Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

ලන්දේසීන්ගෙ ලම්ප්රයිස්.. කටට රහට රස බලන්න කියාපු කඩ 5ක්

පහුගිය දවස් ටිකේම.. එක එක තැන්වලින්, ඇති…

Posted by

පහුගිය දවස් ටිකේම.. එක එක තැන්වලින්, ඇති හැටියට ලම්ප්රයිස් කාපු නිසා.. මට හිතුණා ඒ තැන් ගැන පොඩි විස්තරයක් ඔයාලටත් කියන්න.

හැරත් මේ.. පඩි එන සතියෙ පොඩි ගාණක් වියදම් කරල ඉතින්, කාලෙකට පස්සෙ.. කටට රහට බත් ටිකක් රස බැලුවැයි කියල මොනව වෙනවද නේ…

1. Roo's Deli

මික්ස් මීට්, චිකන්, ෆිෂ්, එග්.. කැමති ජාතියකින් ලම්ප්රයිස් ගන්න, රු. 500-700 අතරෙ. යන්න රත්මලාන ‘රූස් ඩෙලි’ එකට. ම්.. ගාණ ටිකක් සැරයි වගේ පෙනුනට.. එක්කෙනෙක්ට ඇති හැටියට බත් අඩුම කුඩුම ටික තියෙන ලම්ප්රයිස් එකක් තමයි මෙයාලගෙ තියෙන්නෙ. විශේෂයෙන්ම මික්ස් මීට් එක එහෙම.. නූලට මිරිස් තුනපහ, ලුණු ඇඹුල් ටික දාලා හදපු චිකන්, පෝර්ක් කලවමයි.. පංකාදු බටු මෝජුවයි, පදමට බැදුණු තම්බපු බිත්තරයයි, මීට් බෝල් 2යි. ඒ අතරට බැදල උයපු අළුකෙහෙල් මාලුවකුත් තියෙනව නොම්මර එකට.

ඒකයී.. ආහ්, ටොප් සීනි සම්බෝලයකුත් තියෙනවනෙ නිකම් කටගැස්මට වගේ..

ඉතින්.. පංකාදු පහයි හොඳේ!

2. The Islandic (Flamingo House)

‘පෝර්ක් ලම්ප්රයිස්’?

මොකද හිතන්නෙ..

රු. 800යි වෙන්නෙ. ගියා නම් හෝර්ටන් ප්ලේස් ‘ෆ්ලෙමින්ගෝ හවුස්’ එකට, දැම්ම ඔ්ඩරේ, කෑවා සැපට ඉඳගෙන.

ආයෙ.. නිකම්ම පෝර්කුත් නෙවෙයි, නොම්මර එකේ බ්ලැක් පෝර්ක්. මිරිස් තුනපහ, ඇඹුල් අඩුම කුඩුම ගැනත් කතා කරන්න දෙයක් නෑ ඒකෙ. ඊටත් සීනි සම්බෝලෙ.. උම්බලකඩ එහෙමත් හොඳහැටි දාලා. අළුකෙහෙල් මාලුවත් ටොපේ ටොප්. ම්.. ෆ්‍රිකැඩල් වෙනුවට නම් තිබ්බෙ ටිකක් ඒ වගේම, හැබැයි කට්ලට් දෙකක්. කොහොමවුනත් බටුමෝජුවත් නියමයි. ඔක්කොමත් හරි රස වෑහෙන බෙලැකන් එකයි, බැදපු බිත්තරයයිනෙ.. ඒක එකතු කරගත්ත කියන්නෙ ඉතින්..

බලන් ඉඳිද්දි බත වාශ්පයි..

3. Lagoon Kitchen

මෙයාල නම් ඩිලිවරි විතරයි කරන්නෙ. හැබැයි එහෙමයි කියල කොලිටියෙ අඩුවක් නෑ. ඊටත් ඉස්සො, මික්ස් මීට්, චිකන් වගේ ජාති තොගයකින් තියෙනවනෙ. ම්.. ඔය කිව්වට ඉස්සො එක නම් එච්චරම හරි නෑ.‌ මොකද ඉන්නෙ ඉස්සො දෙන්නයි, ඒ දෙන්නගෙම තුනපහ රස හැරුනාම ඉස්සො රසක් එන්නෙම නැති ගාණයි. ඒකට.. බලන්න එපැයි මික්ස් මීට් එක. ෂප්පේ.. මදි නොකියන්න මිරිස් තුනපහ ටික දාලා හින්දපු චිකන්, පෝර්ක් කලවමක්.. ආයෙ පංකාදුයි ඈ.. අනික ඒකත් එක්ක අළුකෙහෙල් මැල්ලුමයි, බටුමෝජුවයි, සීන්සම්බෝලයයි එකතු වුනාම? බැදපු බිත්තරෙත් රස පදමට තකට තක. මෙයාලා නම් හැබැයි ෆ්‍රිකැඩල් එක හදන්න පොඩි උත්සාහයක් දරල තියෙනව. ඒත් 100%ක්ම සාර්ථක වෙලා නෑ. අවුලක් නෑ ඒත්, ගාණ රු. 500-600යිනෙ.

4. Lansi's

මේකත් ඩිලිවරි ප්ලේස් එකක්. චිකන්, මට්න්, එග් වගේ ලම්ප්රයිස් ටිකක් තියෙනවා.. රස අතින් ටොප් එකට හදාපු. විශේෂයෙන්ම මට්න් එක.. හොඳහැටි තුනපහ දාලා හින්දපු මස් කෑලිනෙ. ආයෙ ස්ටොක් වලින් තම්බපු සම්බාහාලෙ බතයි, සීනි සම්බෝලයයි, බටුමෝජුවයි, අළුකෙහෙල් මැල්ලුමයි එක්ක රස නහර පිනායයි ඉතින්. ඒ අතරට, තම්බල බැදපු බිත්තරේ, බෙලැකන්, මික්ස් මීට් කට්ලට් එහෙමත් එකතු වුනාම..

කතහැකි යාළු ගමකට.

ම්.. ගණන් තමයි හැබැයි, රු. 500-700 වගේ යන්නෙ.

5. Mad Curry Skills by Chari

වැඩේ කියන්නෙ මෙයාලත් ඩිලිවරි විතරයි. හැබැයි කෑම රසයි. තියෙන්නේ.. චිකන් ලම්ප්රයිස් විතරයි. ඒත් ඉතින් ඒකම ඇති ගාණයි. පොඩි පොඩියට කපල හොඳහැටි තුනපහ අඩුම කුඩුම දාලා හින්දල ගත්තු චිකන් කරියත් එක්ක, රස වෑහෙන බටු මෝජුවයි, අළුකෙහෙල් මැල්ලුමයි, තම්බපු බිත්තරයයි.. ආහ්, ටොප් බෙලැකන් එකකුත් තියෙනවනෙ. ඒකයි තව, චිකන් කට්ලට් එකකුත් තියෙනව රස පදමටම ගැලපෙන්න..

ඉතින්.. ඒ එක්ක බලද්දි රු. 500ට ෂේප් ඇත්තටම!

Leave a comment