Artwork for Better Parenting Top Banner 1
Artwork for Better Parenting Top Banner 2

බත්, පාන්, රොටි එක්ක.. ‘හොඳම පෝක් කරි’ අඩුම ගාණට කන්න කියාපු කඩ 6ක්

ම්ම්… නිකම් ‘පෝක් වගේ’! මොකද අපේ පෝක් ෆෑන්ස්ල…

Posted by

කාලෙකට පස්සෙ ඉතින්..

අපි කල්පනා කළේ, අපේ කෑම යාළුවන්ට අලුත් අලුත් දේවල් ටිකක් ආයෙත් ගේන්න කියල.

ම්ම්… නිකම් ‘පෝක් වගේ’!

මොකද අපේ පෝක් ෆෑන්ස්ල සෑහෙන්න ඉන්නවනෙ. කටට රසට, උණු උණුවට... මදි නොකියන්න මිරිස් තුනපහ රස පදමත් තියාපු, සුපිරි පෝක් එකක් එක්ක! හිතේ හැටියට බත්, පාන්, රොටි රස බලන්න.

ආස නැද්ද ආ…

එහෙනම් මෙන්න, අද ම යන්න. කොළඹ වටේ සුප්ප ම පෝක් කරි, බ්ලැක් පෝක්, පෝක් ස්ටු තියෙන කඩ සෙට් එකක් ම.

1. Kala Balan Maha Gedara

රත්මලාන ගාලුපාර අයිනෙ තියෙන ටොප් බත් කඩයක්. මෙයාලගෙ පෝක් කරියක් තියෙනවා රු. 300යි... සුදු බතට නම් එහෙමයි රතු බතට නම් එහෙමයි කියන්න. ඇයි අප්පේ ඒකෙ තියෙන රස! බැලූ බැල්මට නම් බ්ලැක් පෝක් වගේ. ඒත් කද්දි, බ්ලැක් රසට බැලන්ස් වුණු කරි රසකුත් තියෙනව කියන්නකො. මිරිස් තුනපහ, මස්කරි රස වගේම ගොරක සුදුලූනු, ලුණු ඇඹුල් පදමත් නූලට. කිව්වට විශ්වාස කරන්න යාළු ඒ කරිය... පුළුවන් නම් අරන් ගිහින් පෝරණු පාන් ගෙඩියක් එක්ක හරි පරාටා ටිකක් හරි එක්ක ගලපල බලන්නකො, පිස්සු ඈ…

2. Machan

කවුරුත් දන්න ‘මචං’ එකේ.. බ්ලැක් පෝක් විත් යෙලෝ රයිස් එක, රු. 650යි. ආයෙ ඉතින් ලංකාවෙ එදා සිට අද දක්වා රස වෙනස් නොවුණු එකම බ්ලැක් පෝක් කරිය! කුකා මාරුවුණත්, මැනේජර් මාරු වුණත් පෝර්ක එකේ රස ඇති එලෙසට ම.

ආ නැද්ද…

ඇත්තටම මචං බ්ලැක් පෝක් එක කියන්නෙ ෂුවර් කරල ගිහින් ගන්න පුළුවන් පෝෂන් එකක්. මොකද ඒකෙ සැර වගේම ලුණු ඇඹුල්, තුනපහ රසත් නූලට. ඒ වගේම තමයි ඒක බත්වලටත් වඩා හරියන්නෙ පාන්, රොටි වගේ දෙයකට. මොකද හොඳ ගනේට හිඳුන හොද්දක් එක්කනෙ එන්නෙ.

ඒ වගේම තමයි මචං එකේ පෝක් ස්ටු එකත්, රු. 650යි. පංකාදු පහට අමු මිරිස්, මාළු මිරිස්, ගම්මිරිස්, කැරට් ලීක්ස්, තක්කාලි... හොඳ හැටි තුනපහත් දාලා, රස පදමට හොද්දත් තියෙන්න හදාපු කරියනෙ. රෝස් පාන් ගෙඩියකට වගේ සෙට්වුණා කියන්නේ…

