Artwork for Astra Mayo top banner 1
Artwork for The Garden top banner
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

මහ වන මැද, රූස්ස ගස් උඩ! අපූරු නිවාඩුවකට.. ලංකාවෙ ලස්සනම ට්‍රීහවුස් 5ක්

හැමදාම කිව්වෙත් ඉතින් වනමැද සැඟවුනු සුන්දර…

Posted by

හැමදාම කිව්වෙත් ඉතින් වනමැද සැඟවුනු සුන්දර නවාතැන් ගැන තමයි. හැබැයි මේ පාර කල්පනා කලා ඒකෙනුත් පොඩ්ඩක් ඔබ්බට ගිහින් වෙනස්ම අත්දැකීමක් ගන්න කියාපු තැන් ටිකක් කියන්න. ඒ තමයි ඇත්තටම.. ගහකොලින් මුලුමනින්ම වටවුනු පරිසරයක, ගස් උඩ හදපු සුපිරි ට්‍රීහවුස් ටිකක්.

ගොඩක් දුරට.. ඊලඟ සතිඅන්තේ නිවාඩුවට එහෙම ඔ්නවෙයි හොඳද!

1. Leopard Nest, Yala

(රු. 30000)

යාල, පලටුපාන පිවිසුම පැත්තෙ නිමලව කැළේට මායිම් වෙන්න පිහිටපු මේ ලක්ෂරි නවාතැන.. හතර මායිමේම තියෙන සුපිරිම ට්‍රී හවුස් එක කිව්වොත් හරියටම හරි. මොකද ඒකෙ නිමැවුම තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ලී වලින්. එතකොට ඉස්සරහ තනි වීදුරුව නිසා මුලු යාල කැලේ හතර දිග්බාගයක්ම පේනව. කොට්ට මෙට්ට, ඇඳ ඇතිරිල්ලෙ ඉඳන්ම සුපිරි සුවපහසු විදියටයි නිමවලා තියෙන්නෙ. අනික පුංචි බැල්කනියකුත් තියෙනවනෙ, පෝය දවසකට එහෙම ගියොත් ඉතින්.. හම්මෝ, සුරලෝකෙ වගේ තියෙයි. ඔක්කොමත් හරි මෙතන හැන්දෑජාමෙට ගිණිමැලයක් ගහල, අර අලි ගහන කැළේ මැද්දට වෙන්න පුංචි බාබකියු පාර්ටියක් දාන්න වුනත් පුලුවන්නෙ..

2. Huma Terra Lodge‍ (Baddegama)

(රු. 25000)

සුන්දර වෙල්යායකට මුහුණලා..

හික්කඩුව, බද්දේගම ටිකක් ඇතුලට වෙන්න.. නිදහස් පරිසරයක, දෙල්ගස් ගොන්නකට මැදිවෙලා ඉදිවුණු අපූරු ට්‍රී හවුස් එකක්. මේකත් මුලුමනින්ම ලී වලින් ඉදිවුනු නවාතැනක්, ඒ වගේම ලක්ෂරි ඉන්ටිරියර් එකක් තමයි තියෙන්නෙත්. ඉතින් නිවාඩුවේ සැපපහසුව ගැන නම් දෙපාරක් හිතන්න දෙයක් නෑ. අනික ලස්සන පුංචි පූල් එකක්, හිතේ හැටියට ඇවිදල කරලා විනෝද වෙන්න ගහකොලින්ම පිරුනු වටපිටාවක් එහෙම තියෙන නිසා..

තව මොනවද ඉතින් නේ?

3. Kumbuk Tree House (Weeravila)

(රු. 10000)

තිස්ස, දෙබරවැව ඉස්කෝලෙ පිටිපස්සට වෙන්න.. හරියටම වීරවිල අභයභූමිය මායිමේ. පුංචි ඔයපාරකට මායිම්ව පිහිටපු මහ විසාල කුඹුක් ගහක මුල් දෙබලෙ ගහල තියෙන මේ ට්‍රීහවුස් එක.. වනගත නිවාඩුවකට නම් යාළු කියාපුම! හැබැයි ඉතින් ලක්ෂරි නම් නෙවෙයි. ෆුල් සිම්පල්, වගේම වටෙන්ම ඔ්පන්. ඇඳන්, මේස පුටු සියල්ලම දාලා ලස්සනට හදල තියෙනවා.. නැග්ගාම බහින්න හිතෙන්නෙ නැති ගාණයි. ඊටත් ඉස්සරහින් අලි විමාන කැළේනෙ..

ඒ අතරට ඉතින් ඔ්න ඔ්න කට්ටියට ඔය හැන්දැවෙලා ගං ඉවුරෙ ගිණිමැලයක් ගහගෙන, බාබකියු එකක් දාලා එහෙම ෆන් එකක් ගන්න වුනත් පුලුවන්, හ්ම්..

4. The Tree House (Ginigathhena)

(රු. 130000)

ගිණිගත්හේන, වෙස්ට්මෝර් වතුයායෙ..

මහ විසාල පයින් ගස්වල මැද්දට වෙන්න තනි තනිව හදපු නොම්මර එකේ ට්‍රීහවුස් ටිකක්. කිව්වට විශ්වාස කරන්න යාළු ඒවා අතරෙ මාරුවෙන්න තියෙන්නෙත් වැල් පාලම් වලින්. ලී වලින් තමයි මුලුමනින්ම නිමවලා තියෙන්නෙ. ම්.. හොඳ සුවපහසු ඉන්ටිරියර් එකක් තියෙන නිසා ලක්ෂරි නොකිව්වත් මේං කියල අඩුවක් පාඩුවක් නම් නෑ.. ඔක්කොමත් හරි ඒවයෙ බැල්කනියට.. උදේ පාන්දරට හැටන් කඳු පන්ති අතරින් ඉර නැගගෙන එද්දි පේන ලස්සන..

හ්ම්.. වෙනමම ලෝකයක් තමයි ඉතින්!

5. Treehouse, Travellers Hideout (Buttala-Monaragala)

(රු. 15000)

බුත්තල-මොණරාගල අතරමග..

හරියටම ප්‍රධාන පාර කුඹුක්කන් ඔය හරස්වෙන තැනට පොඩ්ඩක් කැළේට වෙන්න, ලොකු අඹගහක දෙබලක් අල්ලල ඉදිකෙරුණු මේ ට්‍රී හවුස් එක.. මුහුණලා තියෙන්නෙ කුඹුක්කන් ඔයෙන් එපිට මහ කැළේට. බාග වෙලාවට අලි බලන්න එහෙමත් කියාපුම තැන. හැබැයි ඉතින් මෙතනත් ලක්ෂරි නම් නෙවෙයි. ගමේ රහට කෑම ටිකක් කාලා, හැන්දෑවට ඔ්න නම් පොඩි ගණිමැලට පාර්ටියක් දාලා.. ෆුල් නේචර් ලවින්ග් අත්දැකීමක් තමයි හොඳද!

Leave a comment