Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

කුකුලා සහ බිත්තරය.. යොදාගෙන ගෙදරදිම හදන්න පුළුවන් සුපිරි කෑම ජාති 4ක්

හැමදාම ඔය දෙක වෙන වෙනම කන එකේ.. බලන්නකො…

Posted by

හැමදාම ඔය දෙක වෙන වෙනම කන එකේ..

බලන්නකො මේ පාර, මේ විදියට හදාගෙන කාලා..

කුකුලයි, බිත්තරෙයි එකට!

1. බුල්සායි රැප්ඩ් වින්ග්ස්

ඉස්සෙල්ලම චිකන් වින්ග්ස්.. හම ඇරල, ඉඟුරු සුදුළූණු, කහ ගම්මිරිස්, දෙහි ලුණු ටිකක් අතගාලා පදම් වෙන්න අරින්න. ඇරලා.. සෝයා සෝස් ටිකකුත් එකතු කරල, ඒ අනික් පැත්තටම වගේ හොඳට පෑන් ෆ්‍රයි කරගන්න. කරලා.. පෑන් එක ආයෙත් රත් වෙන්න තියන්න හැබැයි වැඩි ගින්දරේ. මොකද එහෙම කරල බිත්තරේ දැම්මාම තමයි බුල්සායි එකේ යට පැත්ත කර වෙලා මැද හාෆ් බොයිල් වෙන්නෙ. ඒ විදියට ඉතින් අර බිත්තරේ හාෆ් බොයිල් වෙද්දි ඒ උඩින් වින්ග් එකක් තියල බුල්සායි එක රෝල් කරල ගත්ත නම්.. ටොප් තමා ආයෙ.

තව එකක්.. ඕක කන්න පොඩි කොච්චි පේස්ට් එකකුත් හදාගන්න පුළුවන් වුනොත්..!

2. ෆ්‍රයිඩ් එග් ෆිල්ඩ් රෝස්ට්

සම්පූර්ණ කුකුලා අරගෙන මැද්ද සියල්ල සුද්ද කරල ඉඟුරු සුදුළූණු, ගම්මිරිස්, කහ, සේර, මිරිස්, දෙහි, සියඹලා, මී කිරි මිශ්‍රණයක වරු බාගයක් විතර පදම් වෙන්න අරින්න. ඒ අතරට හදාගන්න බිත්තර තම්බල, ගැඹුරු තෙලේ පදමට බැදල, දිග අතර පළල, කැරට් ලීක්ස් ලූණු අඩුම කුඩුම සියල්ලම එකතු කරපු සැලඩ් එකක්. ඊට පස්සේ.. කුකුලගෙ ඇතුළට අර සැලඩ් එක පුරවල ඇලුමිනියම් කොළේක ඔතල ග්‍රිල් කරගන්නයි තියෙන්නෙ.

ආයෙ..?

හැබැයි මේක කන්න ඕන කරන්නෙ නෝමල් චිලි පේස්ට් එකක්, ඔව්..

3. බ්‍රෙස්ට් බර්ගර්

චිකන් බ්‍රෙස්ට් එකක් අරගෙන ඒකෙ එක කෙලවරක ඉඳන් හාෆ්කට් දිදී මස් පලුව තුනී වෙලා ලොකුවෙන විදියට කපාගන්න. ඊට පස්සෙ ඒක ඉඟුරු, සුදුළූණු, සේර, ගම්මිරිස්, සෝයාසෝස් මිශ්‍රණයක අතගාලා පෑන් ෆ්‍රයි කරගන්න අතරට.. ඒ පෑන් එකේම හරි කමක් නෑ පැත්තකින් බුල්සායි එකක් දාගන්න ගොඩක්ම තුනීවට. අන්තිමට ඉතින් දෙකම හරියාගෙන එද්දි.. මස් පලුව උඩට බුල්සායි එක දෙකට නවල තියල, මස් පලුව දෙකට නවල, දෙපැත්ත දාලා කර කරලා බාන්න ටිෂූ එකක් උඩට. තෙල් බේරීගෙන එද්දි එහෙම්මම ඒ උඩට චීස් පෙත්තකුත් දාලා ගත්තාම..!

4. බ්ලැක් පෙපර් ගිසාඩ්, ලිවර්, පොඩි බිත්තර

ගිසාඩ්, ලිවර් නම් හොයාගන්න පුළුවන්නෙ. තව හොයාගන්න ඕන බඩේ බිත්තර. ඒවා නම් මස් කඩයකින්ම තමයි ගන්න වෙන්නෙ. කොහොමහරි ඒ බිත්තරත් එක්ක ගිසාඩ්, ලිවර් ටිකත් හෝදල අරගෙන ඉස්සෙල්ලාම ලාවට පෑන් ෆ්‍රයි කරන්න. කරල ගම්මිරිස්, ලූණු, කොච්චි, සුදුළූණු, ඉඟුරු, ගොරකා අඩුම කුඩුම සියල්ල එකට අඹරපු මිශ්‍රණයක අතගාලා පැයක් විතර පදම් වෙන්න ඇරලා.. වතුරෙන් නැත්නම් දිය කිරෙන් හරි කමක් නෑ.. හින්දල ගන්නකො.

ආයෙ පෝරණු පාන් එහෙම.. ගෙඩි පිටින් යන්නෙ ඈ...

Leave a comment