Posted by
All The Malu Paans මාළු පාන් ලංකාවේ භෝජන කලාවේ සැමරුණේ නැති වී‍රයෙක්. සියලු ශ්‍රේෂ්ඨ ආහාර වගේ මාළු පානුත් උපන්නේ ඉතිරි වුණ රාත්‍රී කෑමවලින්. රෑ ඉතුරු වුණ මාළු, අල, ව්‍යංජන එකට අඹරලා මැදට දමලා ආච්චි බේක් කළ බනිස්. ෆ්‍රයිඩ් රයිසුත් හැදුණේ එහෙමලු.

කෑම පෙට්ටිවල, සිලි සිලි මලුවල නිතර දකින්න ලැබෙන මාළු පාන් පාර අයිනේ පෙට්ටි කඩයකින් වුණත් ගන්න පුළුවන්. මාළු පාන් ගෙඩියක් උදේ කෑම වෙන්න පුළුවන්. ගෙඩි කීපයක් දවල් ආහාරය වන්න පුළුවන්. මාළු පාන් ගොඩක් සාදයක් වෙන්න පුළුවන්. පෙරේරා ඇන්ඩ් සන්ස් කඩවල වගේම ඩිමෝ බට්ටාවලත් විකිණෙන මාළු පාන් ශ්‍රී ලාංකික භෝජන කලාවේ සංකේතයක්. සියවස් ගණනක් නොවුණත් සෑහෙන කලක සිට අපේ කෙටි කෑම සංස්කෘතියේ ප්‍රමුඛස්ථානයක වැජඹෙන දෙයක්.

නගරයේ කොහේ හිටියත් මාළු පාන් ගෙඩියක් ගන්න ඔබ තැබිය යුත්තේ පියවර කීපයක් පමණයි. ඒත්, හැම මාළු පාන් ගෙඩියක්ම එක වගේ නැහැ. එහි අන්තර්ගතයේ ස්වභාවය සෑහෙන්න වෙනස්.

මෙනවද හොඳ මාළු පාන් ගෙඩියක කොටස්?

බනිසේ මෘදුකම අත්‍යවශ්‍ය දෙයක්.හොඳ මාළු පාන් ගෙඩියක් වුණාම මතුපිට මඳ වශයෙන් පිළිස්සී ඇතුළත පුළුන් මෙන් මෘදු විය යුතුයි.

මාළු මට්ටම තවත් වැදගත් සාධකයක්. ඒත්, හොඳම මාළු පාන් වන්නේ පිළී ගතිය අඩු ඒවායි. මාළු, චිකන් වගේ දැනෙනවානම් තවත් හොඳයි.

වැදගත්ම දෙය තමයි, මාළුවලට පාන් අනුපාතිකය. මාළු මිශ්‍රණය සමතුලිත ලෙස බනිස තුළ විහිදී තිබෙනවාද යන්න වැදගත්. එය මැද යන්තම් ගුලි වෙලා තිබෙනවානම් බලාපොරොත්තු සුන් වෙනවා.

 

මේ කාරණා සැලකිල්ලට ගනිමින් අපි කොළඹ බේකරි හා ඩිමෝ බට්ටන්ගේ මාළු පාන් කාලා හොඳම ඒවා තේරුවා. මෙන්න ලංකාවේ කෙටිකෑම රජ්ජුරුවන් ගැන අපේ අධ්‍යයනයේ ප්‍රතිඵල.




වර්ගය මාළු (cm) පාන් (cm) ප්‍රතිශතය මිළ
ලංකා හොස්පිටල්ස් 7.5 10.5 71% Rs. 40
ටේස්ටි 6 8.5 71% Rs. 50
පාන් පාන් 4.5 6.5 69% Rs. 95
ස්පොන්ජ් 6 10 60% Rs. 100
ෆැබ් 6 10 60% Rs. 60
සෙන් සාල් 6 10.5 57% Rs. 50
පෙරේරා ඇන්ඩ් සන්ස් 6 10.5 57% Rs. 40
බ්‍රෙඩ් ටෝක් 5 10 50% Rs. 140
පෙට්ටි කඩේ 4 11.5 35% Rs. 30
කැරවෑන් 6 10 60% Rs. 45





අපි ඇත්තෙන්ම පාවිච්චි ක‍ළේ අනුපාතිකයක් නොවෙයි. අනුපාතිකය නම් 3:2 වගේ. ඒත්, එය අවුල් සහගතයි. ඒ වෙනුවට අපි මැන්නා හරස් අත‍ට. මැනලා බැලුවා, සමස්තයෙන් කොපමණ ප්‍රතිශතයක් මාළුද කියලා. සාමාන්‍යය 60%ක් මාළු, 40%ක් පාන් වගේ. ඇත්තෙන්ම එය ත්‍රමාන දෙයක්. අපි සිරස් අතටත් මැනලා බැලුවා. එහි ප්‍රතිඵලයත් වෙනස් නැහැ.

