ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්!
මතකයි නේ අර ඩිස්නි ෆිල්ම්ස් පටන්ගන්නකොට වැටෙන රත්තරන් පාට තඩි ලෝගෝ එක. මේ ලෝගෝ එක යද්දි ප්ලේ වෙන මියුසික් පාට් එකත් අපේ කනට හොඳට පුරුදුයි. ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ ලෝකේ ප්‍රසිද්ධ ම ෆිල්ම්ස් හදපු, එන්ටටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඉහළින් ම වැජඹෙන නමක්. වෝල්ට් ඩිස්නි සමාගමට තමයි අයිති. හැබැයි මෙතනින් එහාට ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් නෑ කියලයි ආරංචි.
වාර්තා වෙන විදිහට ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් කියන ටීවී ස්ටුඩියෝ බ්‍රෑන්ඩ් නේම් එක වහන්න ඩිස්නි සමාගම තීරණේ කරල තියනවා. ඒ වෙනුවට ‘ට්වෙන්ටියත් ටෙලිවිෂන්’ නමින් අලුත් බ්‍රෑන්ඩ් නේම් එකක් හඳුන්වා දෙන්නයි ඩිස්නි සමාගමේ කල්පනාව. මේ බව ඔවුන් නිවේදනය කළේ පහුගිය සඳුදා.
ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් නමේ ‘ෆොක්ස්’ කෑල්ල විතරක් හලන්න පහුගිය ජනවාරි මාසේ ඩිස්නි සමගම තීරණේ කළා ඕගොල්ලන්ට මතක ඇති. ඉන්පස්සේ ඒ නම හැඳින්වුණේ ට්වෙන්ටියත් සෙන්චරි ස්ටුඩියෝස් නමින්. මේ තියෙන්නේ ඒකෙ දෙවැනි පියවර කියලයි ප්රවෘත්ති වාර්තා කියන්නේ. ඒ කියන්නේ දැන් ‘ෆොක්ස්’ විතරක් නෙමෙයි, ‘සෙන්චරි’ කියන වචනෙත් නමෙන් ඉවත් වෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ ඩිස්නි සමාගම මේ ස්ටුඩියෝ එකේ ඩොලර් බිලියන 71ක වත්කම් අත්පත් කරගැනීම.
‘ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්’ ඇරඹුණේ 1935දි. ඒ ට්වෙන්ටියත් සෙන්චරි පික්චර්ස් සහ ෆොක්ස් ෆිල්ම්ස් යන සමාගම් දෙකේ එකතුවෙන්. හොලිවුඩ්වල නිෂ්පාදනය වුණු හොඳ ම ෆිල්ම්ස් රාශියක උපන්ගෙය වුණේ මේ ෆිල්ම් ස්ටුඩියෝ එක. ස්ටාර් වෝස්, ද සවුන්ඩ් ඔෆ් මියුසික්, ඩයි හාඩ්, හෝම් අලෝන්, අයිස් ඒජ්, එක්ස් මෙන්, ඒලියන්, ඩොක්ටර් ඩූලිට්ල්, ප්ලැනට් ඔෆ් දි ඒප්ස්, ඇල්වින් ඇන්ඩ් ද චිප්මන්ක්ස්, ඇවටර්, ඩෙඩ්පූල් වගේ ෆිල්ම්ස් වගේ ම ද සිම්ප්සන්ස්, මොඩර්න් ෆැමිලි වගේ ටීවී ෂෝස් එහෙම ඕගොල්ලො බලල ඇති නේ.
මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ ඉඳන් පෙන්නන ඩිස්නි ටීවී සීරීස්වල ඉඳන් මේ අලුත් ලෝගෝ එක ඇපියර් වෙන්න නියමිතයි. මීට අමතරව ඒබීසී ස්ටුඩියෝස් සහ ඒබීසී සිග්නේචර් ස්ටුඩියෝස්, ඒබීසී සිග්නේචර් නමින් රීබ්‍රෑන්ඩ් කරන්නත්, ෆොක්ස් 21 ටෙලිවිෂන් ස්ටුඩියෝස්, ටච්ස්ටෝන් ටෙලිවිෂන් නමින් නම් කරන්නත් නියමිතයි.
ෆොක්ස් සමාගමට අයිති අනෙක් වත්කම් වෙන ෆොක්ස් එන්ටටේන්මන්ට්, ෆොක්ස් ස්පෝට්ස්, ෆොක්ස් නිව්ස් වගේ ඒවා එක්ක පැටලෙන්න පුළුවන් නිසා, ඩිස්නි සමාගමට අයිති ෆොක්ස් වත්කම්වල ෆොක්ස් නම ඉවත් කරන එක වඩා හොඳයි කියන එකයි බොහෝ දෙනාගේ අදහස. කොහොම වුණත් මේ විදිහට නිමා වෙන්නෙ අවුරුදු 85ක් තිස්සේ මුළු ලෝකය ම ආස්වාදයට පත් කරපු නමක්. ඒ නිසා මේක ලෝකේ පුරා ඉන්න ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් ප්‍රේක්ෂකයන්ට නම් සෑහෙන කනගාටුදායක පුවතක් වෙයි...
Chocolate-biscuit-pudding is a dessert unique to Sri Lanka - here's an aunty showing you how it's done
There's a new 1979 in Dehiwala now, with BYOB and Sri Lankanised Chinese food.
A list of 15 places for your next day outing.
දත් දෙපෙළ නිරෝගිමත් ව තබාගන්නේ කොහොමද?
A 100%, home-grown brunch spot in Borella, serving up some fantastic Continental and Lankan treats.
Delete Comment