි කියන්නම්කො.

මෙහෙමයි, මේ පෝර්ක් කරි හරි බ්ලැක් පෝර්ක් හරි කරියක් එක්ක පෝරණු පාන් කන සිද්ධිය සෑහෙන්න නැගල යන වැඩක්. වෙන දෙයන් නිසා නෙවෙයි, ඇත්තටම ඒකෙ තියෙන.. තලු මැරෙන රසයි, රස නහර පිනා යන පදමයි නිසා. ම්.. සමහර උදවිය මේ වැඩේට ගෝදම්බ රොටි, පරාටා වගේ දේවලුත් පාවිච්චි කරනව. කොහොම වුනත් මේකෙ ඔරිජිනල්ම රස එන්නෙ නම් පෝරණු පාන් එක්කම තමයි. අනිත් කාරණය තමයි,

මේ.. රෝස්ට් පානුත් මේ වැඩේට නරකම නෑ!

හැරත් ඒකට කාරිත් නෑනෙ. මොකද අපේ මේ ලැයිස්තුව..

අපේම පෝර්ක් යාළුවන්ට,

හොඳම පෝර්ක් කරිය අරගෙන,

කැමතිම දේත් එක්ක රස බලන්නනෙ.

1. The Porky Nator

කලබල වෙන්න එපා, කලබල වෙන්න එපා.. මෙතන බඩු ගණන් වුනාට, එකක් රස හොඳයි අනික හැම තැනම තියෙන පෝර්ක් වගෙත් නෙවෙයි. ඒකයි ඉස්සෙල්ලම අපි මේ තැන ගැන කියන්න කල්පනා කලෙත්. හැරත් අතමිට සරු අයට මුලින්ම තැනක් කිව්වාම වැඩේ ඉවරයිනෙ. ඊට පස්සෙ අපිට, අපේ පාඩුවෙ අඩු ගාණට බඩකට පුරව ගන්න පුලුවන්නෙ.

මේ ප්ලේස් එක තියෙන්නෙ නුගේගොඩ. කලින් ඕඩර් කරල තමයි කෑම ගන්න ඕන. අනික අඩුම කිලෝ 1ක් ගන්නත් ඕන. හැබැයි කිලෝ වුනාට පාඩු නම් නෑ.. මොකද මෙතන තියෙන පෝර්ක්වල රසනෙ. ෂැහ්! කියල වැඩක් නෑ යාළු ඇස් පියාගෙන තරු 5ක් දෙන්න පුලුවන්. හිතන්නකෝ.. ස්මෝක් කරපු පෝර්ක් රිබ් මිරිස් තුනපහ පදමෙ, පදම් වෙන්න ඇරල කොච්චි එක්ක උයල කරල ගත්තාම..? පාන් නෙවෙයි, බේකරියක් කතහැකි. අනිත් එක මෙයාලගෙ කොච්චි පෝර්ක් එක. ඒකෙ තියෙන්නෙ පෝර්ක් කෑලි. තුනපහ රසින් අනූන වෙන්න හදල, කොච්චිත් එක්ක උයල. හප්පේ.. කියල වැඩක් නෑ ඉතින්. තලු මර මර වැඩේ දුන්නහැකි.

2. Wije Food Center

එහෙනම් ඔන්න අපිටම හරියන අපේම ප්ලේස් එකක්. ටොප්.. පෝර්ක් කරියක් රු. 200-300ට ගන්න. අරගෙන පාන් ගෙඩියක් හරි පරටාත් හරි අරගෙන.. කඩේ ඉඳන්ම ඇති හැටියට කන්න. කාලා ස්ට්‍රෝන්ග් ටී එකකුත් ගැහුවාම කෙලින්ම කිඹුල වගේ. ‘හුම්..’ කියා ගන්න බැරුව යනව යාළු. ඇයි ඉතින් පෝර්ක් කරියෙ තියෙන්නෙත් තනිකරම මස්. තෙල් කෑලි ඕන නම් 3, 4ක් තියෙයි උපරිම. ඊටත් හොද්දයි බොර ටිකයි.. රස නහර පිනා යයි කිව්වලු.. ආහ්, ඒක නෙවෙයි මේ කඩේ තියෙන්නෙ බත්තරමුල්ල කොස්වත්තෙ ඈ..

