සියරට අප දේ සිරිසැප ගෙන දේ..
කනබොන අයයි මේවා දන්නේ..
මස් මාළු වගේ නෑ වැඩි වියදම් නෑ..
පොඩි ගාණයි මේකට යන්නේ!
ඉස්සර නම් ගෙවල්වල මිදුලෙත් තිබ්බා. ඒත් දැන්?
කමක් නෑ කොහෙන් හරි හොයා ගන්නකො. හොයාගෙන.. හෝදල කරලා, වතු පෙරන්න තියලා, ඇතිලියක් ලිපේ තියන්න පොල් තෙල් චූට්ටක් දාලා. තියල තෙල් ටික රත්වීගෙන එද්දිම අබ, රම්පෙ කරපිංචා, සුදුළූණු දාලා ඒ අනික් පැත්තටම දාන්න අර මල් ටික. දාලා හොඳහැටි පොලුත් දාලා සනිකවම බාලා ගන්න ඔ්න හොඳද. අර ඇතිලියෙ රස්නෙට වගේ මල්ටික මැලවුනාම ඇති. බාලා අරගෙන.. රතුලූණූ හීනියට ලියලා දාලා, දෙහි ඇඹුල් ටිකකුත් කලවම් කරලා තමයි කෑමට ගන්න ඔ්න..
මේකෙදිත් ඒ වගේමයි. හැබැයි තෙල් ටික රත් වෙද්දි අබ, ඉඟුරු, සුදුලූණු, රම්පෙ කරපිංචා එක්ක කෑලි මිරිස් ටිකකුත් දානවා. දාලා ලූණූ අඩුම කුඩුමත් දාලා බිත්තරයකුත් දානවා කැරලි වෙන්න. ඊට පස්සෙ තමයි කතුරුමුරුංගා මල් ටික දාලා ලාවට පාට වෙන්න ෆ්‍රයි කරලා අරගන්නෙ.
මේක ටිකක් ස්පෙෂල්. වෙනදට හදනවට වඩා අනිවා වෙනස්!
මුලින්ම බිම්මල් ටික තෙල් චුට්ටක් මැටි ඇතිලියකට රත් වෙන්න ඇරලා ඒකට දානවා. දාලා බැදීගෙන එද්දි තමයි සුදුලූණු, ඉඟුරු, රම්පෙ කරපිංචා, මිරිස් කුඩු, තුනපහ අඩුම කුඩුම සියල්ලම දාන්නෙ. දාලා ඒ ටික ලාවට කරවෙද්දිම දාන්න ඔ්න දියකිරි. දියකිරි ටික හිඳීගෙන එද්දි මිටිකිරි දාලා දෙපාර නටද්දි බාලා අරගෙන.. කොත්තමල්ලි කොළ ටිකක් එහෙමත් උඩින් දාලා වහලා තියලා.. නිවුනට පස්සෙ අරගෙන බලන්නකො කෑමට!
කෙහෙල් මල.. උයන්න ගන්නකොට තරම් හීනියට ලියන්න එපා. ඇඟිල්ලක් විතර මහතට ලියන්න. ලියලා.. දෙහි, කහ, ගම්මිරිස් ඇඹරුමක් හොඳහැටි අතගාලා පදම් වෙන්න අරින්න පැයක් හමාරක්. ඊට පස්සෙ කෝන්ෆ්ලා, බිත්තර, බටර් එකට දාලා බීට් කරලා හදාගත්තු මිශ්‍රණයක ඇති පදමට දවටලා අරගෙන ගැඹුරු තෙලේ බැදගත්ත නම්..
සෝස් සමඟ වුනත් ටොප් ස්නැක්ස් තමයි.
පොකුරු වදමල් කියන්නෙත් දැන් දැන් නම් හරිම දුර්ලභ දෙයක්. කොහොමවුනත් මේකෙ තැම්බුම මාරම ගති. හදාගන්නත් හරිම ලේසියි.
මල් හොඳට හෝදලා කරලා උතුරන වතුර පුරවපු භාජනයකට දාලා වහලා තියලා තම්බ ගන්න ඔ්න. කොටින්ම වතුර නිවෙනකම්ම වගේ. ඊට පස්සෙ ඒකට රස පදම බලලා දෙහි ඇඹුල්, සීනි දාලා දියකරලා.. ෆ්‍රිජ් එකේ දාලා කූල් කරලා ගන්නයි තියෙන්නෙ බීමට!
Buffets are back!
Post-lockdown high tea seshs in Colombo.
The 2021 edition of buffets in Colombo.
Day outing packages available in and around Colombo.
High tea round-up of 2021.
Delete Comment