Artwork for U Pay - PickMe Dec  2018 -06.12.2018

ආප්ප, බිත්තර ආප්ප එක්ක සුපිරි මාළු හොද්දක්! රස බලන්න කියාපුම කඩ 6ක්

හැන්දෑවට උණු උණු ආප්පයක් බිත්තර ආප්පයක් එක්ක රස…

Posted by

හැන්දෑවට හැන්දෑවට වැටෙන වැස්සත් එක්ක… කොහොමද ගෙදර යද්දි එන බඩගින්න?

ඉවසන්න තියා දෙයියෝ, හිතන්නවත් බෑ ඉතින්!

වැඩේ කියන්නෙ එහෙමයි කියල ගෙදර පේන මානයෙ තියාගෙන රු. 200, 300ක් නිකරුනේ නාස්ති කරන්නත් බෑනෙ. අන්න ඒ වෙලාවට තමයි රු. 100ට, 150ට පොඩි බඩගින්න ෂේප් කරගන්න කියාපු තැනක් ඕන වෙන්නෙ. ඔය ආප්පයක්, බිත්තර ආප්පයක් වගේ කාලා උණු උණු ප්ලේන්ටියක් ගහලා… ලාවට රිෆ්‍රෙෂ් වෙන්න, එහෙම නැත්නම් රොටියක්, පාන් බාගයක් එක්ක රස මස් හොද්දක්වත්!

ඉතින් ඒ නිසයි අපි.. කල්පනා කලේ… හැන්දෑවට උණු උණු ආප්පයක් බිත්තර ආප්පයක් එක්ක රස කට්ට සම්බෝලයක් හරි මාළු හොද්දක් හරි ගලපලා, පදමට බඩ කට පුරව ගන්න හොඳ කඩ ටිකක් ඔයාලට කියන්න. ඒකත් නිකම් නෙවෙයි, අඩු ගාණට කොළඹ අවටින්ම! මොකද එතකොට කාට කාටත් පුලුවන්නෙ රස්තියාදු නොවී, වැස්සෙ වුනත් ගෙදරටම දුවන්න…

1. Pela

දෙල්කඳ හංදියෙන් නුගේගොඩ පරණ හංදිය පාරට හැරෙනවත් එක්කම! තියෙන පැලේ හැන්දෑවට තමයි ආප්ප, බිත්තර ආප්ප එළි බහින්නෙ. මොකද ගොඩ දෙනෙක් හැන්දෑවටනෙ උණු උණු ආප්ප හොයන්නෙ. ගමේ ටයිප් එකට හැඩවුනු මේ කඩේ ආප්ප කන්නත්, ගමේ රහටම හැදුනු කට්ට සම්බෝලයක් මේසට එනව. හැබැයි ඊට වඩා රසයි මාළු හොද්දත් එක්ක පරිප්පු කලවම. එහෙම නැත්නම් චිකන් ලිවර් එක්ක චිකන් හොදි ටිකක් ගත්තත් නරකම නෑ. කොහොම වුනත් හිතේ හැටියට, බඩ කට පිරෙන්න ආප්ප කන්න, මෙතන වියදම වෙන්නෙ නම් රු. 100, 150ක් වගේ තමයි, උපරිම.

2. Taste of Asia

වැල්ලවත්තෙ පාළම ලඟ වගේම කොම්පඤ්ඤවීදියෙත් තියෙන ‘ආසියාවේ රස’යෙත් තියෙනව සුපිරිම ආප්ප, බිත්තර ආප්ප, පැණි ආප්ප ටිකක්. වැඩේ කියන්නෙ මෙතන දවල්ටත් ආප්ප තියෙන එකනෙ. අනික මෙයාලගෙ ආප්ප කන්න මාළු, පරිප්පු විතරක් නෙවෙයි කිරි මාළු, මට්න් වගේ සුපිරි කරි ටිකකුත් තියෙනව. එහෙමයි කියල ඉතින් ඒවම ගන්න ඕනත් නෑ. ඔය සේවක මිත්‍රයෙක්ට කිව්ව නම් හොදි මික්ස් ටිකක් ගන්න පුලුවන්. හැබැයි එකක් මතක තියාගන්න, මෙතනින් අනිවා ගම්මිරිස් දාපු හාෆ් බොයිල් බිත්තර ආප්පයක් කන්න. මොකද ඒක වෙනමම ආතල් එකක්!