3. Kala Balan -  Mahagedara

නම කියද්දිම ඉතින් දන්නවනෙ. තියෙන්නෙ රත්මලානෙ. ඒ වගේම තමයි මෙයාලගෙ පෝර්ක් කරිය ගැනත් ගොඩ දෙනෙක් දන්නව.

ඇත්තටම බත් කඩ අතරින් හොඳම පෝර්ක් කරියක් තියෙන කඩයක් කිව්වොත් ‘කාලා බලං’ එක හරියටම හරි. වැඩේ තියෙන්නෙ එයාලගෙ ලන්ච් ටයිම් එකට ගිහින් මේ පෝර්ක් කරිය ගන්න අමාරු එක තමයි. ඒ තරම් ඉල්ලුමනෙ යාළු. හැබැයි ටිකක් දවල් වෙලා ගියා නම් ගන්න තිබ්බ. කොහාමවුනත් වගකීමෙන් කිව්වහැකි ට්‍රයි කරල ගත්තොත්.. ගෙදර ගිහින් හවසට පෝර්ක් පාටි තමයි රෑ වෙනකම්මත්!

4. Araliya Food Center

හම්මෝ.. මේව තැන් නෙවෙයි, ලෝ බජට් යන අපිට සුර පුර!

කිව්වට විශ්වාස කරන්න, මතක හිටින පෝර්ක් කරියක් කන්න, යන්න හොඳම තැන් අතරින් එකක් තමයි ‘අරලිය’. තුනපහ, මිරිස්, ඇඹුල් එක්ක මැටි ඇතිලියකද කොහෙද හින්දපු පෝර්ක් එකක්. ඒකේ.. හොදි අඩුයි බොර වැඩියි. හැබැයි එහෙමයි කියල පාන්, රොටි..

බත්, ඉඳි ආප්ප නෙවෙයි, බඩ ඉරිඟු දුන්නත් කන්න පුලුවන් තරම් රසයි. සත්තයි, බොරු කියන්න ඕන නෑනෙ යාළු, ඒ පෝර්ක් කරිය ගැන නම් මට තාම හිතා ගන්න බෑ..

5. Rasa Piyasa

වැල්ලවත්ත බෝඩරේ, මායා ඇවිනියුවල තියෙන රස පියසත් නම ගිය බත් කඩයක්. ඒ නිසාමද මන්දා මෙයාලගෙත් පෝර්ක් එකත් ටොපේ ටොප්. පාන්, පරාටා වලට විතරක් නෙවෙයි ඇත්තටම උණු උණුවෙන් බත් කන්න වුනත් කියාපුම. බලන්න ඕන ඒකට පොඩි පරිප්පු ටිකකුත් එකතු වුනාම. ආයෙ රඹටි හැලෙන්න දෙසුවහැකි යාළු හොඳේ. හැබැයි වැඩේ තියෙන්නෙ මෙයාලගෙ පෝර්ක් එකේ ගාණට වගේනෙ මිරිස්, තුනපහ ටික තියෙන්නෙ. එතකොට… තෙල් කෑලිත් තරමක් තියෙනව. ඒත් ගාණත් එක්ක බැලුවාම නම් අවුලකුත් නෑ ඇත්තටම.

6. Himsara Foods

තිඹිරිගස්යාය ජාවත්ත හංදිය කිට්ටුවම. නම ගිය බත් කඩයක් වගේම නම ගිය පෝර්ක් කරියක්. එකම අවුල තියෙන්නෙ මෙයාලගෙ පෝර්ක් කරියෙ තෙල් කෑලි ටිකක් වැඩි එක. එහෙම නැති වුනා නම්.. ආයෙ පාන්, පරාටා ලොරි වලින් යන සයිස් එකට. ඇයි යාලු සුපිරි හොද්දක්නෙ ඒක. හොඳහැටි හින්දිලා.. බොර ගතිය මතුවෙන්න. තුනපහ, මිරිස් අඩුම කුඩුම ටිකත් මදි නොකියන්න.. පිස්සු හැදෙනව!

හැබැයි වැඩේ තියෙන්නෙ එහෙම පිස්සු හැදුනට,

ඔය පෝර්ක්

ඔය තරම්

හැමදාම කන එක නම්,

එච්චරම හොඳ නෑ..

මොකද කොලෙස්ටරෝල් හැදුනාම

කවුරුත් නෑනෙ වගකියන්න, හ්ම්..!

Leave a comment
Last 7 Days

Trending Today