අවුරුද්දේ ඒ කාලේ අායෙත් ඇවිල්ලා. මේ ලියන මොහොත වෙද්දි ලංකාවේ කොහෙවත් ලොකු ගංවතුර තත්ත්වයක් නැති වුණත් මේ ඉදිරි දවස් කීපයේ එන වැස්සත් එක්ක වෙන අවුරුදුවල වගේ ම ගොඩක් පැතිවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් තියෙනවා. ඉතිං හැමදාම වගේ වෙන්න ඕන දේවල් ටික වුණාට පස්සෙ කලබල වෙන්නෙ නැතුව දැන් ඉඳන් සූදානම් වුණොත් මේ වගේ තත්ත්වයක දි සිද්ධවෙන්න පුළුවන් ජීවිත සහ දේපල අවධානම අවම කරගන්න පුළුවන්.
පහුගිය අවුරුදු කීපය ඇතුලත ගංවතුරට අහුවුණු කට්ටිය නම් දන්නවා තමන් ඉන්න පැත්තට ගංවතුරක් එන්න තියෙන අවධානම මොන වගේද කියලා. ඊට අමතර ව ලොකු ගංගා, ඇළදොළ කිට්ටුව වගේ ම වැව් සහ ජලාශවල පිටාර ගේට්ටුවලට පහළින් ඉන්න අයත් මේ ගැන අවධානයෙන් ඉන්න ඕන. ටීවී සහ රේඩියෝවලට අමතර ව නිතර ම ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ ඒගොල්ලන්ගෙ DEWN අනතුරුහැඟවීම් ගැන ඇහැ ගහගෙන ඉන්න එක හොඳයි.
ඒ වගේ ම හදිස්සි අවස්ථාවක දි 117ට කතාකරලත් එයාලගෙන් විස්තර ගන්න පුළුවන්.
ඔයා ඉන්නෙ නායයාමේ අවදානමක් තියන පැත්තක නම් ඒ ගැනත් සැලකිල්ලෙන් ඉන්න වෙනවා.
උඩ කියපු මොන විදියකින් හරි, ඔයා ඉන්න පැත්තටත් වතුර එනවා කියල දැනගත්තොත් මෙන්න මේ දේවල් තමයි කරන්න තියෙන්නෙ.
මේන් කරන්ට් ස්විච් එක ඕෆ් කරන්න. ගෑස් සිලින්ඩර් එහෙමත් ලිපෙන් ගලවලා තියන්න. ඒ වගේ ම ගෙදර තියෙන විදුලි උපකරණත් වතුරට යටවෙන්නෙ නැති උස තැනකින් ගෙනිහන් තියන්න.
ගෙදර තියෙන රත්තරන් බඩු වගේ වටිනාකියන දේවල් වගේ ම උප්පැන්න සහතික, විවාහ සහ අධ්‍යාපනික සහතික, පාස්පෝට්, ඉඩම් ඔප්පු, පවුලෙ අයගෙ ෆොටෝ, පොත්පත් වගේ දේවලුත් ආරක්ෂිත තැනකින් ගෙනිහින් තියන්න.
වාහනත් පුළුවන් තරම් වතුරට යට නොවන තැනක නවත්තල තියන්න.
වයසක අය වගේ ම ගෙදර ඇතිකරන සත්තුත් කල් ඇතුව ආරක්ෂිත තැනකට ගෙනිහන් දැම්මා නම් ලේසියි. එහෙම නැත්නම් හදිසියක දි ඒ අයව අරන් යන විදියක් කල්ඇතුව කල්පනාකරලා බලන්න.
ඔයා මේ ගැන දැනුවත් වුණාට අහළපහළ ඉන්න හැමෝම එහෙමයි කියල අපට කියන්න බෑනේ. ඒ නිසා අහළ පහළ ඉන්න අයවත් මේ දේවල් ගැන දැනුවත් කරන්න.
මෙන්න මේ වගේ දේවල් ටිකක් කල්ඇතුව එකතුකරල තියාගත්තොත් මේ වගේ හදිසි අවස්ථාවක දි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
මේ අවුරුද්දෙ කොළඹින් හොයාගන්න පුළුවන් හොඳම බුෆේ
Post-lockdown high tea seshs in Colombo.
Excellent rice and noodles made from a wok and served in a box, literally.
We tasted every locally brewed and available beer. In the name of science!
A popular Indian restaurant serving mainly North Indian cuisine. The food is very rich, and quite good.
Delete Comment