Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

ඉස්සො වඩේ ඇන්ඩ් නයිට් මේල් ෆුට් බෝඩ්! ‘කන්දෙපුහුල්පොල’ නිම්නය සොයා... 3 කොටස

ගල් කණ්ඩිය උඩින් බැලුවාම පහල වගේ පෙනුනට…

Posted by

පැය බාගයක විතර විරාමයකින් පස්සෙ අපි ආයෙත් ගමනෙ.

එතන ඉඳන්... ඇත්තටම වැඩි වෙලාවක් ගියෙත් නෑ අපිට සමිට් බෝඩ් එක ළඟට එන්න. වැඩේ වුණේ අර ගමේ කන්ටැක්ට් එකෙන් කියපු අඩි පාර හොයාගන්න බැරි වෙච්ච එක තමයි. කොටින්ම කියනවා නම් ඒක හොය හොය ම අපි එහා මෙහා පැය බාගයක් විතර ගියා. ගිහිල්ලා බැරි ම තැන තමයි වතුර පාරක් කියලා හිතන්න පුළුවන් පොඩි දිය සීරාවක් තියෙන තැනකින් පහලට බහින්න පටන් ගත්තෙ.

“වෙන වතුර පාරවල් තිබ්බෙත් නෑනෙ බං නේ? හැබැයි මේක ගමට යනකම් යනවා කියන්නේ...”

“ඔච්චර හිතන්නෙපා බං. යමංකො. කොහෙට හරි මතුවෙයිනෙ. ඒක නෙවෙයි තාම සිග්නල් පොඩ්ඩක් තියෙන නිසා මැප් එකක් දාගනින්. දිසාව හරි බලාගන්න බැරියැ”

කට්ටියගෙ ප්ලෑන් එක වුණේ එක්කෙනෙක්ගෙ ෆෝන් එකෙන් මැප් එක දාගෙන බැටරි 30% වෙනකම්ම අදින්න. ඊට පස්සෙ ඊළඟ එක්කෙනා...

ඇරඹුමේ ම ගමනෙ සුහදත්වයක් නම් පෙන්නුම් කරන පාටක් නෑ. මොකද වතුර පාර දිගේ යන්න කොච්චර ට්‍රයි කලත්, සමහර තැන් තිබ්බා තනි බට අකුල්, කිට්ටු කරන්නවත් බැරි. ඒ නිසාම ඉතින් පළවෙනි කිලෝමීටර බාගෙ යද්දිම අපි තීරණය කලා කැලේ මැදින් පල්ලම බහින්න දිසාව බලාගෙන.

“වතුර පාරට පේන මානයෙන් යමංකො. ඒක දිගේ යන්න බෑ බං. පට්ට චාටරයක් කන්න වෙන්නෙ. අනික බොරුවට වෙලාවත් නාස්ති‌ වෙනවා”

“ඒක නං ඇත්ත බං. අපි ඒ ලයින් එකත් බල බල කැලේ මැදින් යං”

පල්ලං බැහිල්ල මුල් ටිකේ ඇත්තටම හරිම අමාරුවෙන් තමයි ගැළපුවෙ. මොකද සමහර තැන් තිබ්බා බූට් අඩියට අල්ලන්නෙත් නෑ, ලිස්සනවා. හෙනම හෙල. ඒත් ඉතින් වෙන පැතිවලින් අදින්නත් බයයි, වතුර පාර මග ඇරිලා කෙලවුණොත්...

කියලා ගියාට ගියාට... මෙන්න බොලේ මගක් යද්දි වතුර පාර පුංචි ගල් කණ්ඩියකින් ඉවර වෙනවා... එතනින් පහලට දඹ හෙල!

“මලෝ...තයි බං. දැං මොකෑ කරන්නෙ?”

“ම්... අවුලක් නෑහ්... අපි පොඩ්ඩක් එපිටින් බැහැලා මේකෙ පාමුලට ගැළපෙමු. එතනින් නැතෑ ආයෙ.”

“ඔව් ඒක හොඳ අදහසක්. හැබැයි පුතෝ දැන්නම් මැපුත් වැඩ නෑ හො‌‌ඳේ... දිසාව පිස්සු කෙලිනවා ලෙසටම”

“එහෙමත් සීන් එකක්ද? අපී... දැනට කිලෝමීටරයක් විතරනෙ බං ආවෙ. අර මනුස්සයා කියපු විදියට මුලු ගමන කිලෝ මීටර 4ක් විතර තියෙනවා.”

කියද්දි... ලසා ගල් කණ්ඩියෙ පහලට බහින්න මූලාරම්භය අරගෙන. ආයෙ ඉතින් මොකට කතා කියලා මාත් හරි හරියට ඉක්මන් වුණා. 

ඉක්මන් කොටයි කියන්නෙ...

නිකම් නෙවෙයිනෙ?

ගල් කණ්ඩිය උඩින් බැලුවාම පහල වගේ පෙනුනට එතනින් එහාටත් ඒ විදියට තඩි හෙලක්. 

“ආයෙ වතුර පාරවල් හොයන්න වෙන්නෙ නෑ බං. මං කියන්නං. දැං මේ හෙල කියන්නෙ, අපි ඉන්නෙ කන්දක මැද්දෙ කියලනෙ. මේක දිගේම පුලු පුළුවන් තැන් බලලා කැළෑවෙන් පහලට බහිමු”

“මටත් හිතෙන්නෙ ඒ වැඩේ තමයි හොඳම. මොකද කොහොමත් අපිට පහලටනෙ යන්න තියෙන්නෙ”

මැප් එකක්, සිග්නල් පොඩ්ඩක් වත් නැතුව අපි තව කිලෝමීටරයකට එහා පැත්තෙ පහලට ගෑටුවා. ඒ ගාටලා කොහොමහරි ඔන්න තැන්නකට මතුවුණා. එතන... ලොකු ගල් තලාවක් හැබැයි කැට ගල්. බට ගාල්, පඳුරු මැදින් එක දිගට ඇවිල්ලා මුලු ඇඟම තලා පෙලා දාලා වගේ. ඊටත් ආපු පැය දෙකටම ඔලුව කෙලින් කලේ විනාඩි 20ක් විතර. 

“ම්... වෙලාව 10ට කිට්ටුයි. අපිට වැඩ දෙකක් කරන්න පුළුවන් බං. වටේ පොඩි සර්ච් එකක් දාලා වතුර තියෙනවද බලලා, නූඩ්ල්ස් පාරක් දාන්න පුළුවන්. නැත්නම් පාන් සහ මස් ඇත.”

“අඩෙහ්... වතුර නං හොයා ගන්න බැරියැ. පාන් කමු. කාලා... මෙතන ටිකක් ඉඳලා ආය බහිමු”

Leave a comment