Posted by
Eden Nai Miris නයි මිරිස් කියන්නේ සැර ම සැර මිරිස් වර්ගයක්. එයින් ලැබෙන රසය වේදනාවත්, සතුටත් මුසු වූ එකක්. කාලා සෑහෙන වෙලාවක් යනතුරු නයි මිරිස් සැර රැඳී තිබෙනවා. නයි මිරිස් හෝ කොච්චි කරලක් එහෙම පිහියෙන් කැපුවත් ඇති අත දැවිල්ල ගන්න. අත සේදුවත් දැවිල්ල අවසන් වන්නේ නැහැ. ඒ අතින් ඇස් එහෙම ඇල්ලුවොත් දයියා තමයි. Eden Nai Miris නයි මිරිස් වේදනාව මිහිරි වේදනාවක්. යම් ආහාරයකට නයි මිරිස් එක් කළාම එට අපූරු රසයක් එක් වෙනවා. නයි මිරිස් පේස්ට් එකක් ලෙස බත්තරමුල්ලේ ගුඩ් මාකට්හි (Good Market) අලෙවියට තිබෙනවා.

ඊඩ්න් ෆුඩ්ස් විසින් නිෂ්පාදනය කර තිබෙන එහි ගින්දර වගේ වෙළඳ නාමය Fire Starter. එය සැලඩ් සඳහා මතුපිට තැවරුමක් ලෙස වගේම  ඔබාගෙන කන්න පවා හොඳයි.

ටිකක් මිළ අධිකයි. මිළ රු. 400ක්. ඒත්, අපි මේ නිෂ්පාදනය ‍වෙන කොහේදිවත් දැකලා නැහැ. බත්තරමුල්ලේ Good Marketහි බ්‍රහස්පතින්දා දවල් 12 සිට රාත්‍රී 8 දක්වා මෙය මිළ දී ගන්න පුළුවන්.  
Leave a comment