Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

තිත්තයි... පැණිරස කාලා, කදිමයි සුදු සරුවත් බීලා! කඳු අතරෙ පාවීලා…

තාලෙට, අආ... තිත්තයි... පැණිරස කාලා කදිමයි සුදු…

Posted by

තාලෙට,

අආ...

තිත්තයි... පැණිරස කාලා

කදිමයි සුදු සරුවත් බීලා

කඳු අතරෙ පාවීලා...

කියද්දි ම... ආවා ආවා!

මාමා, ඕක දාලා ගන්න පොල් කට්ටට
මල්ලි, ගන්න දිගට රෝල් කරලා ලහිපිට අතට...

මේ... අවුරුදු පාර්ටිය හොඳේ. හරියටම අවුරුද්දයි මාස දෙකක්, නකල්ස්  හතර මායිමක් දැකල නොතිබ්බ අපේ පරණ ම නකල්ස් හයිකින්ග් සෙට් එක...

අලුත් අවුරුද්දට, වෙනදට වඩා වෙනස් තාලෙකට...

කිව්වට ඉතින් දන්නැද්ද... වැඩි හරියක්ම තිබ්බෙ ගහේ බඩු. හොඳ කිරි පාටට, පදමට පැහුණු රා...

ඒකෙන් බූලි තුනක් ඔන්න. බූලි කිව්වට අර ලීටර 5 බෝතල් හොඳද.

වැඩේ වුණේ ඒක නෙවෙයිනෙ. හැන්දැකරේ අල්ලලා රෑ කෑම ඔක්කොමත් කෙහෙල් කොළවලට බැඳගෙන ගඟේ ගල් තලාවට ගියපු අපිට... ගමේ සෙට් එකෙන් ලැබුණු සංග්‍රහයනෙ.

බුදුසන්තෝ එතන තිබ්බ දේවල්...

මඤ්ඤොක්කා අල තම්බලා, වේළලා... කොටලා පිටි අරගෙන, ඒකට කිතුල්පැණි පදමට දාලා තෙලිජ්ජෙන් පැහෙන්න ඇරලා හදාපු හැඳි කැවුම්.

ඊට පස්සෙ පොල් කිරියි, රා එක්ක හාල්පිටියි කලවම් පදම හදලා, පැහැවලා අරගෙන හදාපු උණු උණු ආප්ප. එතකොට ඒ ආප්ප කන්න ගමේ නයිමිරිස්, රතු මිරිස් එක්ක හාල්මැස්සො බැදලා දාලා කොටපු කට්ට සම්බෝලෙ.

ඒ විතරක් නෙවෙයි, ආප්ප හදාපු අන්තිම පිටි ටිකට කිතුල් හකුරු හීනියට ගාලා දාලා, වත්කරලා හදාපු පැණි ආප්ප...

තව... කොකිස්, අලුවා ටිකක් එහෙමත් තිබ්බා පාටියෙ අවසානයට ඕන වෙන පැණිරස ජාති.

ඊට පස්සේ... අතරින් පතර පොඩ්ඩ පොඩ්ඩ බැස්සනෙ කෑම ජාති තොගයක්. සමහර ඒවා ජීවිතේට කාලා නෑ.

කිතුල්පිටි රොටි. ඒවා නිකම් රබර් රොටි වගේ. ඊටත් කන්න තියෙන්නෙ දුම් දාන්න සැර තියෙන වැව් මාළු හොද්දක් එක්ක. මොරගහකන්ද ජලාශෙ මායිමේ ඉන්න සෙනේ මාමාගෙ මල්ලි කෙනෙක් තමයි ගෙනාවෙ. ඇත්තටම ඒකට බඩ පිරෙනවා. මාමා කියපු විදියට නම් කිතුල් රාත් එක්ක ඒ රොටි දෙකක් ගිල්ල නම් වරුවක් ඇවිද්ද හැකිලු කැලේ පීරගෙන. බාග වෙලාවට ඔය මාමලගෙ ආතලා මුත්තලා දඩයමේ යද්දිත් ඒවයින්ලුනෙ අරගෙන යනවා කියන්නෙ.

අනිත් අමුතු ම කෑම ජාතිය තමයි මෑ ඇට පිටිවලින් හදපු තලප. ම්... කුරක්කන් තලප වගේ ඇලෙන ගතියක් නම් නෑ. හැබැයි රසේ තියෙනවා අමුතු අමු ගතියක්. ඒ නිසාම ඒක කන්න...වල් ඌරුමස්, හරි ඒ ජාතියෙන් ම වෙනත් මසක් හරි ඇඹුලට හින්දලා තියෙන්න ඕනලු. අපිට ආපු ජාතිය ඉතින් අහන්න එපා. කොහොම හරි මෑ ඇට ගන්නකොට, ගන්නෙ හොඳටම ඉදිච්ච කරල්වලින්ලු. අරගෙන ඒකත් තම්බලා තමයි වේළලා පිටිකරනවා කිව්වෙ.

ආයේ...

හිත ගියපු ම කෑම ජාතිය!

වතුර හෙල්ලෙන්න ඔහොම මෙහෙම තියෙන ගාණට පැහුණු පොල්, පළලා කුරුම්බා දිග තීරුවලට පිහියෙන් හූරලා අරගෙන ඉරට්ටක ගහලා... ගිනි අඟුරෙ ළාවට දෙපැත්ත පුච්චලා... එහෙම්මම මැටි මුට්ටියෙ තියෙන කිතුල් පැණියෙ එබුවා කෑවා...

ආහ්... අනිවා කියන්න ඕන, ඔය විදියට පොල් මදත් කනවා හොඳද!

Leave a comment