Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2


Posted by
නුවරඑළිය ප්‍රිංගල් කාඩිගැන් ප්‍රිංගල් කාඩිගැන් ඇඳගෙන, කැස්බෑලෙලි කණ්ණාඩි දාගෙන


නුවරඑළියේ කාන්තා කලිසම් කාන්තා බොටම් කලිසම් රු. 350ට


නුවරඑළිය හේමන්ත වෙළඳපොල පාට පාට


Nuwara Eliya Market Salesman ළාබාල වෙළෙන්දා


නුවරඑළිය හේමන්ත වෙළඳපොළ හෙවත් Winter Market එකට ඇත්තටම භාවිතාවන නම ඒකද කියා අපට සහතික නැහැත ඒත්, එතැන අපූරු ස්ථානයක්. නගරය මැද, වටරවුම අදල නිව් බසාර් පාරේ පිහිටි වින්ටර් මාකට් එක අපිළිවෙල, ඒත් ආකර්ශනීය වෙළඳපොළක්. එහි සෑම ආකාරයකම හේමන්ත ඇඳුම් අට්ටි ගසා තිබෙනවා. ලෝමවලින් සාදන ලද ජම්පර්, හුඩීස්, කාඩිගැන්ස් ආදී ඇඳුම් හැම තැනම. බීනි, බොබල් තොප්පි, ස්කාෆ් ආදිය ඔබ වෙත දිගුකරන වෙළෙන්දෝ හැමතැනම. ඒවායේ ඇස් කඩාගෙන යන වර්ණවලින්, අලංකාර විරහිත ස්වභාවයෙන් ඔබ එකවරම තිගැස්සෙන්න පුළුවන්. ඒත්, මතක තබාගන්න, ඔබ කැමති සුන්දර දෙයක් ඒ ගොඩවල් අස්සේ තිබෙන්න පුළුවන්. GAP, Nike, Zara, H&M ආදී ලාංඡන රැසක රෙදිපිළි එහි තිබෙනවා. හැම දෙයක්ම විකිණෙන්නේ ඒවායේ සැබෑ වෙළඳපොළ මිළෙන් අංශුමාත්‍රයකට. නිදසුනක් ලෙස අපි මිළදීගත්තා ඩොලර් 250ක් වන Pringle කාඩිගැන් එකක් රු. 350කට.

ඇඳුම් තමයි පුඡාන ආකර්ශනය. ඒත්, රන්, රිදී ‍පැහැ අරුමෝසම් බඩු අතරත් අවුස්සා බලන්න. American Apparel මෝස්තරයේ රන්වන් ඝනකම මාලයකුත් පැරණි මෝස්තරයේ කරාබ් රදකකුත් අපි ගත්තා රු. 150කට. හිපි විලාසිතාවේ කණ්ණාඩි හා කැස්බෑ ලෙලි මෝස්තරයේ රාමු සහිත කණ්ණාඩි රු. 200ටත් අඩුයි.

ඉතින් මොකටද, නුවරඑළි ගමන සිහිවෙන්න ඔය පිංතූර තැපැල්පත් වැනි වෙනත් සිහිවටන. මේ මිහිදුම් නගරය සිහිපත් වෙන්න ගන්න මේ වෙළඳපොළෙන් GAP හුඩියක් හෝ ගොතනලද Pringle කාඩිගැන්එකක්.

මේ වින්ටර් මාකට් එකේ තිබෙන අතිවිශේෂ ලක්ෂණය මොකක්ද දන්නවාද? ඒක අවුරුද්ද පුරාම තිබෙනවා.
Leave a comment