3. Alumka Cateres

තලවතුගොඩ, බත්තරමුල්ල හංදි පැත්තෙන් කටට රසට ආප්පයක් කනව නම් ඉතින් මේක තමයි තැන. හැබැයි මෙතන ටේක් අ වේ. ඒ නිසා කලවම් හොදිත් එක්ක ආප්ප ගන්න ටිකක් අමාරුයි. ගොඩක් වෙලාවට කට්ට සම්බෝල තමයි ලැබෙන්නෙ. එහෙමයි කියල ඒකෙ අවුලකුත් නෑ. මොකද හායි හූයි ගෑවෙන සැරට හැදිච්ච සම්බෝලෙනෙ. හැරත් රු. 100ක විතර මාළු හොදි එහෙම වුනත් මෙයාලගෙන් ගන්න පුලුවන්නෙ.

4. Upawansha

අපි ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම කටට රසට උණු උණු ආප්ප කාපු ප්ලේස් එකක්. තියෙන්නෙ බොරැල්ල හංදියෙම වගේ. අවාසනාවට දැන් නම් මෙයාලගෙ ආප්ප වලට එන කට්ට සම්බෝලෙ ගන්න දෙයක් නෑ. ඒ නිසා හොඳම වැඩේ තමයි කලවම් හොද්දක් ඉල්ල ගන්න එක. මොකද උපවංශ එකේ කිරි මාළු, මිරිස් මාළු එහෙම හරිම රසයි. හැරත් පරිප්පුත් එක්ක කලවම් වුනාම පංකාදු පහයි. අනික හොදි ටිකක් ගන්නවට මෙයාලා ලොකු ගාණක් ඉල්ලන්නෙත් නෑනෙ.

5. New Prema

වැඩ ඇරිලා තලවතුගොඩ හංදියෙන් සෙන්දු වෙන ගොඩ දෙනෙක්ගෙ ෆේමස් ප්ලේස් එකක්. මොකද මෙතන ඉස්සර ඉඳන්ම ආප්ප වලට ප්‍රසිද්ධයි. මෙයාලගෙ හාෆ් බොයිල් බිත්තර ආප්පෙ එහෙම තියෙනවා.. පංකාදු පහට. පදමට ලුණු, ගම්මිරිස් එහෙම දාලා. ඊටත් මෙයාලගෙ මාළු, පරිප්පු කලවම් හොද්දත් සුපිරිනෙ. ආප්ප එක දෙකක් නෙවෙයි, ගමකට කෑ හැකි, ගමකට ඒකත් එක්ක.

6. Senkada Salaka

දවාලෙ ඉඳන්ම ආප්ප කන්න පුලුවන් කොළඹට ලඟම තැනක් තමයි ටවුන්හෝල් සලාකා රෙස්ටුරන්ට් එක. වැඩේ කියන්නෙ මෙයාලගෙ සර්විස් එක ටිකක් අවුල් එක තමයි. දෙයක් කියල ඉතින් පැයක් විතර බලන් ඉන්න ඕන වැඩේ වෙනකම්. ඒත් කෑමවල රස ටොප් නිසා ඉවසන්න පුලුවන් කෙනෙක්ට නම් ලොකු අවුලකුත් නෑ. අනික මෙයාලගෙ ගණනුත් සෑහෙන්න අඩුවෙන්නෙ යන්නෙ. ආ.. අනිත් අවුල තමයි මෙතනින් කලවම් හොදි නම් ගන්න වෙන්නෙ නෑ. ඒත් ඉතින් මාළු කරියක් වගේ ගන්න පුලුවන් නිසා එච්චර හිතන්න දේකුත් නෑ ඉතින්.

ඒ හැරුනාම ඉතින් තව ආප්ප කන්න කඩ නම් ඕන තරම් කොළඹ වටේ තියෙනව. ඒවයින් හොඳ මොනවද නරක මොනවද කියල ගිහිල්ලම බලන්න ඕන නිසා එක පාරට කියන්න බෑ. ඒත්... ඔයාලට පුලුවන් කාට කාටත් උදව්වක් වශයෙන් ඔයාලා දන්න ආප්ප කඩ හෙමින් සැරේ කමෙන්ට් කරගෙන යන්න. එතකොට අපිට බැරියැ වෙලාවක් තියෙන විදියක් අල්ල ගොඩ වෙලා ඇවිත් විස්තරේ කියන්න, නේ…!

See 1 Comment
Last 7 Days

Trending Today