පාන් පාන් (රු. 95)

Paan Paan Malu Paan පාන් පාන් ඇත්තටම මේකට සුදුසු නැහැ. මන්ද, ඔවුන් මාළු පාන් හදන්නේ නැහැ. ඒත්, ඔවුන්ගේ ටියුනා බ්‍රෙඩ් එක රසයි. දිගයි. මහතයි. තල ඇට ඉස ඇති රන්වන් මතුපිට බඩවත දෙසට එන විට සුදු පැහැයට හැරෙනවා. පිටත ආවරණය යන්තමින් කර කරගා හැපෙනසුළුයි. ඇතුළත මෘදුයි. බලමාළු කුළුබඩු හා ගම්මිරිස් සමග ඩෙවල් කරලා. එහි රස චිකන් වගේ. මාලුවලට පාන් අනුපාතිකය: 69%යි. බලමාළුයි පානුයි හොඳන් මුසු වෙනවා. එක් කටක්වත් සමබර නොවී යන්නේ නැහැ. නිගමනය: රසයි. ඒත්, සම්ප්‍රදායික මාළු පාන්නම් නොවෙයි.




බ්‍රෙඩ් ටෝක් (රු. 140)

Bread Talk Malu Paan Open මෙයත් මාළු පාන්ම නොවෙයි. බ්‍රෙඩ්ටෝක් ටියුනා බනිස්වලට වඩා දෙයක් පිරිනමනවා. සෑම මාළු බනිසකටම පිටි සහිත ව්‍යංජන ගතියක් දෙන අල මෙහි නැහැ. අපි බ්‍රෙඩ්ටෝක් ගැන කලි දොස් කිව්වත්, මේ නිපැයුම නම් පැසසිය යුතුයි. අලංකාරය සඳහා යෙදුවත්, අශෝභන ලෙස විසිරී ගිය ළූනු කැබලි සහිත බනිස් ගෙඩියේ පිටත ටිකක් ඇලෙනසුළු ඒ තරම් ප්‍රිය උපදවන්නේ නැති ස්වභාවයකින් යුක්ත වුණත්, බනිස පුළුන් වගේ මෘදුයි. ඒත්, ඇතුළේ ව්‍යංජන අඩුයි. හුළං පිරිලා. පාන්වලට ව්‍යංජන අනුපාතිකය කුඩා එකක් වුණත්, ඒ පිරවුමනම් ඉතා රසවත්. ගම්මිරිස්වලින් රසගන්වන ලද සැහැල්ලු බල මාළු තන්තු රසවත් බනිස සමග එක් වූ විට සිත් පිනවනවා. මාළුවලට පාන් අනුපාතිකය: 50%ක් පමණයි. පිරවුම ‍ඉතා රසවත් වුණත්, එහි ප්‍රමාණය ලජ්ජා සහගත ලෙස සුළුයි. නිගමනය: රසවත් පාන් වර්ගයක්. ඒත්, දේශීය මාළුපාන්වලට වඩා වෙනස්. අල හා එළවළු නැහැ. හොඳයි. ඒත්, පිරවුම තව තිබුණානනම් හොඳයි.




වෝඩ් ප්ලේස් පෙට්ටි කඩේ (රු. 30)

Ward Place Malu Paan පෙට්ටි කඩේ මාළ් පාන්වල තිබිය හැකි ගැටලුව තමයි‍, එය දවසක හොඳ විය හැකියි වගේම දවසක ඉතා නරක වන්නත් පුළුවන්. ඇතුළේ මාළු අවමයි. ව්‍යංජනය හොඳ වුණත්, කිසි සේත්ම ප්‍රමාණවත් නැහැ. අප දුටු දුර්වලම පාන් හා මාළු අනුපාතිකය. පාන්වලට මාළු අනුපාතිකය: භයානක අන්දමින් අවමයි 35%යි. නිගමනය: පිරවුම ප්‍රමාණවත් වුණානම් මෙය වන්න තිබුණා රසම මාළු පාන් ගෙඩිය.




