කාලෙකට පස්සෙ ඉතින්..
ඔන්න එනවා.. සුපිරිම නිවාඩුවක්, ටොප් ට්‍රිප් එකක් යන්නම කියාපුම.
ඒකට.. අපෙනුත් අනිවා සප් එකක් තියෙන්න එපැයි ඔයාලට. ඒකමයි මේ හොයල හොයල කියන්නෙ, නිදහසේ පාඩුවෙ රස කෑමක් බීමක් රස බලල, කැළේ කොලේ හතර වටේ රවුමක් ගහලා.. හිතේ හැටියට රිලැක්ස් වෙලා එන්න..
යන්න, පංකාදු වනගත නවාතැන් ටිකක්!
හබරණ-මරදන්කඩවල පාරෙ පොඩ්ඩක් ඉස්සරහට යද්දි වැව් ඉහත්තාවක ඝන කැළේට මායිම් වෙන්න..
හදපු අපූරු ලී කබානා ටිකක්. ඒසී. එහෙම කරල සුපිරි සුවපහසුවටම තියෙනව. ඊටත් ඒකෙ වැඩියෙන්ම වටින්නෙ මහ විසාල වත්ත. පොකුණු, වනරොද බඩවැටි, රූස්ස ගස්.. හැම එකකින්ම පිරිල ඉතිරිලා ගිහින්. එයාලගේ.. කෑම්ප් සයිට් එකත් අලිවැට මායිමේම.. තඩි කුඹුක් ගස්වලින් හෙවණ වෙච්ච ඇල ඉවුරක.. කොටේජ් ඔක්කොම ට්‍රී හවුස් වගේ කණු උඩ ගහල නිසා හැන්දෑවට, උදේට ලස්සන..
බොරු නම් ගිහිල්ලම බලන්නකො.
හපුතලේ කඳු මුදුනක, වළාකුල් අතරේ සැඟවුනු අතිශය සුන්දර.. සුපිරි සුවපහසු බංගලාවක්. වටපිටාව ඝන කැළේ නොවුනට ටිකක් එපිටට වෙන්න පුංචි ලස්සන කැළෑවකුත් තියෙනව, පොඩි හයික් එකකුත් එක්කම. මෙයාලගේ.. කෑම බීම එහෙමත් පංකාදු පහයි. බංගලාවෙ 8, 10කට ඉන්නත් පුලුවන්. එහෙම නැත්නම් තව ලස්සන ෆැමිලි කොටේජ් එකකුත් තියෙනව. හැබැයි.. ඔය කොයි එකක හිටියත් ලැබෙන අත්දැකීම නම් කියල නිමකරන්න බැරි ගානයි..
කන්දක් දිහා බලාගෙන, ස්විමින්ග් පූල් එකක බැහැගෙන හෙමීන් සැරේ බීර වීදුරුවක් තොලගාන්න. රස කෑම ටිකක් කන්න, සුවපහසු ලී ට්‍රී හවුස් කොටේජයක රාත්‍රිය ගතකරන්න..
විතරක් නෙවෙයි, කන්දෙ හයික් එකක් යන්න එහෙම නැත්නම් හොඳහැටි ඉඩකඩ ඇති පිට්ටනියෙ හිතේ හැටියට සෙල්ලම් කරන්න කියාපුම තැනක් තමයි ආ..
ඊටත් කොළඹ කිට්ටුවෙන්මනෙ!
නමේ හැටියටම සීගිරියට කිට්ටුවෙන්ම වැව් ඉහත්තාවක පිහිටපු අපූරු, සුවපහසු.. මැටි, ලී කොටේජයක්. පුංචි පවුලක් තමයි වැඩේ කරගෙන යන්නෙ. මෙතන තියෙන විශේෂත්වය තමයි එයාලගෙ වත්ත. ඇත්තටම ඒක පුංචි හේනක්. හේනෙ මායිම ලොකු ගල්තලාවක්. එතනට නැග්ගාම.. එපිටින් පොඩි වැවක් කියන්නකො!
වැවටත් එපිටින්.. සීගිරියයි, පිදුරංගලයි..
හරිම ලස්සනයි. ඔක්කොමත් හරි මෙයාලාගෙ කෑම වේල?
හප්පේ.. ආයෙ අමතක නොවෙන තරමටම රස, පංකාදු ගමේ කෑම වේලක් හොඳද.
සොරබොර වැව මැද දූපතේ.. ගිණිමැලයක් ගහගෙන නයිටක් ගහන්න, බාබකියු ඩිනර් ෆන් එකක් දාන්න, පොඩි පැල් කොටයක සැපට නිදාගන්න, ගමේ රහට කෑම ටිකක් කාලා පාන්දරින්ම වැව හතර වටේ බෝට්ටු සවාරියක් යන්න..
ආසයි නම් දැන්ම කෝල් කරල බුක් කරන්න..
මේ අවුරුද්දෙ කොළඹින් හොයාගන්න පුළුවන් හොඳම බුෆේ
Post-lockdown high tea seshs in Colombo.
Excellent rice and noodles made from a wok and served in a box, literally.
We tasted every locally brewed and available beer. In the name of science!
A popular Indian restaurant serving mainly North Indian cuisine. The food is very rich, and quite good.
Delete Comment