එක රටයි, කොඩි නවයයි!.

ශිෂ්ටාරයක් තියෙන ඕනේ ම රටක, ජාතික කොඩිය කියන්නේ ඒ රටේ අනන්‍යතාවය පෙන්වන ලාංඡනයක්. සෑහෙන මහන්සියක් වෙලා, ගොඩක් කරුණු කාරණා සළකලා බලලා තමයි රටක කොඩියක් නිර්මාණය වෙන්නේ. ඒ රටේ තියෙන ප්‍රධාන ආගම්, ආවේණික ශාක, සත්ත්ව වර්ග, ජන වර්ග වගේ දේවල් මේ කාරණාවලට ඇතුළත් වෙනවා.

ලංකාවේ ජාතික කොඩියේ කතන්දරෙත් ඔයිට වඩා වෙනසක් නැහැ. අපේ ජාතික කොඩියෙන් නිරූපණය වෙන්නේ මොනවා ගැනද කියලා නොදන්නා ඇත්තෙක් ලංකාවේ හතර දිග් බාගේ ම නැතුව ඇති. ඒ කොහොම වුණත්, අපේ පළාත්බද කොඩි ගැන ඔයාලාගේ දැනුම කොහොමද?

1. මධ්‍යම පළාත

මධ්‍යම පළාත, එහෙමත් නැත්තන් කන්ද උඩරට දිහාව සංකේතවත් කරන කොඩිය තමයි මේක. මේ පළාතේ දිස්ත්‍රික්ක තුන ම මේ කොඩියෙන් නිරූපණය වෙලා තියෙනවා.

කොඩියේ මැද ඉන්න, කඩුවක් ඔස්වාගත්ත රත්තරන් පාට සිංහයාත්, කොන් හතරේ තියෙන බෝ කොළ හතරිනුත් පෙන්නුම් කරන්නේ  මහනුවර දිස්ත්‍රික්කයයි. මේකේ පසුබිමේ දකින්න ලැබෙන සුදු පාටින් දැක්වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයයි. නුවරඑළිය දිස්ත්‍රික්කය පෙන්වලා තියෙන්නේ කොඩියේ දකුණු පැත්තේ තියෙන නෙලුම් මල්වලින්.

ඉර හඳ දෙකෙන් ඉඟි කරන්නේ “ඉර හඳ පවතින තාක් කල්”” කියන සදාකාලික හැඟීමයි.

2. නැගෙනහිර පළාත

ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක තුනෙන් හැදුණු නැගෙනහිර පළාත, තමන්ගේ කොඩියේ ඒ දිස්ත්‍රික්ක අන්තර්ගත කරලා තියෙන්නේ රවුම් තුනක් ඇතුළේ ඉන්න සත්තු තිදෙනෙක්ගෙන්.

වම් කෙළවරේ ඉන්න මාළුවාගේ රූපයෙන් පෙන්නුම් කරන්නේ මඩකලපුවයි, මඩකලපුවේ ප්‍රසිද්ධ කල්ලඩි පාලම පාමුල සිංදු කියන මාළුවෝයි. මැද තියෙන උකුස්සාගෙන් ත්‍රිකුණාමලයත්, දකුණු පැත්තේ ඉන්න සිංහයාගෙන් දිගාමඩුල්ල නොහොත් අම්පාරත් නිරූපණය වෙනවා.

3. බස්නාහිර පළාත

බස්නාහිර පළාත් කොඩියේ තියෙන රත්තරන් පාට කුරුල්ලාගෙන් නිරූපණය වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. ඉන්පස්සේ තියෙන කසයක් අතින් ගත්ත සිංහයාගෙන් අතීත කෝට්ටේ රාජධානිය හෙවත් කොළඹ දිස්ත්‍රික්කයත්, නාගයාගෙන් කළුතර දිස්ත්‍රික්කයත් පෙන්නුම් වෙනවා. මේකේ හතර කොණේ ඇති බෝ කොළවලින් ප්‍රකාශ වෙන්නේ “මෙත්තා””, “කරුණා””, “මුදිතා””, “උපේක්ඛා” යන සතර බ්‍රහ්ම විහාරණයි.

4. උතුරු මැද පළාත

අනුරාධපුර, පොළොන්නරු යුගවල තිබුණු අභිමානය හරි අපූරුවට කැටි කරපු කොඩියක් උතුරු මැද පළාත සතුයි. මැද තියෙන රූපයේ වෙහෙර හා ගල් කණුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයත්, පරාක්‍රමබාහු රජතුමාගේ රුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයත් පෙන්නුම් කරනවා.

මැද ඇති රූපය වට කරගෙන තියෙන වී ගස්වලින් නිරූපණය වෙන්නේ මේ පළාතේ සශ්‍රීක බවයි.

5. ඌව පළාත

ඌව පළාත් කොඩියේ ඉන්නේ හංසයෙක්. මේ හංසයාගෙන් නිරූපණය වෙන්නේ ප්‍රියංකර බව, අහිංසක බව, ශ්‍රේෂ්ඨත්වය, සහ රාජකීය බව වගේ ලක්ෂණයි.