සෙන් සාල් (රු. 50)

Sen Saal Malu Paan කහ - කොළ පැහැ පිරවුමක් සහිත මෘදු බනිසක් වන මෙහි පාන්වල මාළු අනුපාතිකය හොඳයි. ඒත්, රස ගන්න දෙයක් නැහැ. පිළී රසයි. නරක් වූ තෙල්වලින් පිසින ලද මාළු ඉතුරු බිතුරු වගේ. පාන්වලට මාළු අනුපාතිකය: සැලකිය යුතු 57%ත මට්ටමේ.

නිගමනය: පාන්වලට මාළු අනුපාතිකය හොඳ වුණත් රසින් නරකයි.




ටේස්ටි (රු. 50)

Tasty Malu Paan හොඳ පිරවුමක් සහිත බනිසක්. එයත් කොළ කහ පාටය. ඉස්ටුවක් වගේ ගම්මිරිස් හා අල සහිතයි. රසයි. මිළට වටිනවා. පාන්වලට මාළු අනුපාතිකය: විශිෂ්ට 71%ක්. ඉහළම ලකුණු. නිගමනය: රසිනුත්, අනුපාතයෙනුත් ඉත ඉහළයි.




පෙරේරා ආන් සන්ස් (රු. 40)

Perera And Sons Malu Paan සාමාන්‍යයි. පාන්වල දුම් ගසා පිළිස්සූ සුවඳක් ගැබ් වෙලා. මඳක් පිළී රසයි. උම්බලකඩ යයි සිතිය හැකි කුඩා කැබලිත් තිබුණා. අල ගොඩයි. අනුපාතිකය සාමාන්‍යයි. පාන්වලට මාළු අනුපාතිකය: පහත් 57%ක මට්ටම. නිගමනය: හොඳයි. ඒත් විශිෂ්ට නම් නැහැ.




ස්පොන්ජ් (රු. 100)

Sponge Malu Paan ස්පොන්ජ් මාළු පාන් වෙනස්. මාළු ටිකක් කෙඳි ගතියයි. පිරවුම ළා තැඹිලි පාටයි. චීස් රසයි. ගොඩක් එළවළු හා කැරට් සහිතයි. ඒ තරම් අල නැහැ. බටහිරකරණය වූ බ්‍රෙඩ්ටෝක් බනිස් වගේ. පාන්වලට මාළු අනුපාතිකය: කදිමයි.  60%යි. නිගමනය: වෙනස් විධියක මාළු පාන්. සැහැල්ලුයි. අල වැඩියි. චීස් රසයි.




ලංකා හොස්පිටල්ස් (රු. 40)

පුදුම හිතුණා. අල්ලනකොට මෘදු, ඒ වුණාට බර මාළු බනිසක්. එය මේසය මතට දැමුවාම අනෙක් ඒවා වගේ බොල් හඬින් නොවෙයි. පිරුණු හඬකිනුයි පතිත වන්නේ. මතුLanka Hospitals Malu Paan Insideපිට රන් පැහැයට පිළිස්සිලා. ඇතුළත ඉතා මෘදුයි. අනුපාතිකය විශිෂ්ටයි. ගොඩක් ලීක්ස්, අල, අමු මිරිස්, කැරට්, දුරු හා රසවත් මාළු. රසින් මෙය තමයි හොඳම එක. ඒත්, කලකට ඉහතදී, මෙතැන ඇපලෝ රෝහල කාලේ තිබුණු මාළු පාන් අති විශිෂ්ටයි. එහි මාළු චිකන් වගේ. පාන්වලට මාළු අනුපාතිකය: ඉතා ඉහළයි. 71%යි. නිගමනය: අව්‍යාජ මාළු පාන් සඳහා හොඳම තැනක්.




ෆැබ් (රු. 60)

Fab Malu Paan Inside

මෙහි ගම්මිරිස් යොදා පිසින ලද තැඹිලි පාට අල මුසු මාළු කරියක් තිබෙනවා. රසයි. අනුපාතිකය හොඳයි පාන්වලට මාළු අනුපාතිකය: හොඳයි 60%යි. නිගමනය: ඉතා හොඳයි. තව මාළු ටිකක් අඩංගු වුණානම් හොඳයි.




කැරවෑන් ෆ්‍රෙෂ් (රු. 45)

Caravan Fresh Malu Paan මේ වියළිම මාළුපාන්වලින් එකක්. කරිය සැර රසින් යුක්තයි. රස නරක නැහැ. ඒත්, පාන් ටිකක් හයියයි. පාන්වලට මාළු අනුපාතිකය: හොඳයි. 60%යි. නිගමනය: නරක නැහැ.




Malu Paan Carcasses
See 3 Comments