අවුරුදු 60-70ක් තිස්සේ අහල අහල එපාවෙලා, පහුගිය කාලෙ වෙද්දි ලංකාවේ ඡන්ද පොරොන්දු කියන්නෙ කවුරුත් වැඩිය සීරියස් ගනංගන්නැති ගානට වැටිලයි තිබුණේ. ඒත් පහුගිය ඡන්දෙ කාලෙ හැම පක්ෂෙක ම වගේ කට්ටියගෙන් මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියන කතාව වැඩිපුර ඇහෙන්න පටන්ගත්තා. එක එක කට්ටිය එක එක තේරුමෙන් පාවිච්චි කළත් “යහපාලනය” කියන වචනෙ සාමාන්‍ය පාරෙතොටේ ඉඳන් ෆේස්බුක් මීම් දක්වා හැමතැනම කියවෙන්න ගත්තා. ඒත් මේ “යහපාලනය” ගැන කතාකරල බලයට ආපු අයත් කරන්නෙ කලින් අය කරපු දේ මද?
මේකට එක එක අය එක එක උත්තර දෙනවා. ආණ්ඩුවට කැමති අය කියන්නෙ පට්ට වෙනසක් වෙලා තියෙනවා කියල. විරුද්ධ අය කියන්නෙ කිසි දෙයක් වෙනස් වෙලා නෑ, තිබ්බ ටිකත් කෙළවෙලා ගිහින් කියලා. ඒත් ඇත්තට ම ඡන්ද කාලෙ වෙච්ච පොරොන්දු කොච්චර දුරට ඉෂ්ටවෙලා තියෙනවද කියල අපි කොහොමද දන්නෙ?
මේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට manthri.lk එකේ කට්ටිය අලුත් වැඩක් පටන් අරන්. මේක “පොරොන්දු ටැකර් එකක්.” ආණ්ඩුවේ ඉන්න අය ඡන්දෙ කාල ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන දේවල් කොච්චර දුරට ඉෂ්ටවෙලා තියෙනවද කියල බලන මිනුම් දණ්ඩක්. ආණ්ඩුවට පක්ෂ අයයි, විපක්ෂ අයයි තමන්ගෙ වාසියට එක දෙක කරලා කියන කතා වෙනුවට ප්‍රතිශත හැටියට මේ අය කොච්චර දේවල් කරල තියෙනවද, කොච්චර පොරොන්දු කඩවෙලා තියෙනවද කියල අපි හැමෝටම මේකෙන් බලාගන්න පුළුවන්.
දැන් තියෙන්නෙ ප්‍රධාන පක්ෂ දෙකක් එකතුවෙලා කරන ආණ්ඩුවක් නිසා ඒ පක්ෂ දෙකේම ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබ්බ දේවල් මේකේ දි වෙන වෙනම ගණනය කෙරෙනවා.
මේ පොරොන්දු මීටරේ හැටියට මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය (මෙයාලා ඡන්දෙට ආවේ යහපාලනයක් සඳහා එක්සත් ජාතික පෙරමුණ කියලනේ) තමන්ගෙ පොරොන්දුවලින් 14%ක් විතර ඉෂ්ටකරල තියෙනවා. තව 14%ක් විතර කෙරීගෙන යනවා. තවත් 14%ක් විතර පටන්අරන් තිබුණත් අතරමග නැවතිලා; නැත්නම් හරි ම හෙමින් තමයි සිද්ධවෙන්නෙ. යූඇන්පිය දුන්න පොරොන්දුවලින් බාගෙකටවත් වඩා, ඒ කියන්නෙ 57%ක්ම තාම අතතියලවත් නෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානේ දුන්නෙ පොරොන්දුවලින් 6%ක් වගේ තමයි ඉෂ්ටවෙලා තියෙන්නෙ. හැබැයි තව 18%ක් විතරම කෙරීගෙන යනවා. තව 11%ක් ඉබිගමනේ. මෙයාලත් කියපු දේවල්වලින් තුනෙන් දෙකකට කිට්ටු ප්‍රමාණයක් (64%) ගැන තාම හිතලවත් නෑ.
මේ විදියට ඉටුවෙලා තියෙන/ නැති පොරොන්දු මොනවද, කෙරිලා නැති ඒවයේ දැනට ප්‍රගතිය මොන වගේද වගේ විස්තර ගොඩක් manthri.lk එකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට වැඩ කෙරෙනෙ විදියට මෙයාලා මේක අප්ඩේට් කරනවා.
මේ වැඩේ නිසා දේශපාලනය වේදිකාවලයි ටීවීවලයි ගහන පම්පෝරිවලට අහු නොවී ඇත්තටම වෙලා තියෙන්නෙ මොනවද, වෙලා නැත්තෙ මොනවද කියල ඕන කෙනෙකුට දැනගන්න පුළුවන්. ඉතිං දෙන පොරොන්දු ඉටු වෙන/ නොවෙන එක දිහා බලල ඊළග මැතිවරණෙ දි ඡන්දෙ දෙන්න මිනිස්සු පුරුදු වුණොත් දේශපාලඥයන්ටත් අතේ පැළවෙන පොරොන්දු දෙන්න කලින් දෙපාරක් හිතන්න සිද්ධ වෙයි. හැබැයි ඉතිං රටේ බහුතරය නෑදෑ හිතවත්කමට, ගමේකමට, නැත්නම් නිකං බෙදන දේවල්වලට ඡන්දෙ දෙන එක නවත්තනකල් මේ මොන ට්‍රැකර් දැම්මත් වැඩක් නෑ.
We love mojitos, and we love Coronas. So, we thought to bring the best of both worlds together with a refreshing Corona ...
Post-lockdown high tea seshs in Colombo.
We tasted every locally brewed and available beer. In the name of science!
The Kingsbury buffet is pretty good. It's the best in terms of salads and veg, highly competitive in seafood, and good for everything else. It's Rs. 3,500…
Countries that let you in without a fuss with your Lankan passport
Delete Comment