3. The Exchange Pub

හිතන්න අමාරුයි තමයි මේ වගේ තැනක ඒ වගේ දෙයක් තියේවි කියල. ඒත් තියෙනව, රු. 800ක් වගේ වෙන්නෙ. තඩි රෝස් පාන් ගෙඩියක් එක්ක මැටි ඇතිලියක එන ටොප් බ්ලැක් පෝක් කරියක්. හැබැයි එකක් කියන්න ඕන, මෙයාලගෙත් බ්ලැක් පෝක් කිව්වට ඒකෙ බර තියෙන්නෙ පෝක් කරි පැත්තට. මොකද අර ලුණු ඇඹුල්, ගොරක සුදුලූනු පදමත් එක්ක එන බැදපු තුනපහ මස්කරි රස ටිකක් අඩුයි. ඒ වෙනුවට තියෙන්නෙ නොම්මර එකේ මස් කරියක තියෙන්න ඕන හොඳ ඝන හොදි ගතියයි, මස් රසයි තමයි. කොහොම වුණත් ඉතින් කොටුවෙ හරියෙන් මේවගේ පෝක් කරියක් හොයාගන්නව කියන්නෙත් මාරම වටිනවනෙ!

4. Matara Bath Kade

හැමතැනම නෑ... හැබැයි තියෙන තැන හැමදාම තියෙනව. යන්න බත්තරමුල්ලෙ මාතර බත් කඩේට. ඔරිජිනල් ම මාතර බත් කඩයක් හොඳේ. දෙනව පෝක් එකක්... රු. 300කට වගේ කරියක් ගන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් හොද්දත් ඇති බඩකට පුරවගන්න. එකම අවුල තියෙන්නෙ එයාලගෙ කරියෙ සමහර වෙලාවට තෙල් කෑලි පොඩ්ඩක් වැඩි එක තමයි. ඒකට කරන්න තියෙන්නෙ පොඩ්ඩක් පරක්කු වෙලා යන එක. එතකොට අන්තිම හරියනෙ. අඩියට බැහැපු පොඩි පොඩි මස්කෑලි තොගයක් සෙට්වෙනව. ඒකත් හොඳහැටි මිරිස් තුනපහ අල්ලල නිසා… ඕන දේකට ඔට්ටුයි ඉතින්.

5. Rasa Piyasa

මෙතනත් තියෙන්නෙ බත් සමඟ පෝක් තමයි. ඒකත් නෝමල් පෝක් කරි. හැබැයි රු. 200කට වගේ එකක් ගන්න පුළුවන්. මෙයාලගෙ කරියෙ තියෙන විශේෂත්වය තමයි හොඳ හැටි මිරිස් තුනපහ එකතු කරල තියෙන එක. කොටින්ම කියතොත් බ්ලැක් පෝක් එකක් හොද්දට හැදුව වගේ.

ම්ම්… සුපිරිම කියන්න අමාරු වුණාට මොකද යාළු උණු උණුවෙ ගත්තාම... පෝරණු පාන් ගෙඩියකට නැත්නම් පරාටා, ගෝදම්බ රොටි වගේ දේකට නම් පංකාදු පහයි ඈ!

ආ... කියන්න බැරි වුණානෙ. මේ කඩේ තියෙන්නෙ හරියට කිරුලපන බෝගහ යට ඉතින්.

6. Lakrasa Caterers

පානදුර ගාලු පාර අයිනෙ තියෙන ප්ලේස් එකක්. මෙයාලගෙත් තියෙනව බ්ලැක් පෝක් කරි, පෝක් ස්ටු, පෝක් කොත්තු වගේ පෝක් වැඩ තොගයක්. වැඩේ කියන්නෙ ඉතින් රු. 400-600 අතරෙ යන මේවයෙ රස වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන එක තමයි. ඒ කියන්නෙ මම දවසක් ගිහින් කෑවා පෝක් ස්ටු එකක් නිකම් පිස්සු හැදෙනව ඈ.. අඩුවක් පාඩුවක් නෑ දෙයියනේ කියල අමු මිරිස්, මාළු මිරිස්, ගම්මිරිස්, කැරට් අල හැම එකම වගේ පිරිලා. ඒ විතරක් නෙවෙයි තෙල් කෑලි අඩු පෝක් කෑලිත් තොගයයි.

හැබැයි පස්සෙ දවසක ගත්ත බ්ලැක් පෝක් එකක්, චැහ්! නිකම්ම නිකම් කරිය කියන්නකො. කොටින්ම කියතොත් පෝක්වලට මිරිස්, තුනපහවත් හරි හැටි අල්ලල නෑ.

හැබැයි ඒ පැත්තෙ උදවිය නම් කියන්නෙ මෙතන තමයි තැන කියල.

ඒකට කාරි නෑ. ඔය කොයි කොයි තැනට ගියත් ඔයාලා කල්පනාවෙන්. හොඳහැටි බලල කරල වැඩේට බහින්න හොඳේ!

See 1 Comment
Last 7 Days

Trending Today