Artwork for Yamu Promo Top Banner
Artwork for TSING TAO sidebar banner 2

බියර් එකක් හදමුද ?

ශීතකරණයෙත් තියලා පොඩ්ඩක් සිසිල් කරල ගත්තාම…

Posted by

ගෙදර තියෙන දේවල් ටිකක් පාවිච්චි කරලා ගෙදරදීම බියර් එකක් හදා ගන්න විදිය තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඉස්සෙල්ලාම මම කියන්නම් ඒකට අපිට  ඕන වෙන දේවල් ටික.

  • පියනක් තියෙන ලොකු බාල්දියක් (ලීටරයකට වැඩි)
  • සාස්පාන් 2ක්
  • පෙනේරයක්
  • බාර්ලි ග්‍රෑම් 100ක්
  • සුදු සීනි ග්‍රෑම් 25ක්
  • යීස්ට් තේ හැඳි භාගයක්
  • ග්‍රීන් ටී තේ හැඳි භාගයක්
  • වතුර

දැන් අපි වැඩේ පටන් ගමු. (සැ. යු. - පිරිසිදු භාජන පාවිච්චි කරන්න)

ඉස්සෙල්ලාම බාල්දිය සබන් ගාලා හොඳට හෝදලා බාර්ලි ග්‍රෑම් 100ත් ඒකටම දාලා හෝද ගන්න.

ඡායාරූපය: countrymcitym

ඊට පස්සෙ වතුර ටික පෙරලා බාර්ලි ඇට ටික බාල්දියටම දාලා බාල්දිය පිරෙන්න වතුර දාන්න.

හැබැයි ඉතින් බාර්ලි ඇට වල අංකුර මතුවෙනකම් දවස් දෙක තුනක් ඔයාලට බලාගෙන ඉන්න වෙනවා.

අංකුර මතු වුණාට පස්සේ බාර්ලි ඇට ටික පෙරලා හෝදලා අරන් අවන් එකෙන් හරි කබලේ හරි දාලා හොඳට වේල ගන්න. අවන් එකේ නම් සෙල්සියස් 80කට වගේ තියාගෙන වැඩේ කරන්න පුළුවන්.

වේල ගත්ත බාර්ලි ඇට ටික පිරිසිදු වතුර ලීටරයක් දාපු සාස්පානකට දාලා නටනකම් රත්කර ගන්න.

ඡායාරූපය: Jon Roberts

වතුර ටික නටාගෙන එනකොට සීනි ග්‍රෑම් 25ත් ඒකටම දාලා සීනි ටික හොඳට දිය වෙනකම් හැඳි ගගා විනඩි තුන හතරක් විතර නටව ගන්න ඕන.

නටව ගත්ත වතුර ටික අනිත් සාස්පානට පෙරා ගෙන යීස්ට් තේ හැඳි භාගයයි ගී‍්‍රන් ටී තේ හැඳි භාගයයි ඒකට එකතු කර ගන්න.

දැන්, හදා ගත්ත මිශ‍්‍රණය ලිපෙන් තියලා යීස්ට් ටික දියවෙලා තේ කහට පාට, මිශ‍්‍රණයට හොඳට එනකම් හැඳි ගගා විනාඩි විස්සක් තිහක් විතර ද්‍රාවණය උතුරන්න අරින්න.

ඊට පස්සේ අර මුලින් ගත්ත බාල්දියට මිශ‍්‍රණය පෙරාගෙන පැය තුන හතරක් නිවෙන්න තියන්න.

ඡායාරූපය: Mark Mrwizard

හොඳට නිවුනට පස්සෙ බාල්දිය වහලා ශීතකරණය (refrigerator) ඇතුලේ දවස් තුන හතරක් තියන්න වෙනවා.

දවස් තුන හතරකට පස්සේ බාල්දිය ඇතුලේ තියෙන ද්‍රාවණය එළියට අරගෙන පැය දෙක තුනක් සීතල යන්න තියලා අයෙත් වතාවක් හොඳට නටවගෙන වීදුරුවකට පෙරා ගන්න.

දැන් නම් බියර් එක හරි. ඒත් තාම රස්නෙයිනේ.

ඡායාරූපය: Calvin Webster

ඉතින් බියර් වීදුරුව හොඳට නිවෙන්න තියලා නිවුනට පස්සෙ ශීතකරණයෙත් තියලා පොඩ්ඩක් සිසිල් කරල ගත්තාම ඔයාලගෙ අතින් හදාගත්ත බියර් එක ඔයාලටම රස බලන්න පුළුවන්.

See 3 Comments