6. දකුණු පළාත

දකුණු පළාතේ කොඩිය බිහිවෙලා තියෙන්නේ, දුටුගැමුණු රජතුමා මාගම් පුරයේ ඉඳන් යුද්ධයට යනකොට අරගෙන ගිය කොඩිය ඇසුරු කරගෙන. ඒකෙන් ඉඳලා තියෙන්නේ, ලේ රතු පාට ගත්ත පසුබිමේ ඉන්න, කඩුවක් අතට ගත් කහ පාට සිංහයෙක්.

කොඩියේ මුලු හතරේ තියෙන බෝ කොළවලින් නිරූපණය වෙන්නේ සතර බ්‍රහ්ම විහරණයි. මේකට යොදලා තියෙන ඉර, හඳ ලාංඡන, දෙවිනුවර දේවාල කොඩියේ තියෙන ඒවාට සමානයි. “ඉර හඳ පවතින තාක් කල්”” කියන කියමන මෙතැනිනුත් ප්‍රකාශ වෙනවා.

කඩුවක් අතින් ගත් සිංහයාගෙන් යුක්තිය, සාධාරණත්වය වගේ ගුණාංඟ පෙන්නුම් කරනවා. මේ සිංහයා දුවමින් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නේ. ජවසම්පන්න හැඟීමක් ඒකෙන් පිළිඹිබු වෙනවා.

7. උතුරු පළාත

උතුරු පළාත කියන්නේ ලංකාව වට කරගෙන තියෙන සාගරයත් එක්ක ලොකු සබැඳියාවක් තියෙන පළාතක්. ඒක බැඳීම මේ කොඩියෙනුත් නිරූපණය වෙලා තියෙනවා. ඒ, මේකේ දාර හතරේ තියෙන නිල් පාටෙන්.

කොඩියේ දකුණු පැත්තට බර වෙලා තියෙන කොළ පාට, උතුරු පළාතේ කෘෂිකාර්මික සශ්‍රීකත්වය පෙන්නුම් කරනවා. රතු පාටින් හින්දු සංස්කෘතියත්, සුදු පාටින් එකමුතුකමත්  දැක්වෙනවා.

උතුරු පළාත කොහොමත් රස්නේ තරමක් වැඩි පැත්තක්. සූර්යාලෝකයේ බලපෑම කෙළින් ම මේ පැත්තට ලැබීම තමයි ඒකට හේතුව. ස්වාභාවික ශක්ති ප්‍රභවයක් විදියට සූර්ය ශක්තිය පාවිච්චි කරන්න, උතුරු පළාත් වාසීන් දක්වන හැකියාව මේ කොඩියෙනුත් නිරූපණය වෙලා තියෙනවා. ඒ මේකේ මැද ඇඳලා තියෙන කහ පාට සූර්ය රූපයෙන්.

8. වයඹ පළාත

මෝඩ වැඩක් කරන කෙනෙක්ට “මී හරක් වැඩ කරන්නෙපා යකෝ” කියලා කතාවට අපි කියනවා තමයි. ඒත් රටට බත සපයන කුඹුරු වැඩවලදී මී හරකා කියන්නේ නැතුව ම බැරි සතෙක්. ඒ නිසා ම දෝ කොහේදෝ වයඹ පළාත් කොඩියේ මී හරකෙක් අඩංගු කරලා තියෙනවා. ඒ රූපයේ වගේ ම, කොඩියේ දාරයේ මිශ්‍රව තියෙන කොල පැහැයත් මඩ දුඹුරු පාටත්, කුඹුරු ආශ්‍රිත පරිසරය හොඳින් ම කියා පාන්නක්. මේකේ තියෙන ඉර, හඳ සලකුණුවලින් සදාකාලික බව පෙන්නුම් වෙනවා. 1987 වසරේ ඉඳන් භාවිතයට ගත්ත මේ කොඩියෙ පසුබිමේ තුඩු අටකින් යුක්ත වෙච්ච තරු පහලොවක්ද තියෙනවා.

9. සබරගමුව පළාත

ලේ රතු පාට පසුබිමේ ඉන්න රන්වන් පාට සිංහයා, සබරගමු පළාත් කොඩියේ කැපී පෙනෙන සළකුණක්. මේකත් යුක්තියේ සංකේතයක් විදියට හඳුන්වන්න පුළුවන්. සිංහයාගේ අතේ තියෙන කසයෙනුත් ඒ බව තවත් තහවුරු වෙනවා. අනිත් කොඩිවල වගේ ම, බෝ කොළවලින් නිරූපණය කරන්නේ සතර බ්‍රහ්ම විහරණයි.


ලංකාවේ පළාත් නවයේ කොඩිවල විස්තරේ තමයි මේ. ලාංකිකයෝ විදියට, ජාතික කොඩියේ විස්තරේ විතරක් දැනගෙන ඉඳලා මදි කියලා හිතුණු නිසා තමයි මේ ලිපිය අපි ලිව්වේ. මේවාට අදාළ වෙන තව විස්තර ඔයාලා දන්නවනම්, අපට කියන්න ඕනේ හොඳද.

Image Source : crwflags.com
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

The True Essence of Thai Cuisine at Thai Rasa

Colombo, Sri Lanka – Showcasing the refined essence of Thai cuisine, Thai Rasa at NH

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide