Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2

වැස්ස කාලෙට ගෙදර තියෙන්නම ඕන දේවල් 10ක්

ඉස්සරහට එන්නේ වැස්ස කාලේ; හිතෙන හිතෙන වෙලාවට කඩේට…

Posted by

ආයෙත් වැස්ස කාලෙ ඇවිත්; හිතෙන හිතෙන වෙලාවට කඩේට දුවන්න බෑ. ඒ නිසා වැස්ස පායපු වෙලාවට කඩේට ගිහින් බඩු ලිස්ට් එක ම එකපාර ගන්න එක නුවනට හුරුයි.  බලන්න ඔයාගේ ලිස්ට් එකෙත් මේ දේවල් ටික තියනවද කියල.

1 බිස්කට්, ස්නැක්, බයිට්

වැස්ස දවස්වලට බඩගිනි වෙනවා වැඩියිනේ. ඒ වගේ වෙලාවට බිස්කට්, රටකජු, මුරැක්කු මික්ස්, ටිපිටිප් වගේ දෙවල් කොච්චර තිබුණත් වැඩිවෙන්නෙ නෑ. සීතලත් එක්ක පොඩි ෂොට් එකක් හිතෙන ගතියත් වැඩි නිසා ඒ වගෙ වෙලාවට බයිට් එකක් හැටියට ගන්නත් මරුනේ.

2 ටින් කෑම

මේ දවස්වල නිතර කරන්ට් එක යන නිසා ෆ්‍රිජ් එකේ තියෙන මස් මාළු එහෙම නරක්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා ඒ වෙනුවට ටින් මාළු, ටින්වල එන මීට්බෝල්ස් වගේ දේවල් ටිකක් ගන්න.

3 කිරිපිටි

ළඟ දී ඉඳන් ගොඩක් අය දියර කිරි බොන්න පුරැදුවෙලා හිටියත් කලින් කීවා වගේ කරන්ට් එක ගැන විශ්වාසය තියන්න බැරි නිසා වැස්ස කාලෙ පහුවෙනකල් පිටිකිරිවලට මාරැවෙන එක නරක අදහසක් නෙවෙයි. අඩුගානේ හදිස්සියට ගන්න වත් පොඩි කිරිපිටි පැකට් එකක් ගෙනත් තියාගන්න.

4 බෙහෙත් වර්ග


Photo Credit: Dennis S. Hurd (Creative Commons BY 2.0)

වැස්ස කාලෙට හෙම්බිරිස්සාව, උණ වගේ ම කන් කැක්කුම්, දත් කැක්කුම් වගේ ම ලිස්සල වැටිල වගේ අනතුරු වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. ඒ නිසා පැරසිටමෝල් කාඩ් එකක්, බාම් එකක්, පස්පංගුව පැකට් එකක්, ඩයිජින් වගේ ගැස්ට්‍රයිටිස්වලට ගන්න බෙහෙත් වගේ දේවල් ටිකක් අරන් තියාගන්න එක වටිනවා.

5 ඉටිපන්දම්

වැස්සයි හුළඟයි නිසා සැරෙන් සැරේ කරන්ට් නැතිවෙන වෙලාවට ගෙදර පෙරළගෙන ඉටිපන්දම් හොයන්න ඕන නෑනේ. ඒ නිසා කලින් ම ඉටිපන්දම් ටිකක් අරන් ඇවිත් හොඳට මතක හිටින තැනකින් තියාගන්න. ඒ වගේ ම ගිනිපෙට්ටියකුත්.

වැඩිපුර බල්බ්

අකුණු ගහද්දි ලයිට් බල්බ් පිච්චකේන තියන ඉඩකඩ වැඩි නිසා වැඩිපුර බල්බ් දෙකතුනක් ගෙනත් තියාගන්න.

හාල්, පරිප්පු, සීනි, තේ, තේකොළ

මේ වගේ ගෙදර එදිනෙදා කනබොන දේවල් හැම එකකින්ම වගේ ටිකටික ගෙනත් තියාගන්න. මොකද මේ වගේ දේවල් තිබුණ කියල වැඩිවෙන්නෙ නෑනේ. ඒත් හෝ ගාලා වහින වෙලාවක උයන්න යද්දි තුනපහ බෝතලේ ඉවරවෙලා එහෙම තිබුණොත් තෙමිතෙමී කඩේ දුවන්න තමයි වෙන්නේ.

ගෑස්

අකුණු ගහන වෙලාවට හීටර්, රයිස්කුකර්, මයික්‍රෝවේව් පාවිචි කරනවට වඩා ගෑස් ලිප (නැත්තම් දර ලිප) පාවිචිකරන එන ඇඟට ගුණයි. ඒ නිසා ගෑස් සිලින්ඩරේ ඇතිවෙන්න ගෑස් තියනවද කියල බලන්න.

වැඩිපුර තුවායක්

වැස්ස දවස්වල කවුරු හරි තෙමීගෙන ගෙදරට ආවොත් දෙන්න අලුත් තුවායක් ගෙනත් තියාගන්න එක හොඳයිනේ.

අරක්කු, බියර්

කීවත් වගේ ඉතිං ෂොට් එකක් දාන්න හිතුණොත් වැස්සෙ බාර් එකට දුවන්නයැ? කලින් ම ගෙනත් තියාගන්න ඕන.

තව අපට අමතක වුණු දේවල් තියනව නම් කොමෙන්ට් එකක් දාල ම යන්න.

See 2 Comments