ම්... පඩි එහෙමත් එන්න ටිකක් පරක්කු වෙන එකේ...
මොකද කියන්නෙ, පොඩි ගාණක් දාලා රස බලමුද, කාලෙකට පස්සෙ
උණු උණු ආප්ප, බිත්තර ආප්ප ටිකක් එක්ක දයියා මිරිස් මාළුවක්, පංකාදු කිරි මාළුවක්, කට්ට සම්බෝලයක්, පරිප්පුවක් එහෙම...?
ආප්ප, බිත්තර ආප්ප විතරක් නෙවෙයි මිරිස්, ගම්මිරිස් ටිකක් දාලා හදපු හාෆ් බොයිල් බිත්තර ආප්පත් උණු උණුවෙ... ටොප් දයියා මිරිස් මාළුවක් එක්ක, හායි හූයි ගගා හිතේ හැටියට රස බලන්න, යන්න බම්බ ‘ටේස්ට් ඔෆ් ඒෂියා’ එකට. ආයෙ ඉතින් කියල වැඩක් නෑ ආ... සදා මතක හිටින රසක් තමයි. ඊටත් මෙයාලගෙ කිරි මාළු කරිය එහෙම... හප්පේ... ඒකයි කට්ට සම්බෝලයයි, ප්ලේන් ආප්පයි ගත්ත නම්...
ගමකට කයි කට්ටිය
දෙල්කඳ හංදියෙන් නුගේගොඩ පරණ පාරෙ...
හවස 5 වෙද්දි දාන්න පටන් ගන්නව මෙතන උණු උණු ආප්ප. ඒවට කොහොමත් හොඳ ලුණුමිරිසක් හම්බුවෙන නිසා... හොඳම වැඩේ තමයි පරිප්පු කරියකුයි, මිරිස් මාළුවකුයි ගන්න එක. ඊට පස්සෙ ඉතින්... රඹටි හැලෙන්න ආප්ප කෑවා කියයි.
හැබැයි පොඩ්ඩක් හොයල බලල යන්න, කොරෝනාවලින් පස්සෙ එයාලා දැන් ආප්ප වැඩේ පටන් අරගෙනද කියල හොඳද.
වගකීමෙන් කියන්නෙ යාළු මෙයාලගෙ ආප්ප නම්...
එක පාරක් කෑවොත් ආයෙ හැමදාම වුණත්.
මොකද... ප්ලේස් එක තියෙන්නෙත් නවරෝහල වැව ඉස්සරහ. ලෑලිවලින් හදපු අපූරු භෝජනාගාරය. ඉතින්... හැන්දෑවෙ 5 වෙද්දිම ගොඩවුණා නම්, ඕඩරේ දාන්න තියෙන්නෙ ප්ලේන්, බිත්තර, හාෆ්බොයිල් ආප්ප ඕන එකකින්. දාලා ගේන්න කියන්න මිරිස් මාළු කරියයි, පරිප්පු කරියයි, ලුණුමිරිසයි...
එච්චරයි... ආයෙ කාලා බලන්නකො.
වෙනසක් කරන්න යන්න කොල්ලුපිටියෙ ‘ඌව’ එකට. ගිහිල්ල ගන්න ප්ලේන්, බිත්තර ආප්ප එක්ක එයාලගෙ කිරිමාළු කරියයි, ලුණුමිරිසයි...
කිව්වට විශ්වාස කරන්න යාළු... ආයෙ පහුවදාටත් හොයයි ඒ මෙනුව ම හොඳද!
මවුන්ට්වල තියෙන පොඩි පහේ හෝටලයක්. හැබැයි ටොප් එකට ආප්ප ටික නම් හැදෙනව. ඒ වගේම එයාලගේ... මිරිස් මාළු කරියයි, කිරි මාළු කරියයිත් පංකාදු පහයි. මෙතන ආප්ප එක්ක ඔයාට පොඩි වෙනසක් වගේ කරන්න ආස නම්... ගන්න ලිවර් කරි එකක් හරි, බීෆ් කරි එකක් හරි...
ආයෙ ඉතින්...!
16 places for your next coffee date.
Popeyes, the American, multinational, fast food chain of fried chicken is now open in Sri Lanka.
Cafes with good work environments.
තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!
Post-lockdown high tea seshs in Colombo.
Delete Comment