Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

වැස්ස කාලෙ ඇඩ්වෙන්චර්! ලංකාවෙ සුපිරිම ‘රේන් ෆොරස්ට් එක්ස්පෙඩිෂන්’ 4ක්

කිව්ව කියල ඉතින් දැන් තකහනියක් කදමලු බැඳගෙන…

Posted by

කිව්ව කියල ඉතින් දැන් තකහනියක් කදමලු බැඳගෙන ටුවර් යන්න ලෑස්ති වෙන්න එපා. පොඩ්ඩක් ඉවසල ඉන්න. ඉඳලා.. ජුලි මාසෙ මුල් සතියෙ එන නිවාඩුව අල්ලන්න.

අල්ලල ඉතින් බලන්නකො ඔන්න ඔය පහළින් තියෙන ප්ලේස් වලින් එකක් ගලපගෙන වැඩේට බහින්න.

හැබැයි.. දන්නවනේ, ‘රේන් ෆොරස්ට් එක්ස්පෙඩිෂන්’ කිව්වාම!

තිතටම ලෑස්තිය හොඳේ..

1. නක්ල්ස්; ඇටන්වල සිට රත්නගිරිය දක්වා

දළ වශයෙන් රෑ 3ක ගමනක්. හැබැයි ඔයාලා සතා සීපාවා, ගහකොළත් අධ්‍යයනය කරගෙනම යන්න ඉන්නව නම් රෑ 4කටවත් ලෑස්ති වෙන්න ඔ්න. ගමන පටන් ගන්නෙ මාතලේ; පිටවල, ඇටන්වල ගමෙන්. ගයිඩ් කෙනෙක් අනිවාර්යයි. ඒ හැරුනාම මතක ඇතුව.. බැක්පැක් එකේ තියෙන දේවල් වෝටර් පෘෆ් කරගන්න. බූට් පෙයාර්, දිග මේස්, ඉක්මනින් වේලෙන ඇඳුම්.. කියන්න ඔ්න නෑනෙ ඉතින් නක්ල්ස් යනව කිව්වාම?

ඇත්තටම දූවිලි ඇල්ලට යනකම් පාර ටිකේ තමයි ලොකුම ගේම තියෙන්නෙ. මොකද ඔය පාරවල් 3ක් තියෙනව ගොඩ දාගන්න. ඊට පස්සෙ ඉතින් ලොකු අවුලක් නෑ. කොහොමහරි වකුටු පතන පහුකරගෙන කේඒම්පී. වාඩියට මතු වුනොත්.. ගෙදර ආවා වගේ තමයි ඉතින්!

2. ශ්‍රීපාද අඩවිය; මාලිබොඩ සිට අඩවිකන්ද දක්වා

අවාරේ සිරිපා කරුණා..

කරන්න යන බොහෝ දෙනෙක් පරිසර ලෝලීන් වුනාට.. වාරෙ යන අය නම්..?

ඒවට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. කොහොමහරි මේ ගමන පටන් ගන්නෙ දැරණියගල, මාලිබොඩින්. නකල්ස්වල වගේ ලොකු ලොකු ඔය පාරවල් පහු කරගෙන යන්න නැති වුනාට මාලිබොඩින් අඩවිකන්ද පාරට ඇවිල්ල පල්ලම් බහිද්දී.. සීත ගඟුලට සෙට් වෙනවනෙ. අන්න ඒකෙන් ගොඩ එන්න නම් ටිකක් ලොකු ගේමක් ගහන්න වෙයි. අනිත් එක තමයි මේ ගමනටත් අනිවා පාර දන්න කෙනෙක් එකතු කරගන්න. ම්.. හැන්දෑවෙ 5 ඉඳන් උදේ 7 වෙනකම් වගේ කාලය පුලුවන් තරම් කොහෙට හරි ප්ලේස් වෙලා ඉන්න එක තමයි හොඳ. මොකද ධැවැන්තයා..

අලි පාරෙ!

3. මන්දාරම්නුවර සිට පිදුරුතලාගල

මුලින්ම කියන්න ඔ්න, මේ ගමන යන්න අනිවාර්යයෙන්ම අවසර ගන්න පිදුරුතලාගල හමුදා කඳවුරෙන්. අරගෙන.. පිටත් වෙන්න මන්දාරම් නුවරින්. හැබැයි ගයිඩ් කෙනෙකුත් එක්ක හොඳද. පිටත් වෙලා.. කොඩිආරගල, බෙරගහන ඇල්ල, හාන්සි දෝව ඇල්ලත් බලාගෙන ඒ කිට්ටවම තියෙන ලෙනක රාත්‍රිය ගත කරන්න පුලුවන්. ඊට පස්සේ.. පහුවෙනිදා උදෙන්ම පිටත් වුනා නම්, හෑ ලූණු (ගස් සුදුළූණු) පතන (රාවණා කතාවට සම්භන්ධ) මැදින්.. ලස්සන විව් එකක්, මීදුමෙන් වැහිච්ච පරිසරයක් එක්ක කඳවුරට කිට්ටු කරන්න පුලුවන්. 

4. සප්තකන්‍යා

ඇත්තටම ගොඩ දෙනෙක් මහ අමුතුවට මවා පාපු කඳු වැටියක්. කොටින්ම කියතොත් හොල්මන් පවා ඉන්නව කියන්නෙ!

ඒකට කාරි නෑ.. පාර දන්න කියන ගයිඩ් කෙනෙක් හොයාගත්ත නම් අවංකවම එක රැයයි. හැබැයි පැහැදිලිවම කියන්න ඔ්න ලස්සන, සුන්දර ගමනක්. ඊටත් ඒ රාත්‍රිය ගතකරන්න තියෙන ගල් තලාව, එතනට පාන්දරට පේන හිරු උදාව.. ෂැහ්, කියල වැඩක් නෑ ආ.. 

හැබැයි එකක්. මේ කඳු වැටියෙ 6 වෙනි කන්දට යන්න නම්.. ටිකක් විතර අමාරුයි. බොහෝම පරිස්සමට කඹයක් එහෙම පාවිච්චි කරල තමයි වැඩේට බහින්න ඔ්න. ම්.. ඒ හැරුනාම ඉතින් ලොකු අවුල් තියෙන තැන් නම් නෑ. අර.. ගමනෙ අවසාන ටික, හෙලේ බැස්ම තමයි..!

Leave a comment