මේ.. වෙනදේකට කියනව නෙවෙයි. ඇත්තටම මේ පාර පඩියෙන් අඩියක් ගහන්න වෙන්නෙ මේ තැන් වලින් එකකින් තමයි.
මොකද මේ වෙනකොටත් වටේටම.. අම්බානක ණයයි.. නෙ!
කොට්ටාව හන්දියට ඔන්න මෙන්න, උඩතට්ටුවෙ. රු. 500 ඉඳන් තියෙනව යාළු සුපිරි බයිට් ටිකක්. කොටින්ම කියතොත් දෙන්නෙක්ට බයිට් එකට ඇතිවෙන්න, හොඳ කටට සැරට හදාපු පෝර්ක් ඩෙවිල් එකත් රු. 600යි. මාළු එහෙම තියනව බැදලා, ඩෙවල් දාලා.. රු. 400 ඉඳන්. ආයෙ ඉතින් ඒකක් ගත්ත කියන්නෙ බීර බෝතලයක් දෙකක් හිස් කලත් ගාණ 1000න් පොඩ්ඩ එහෙට මෙහෙටනෙ.
දෙල්කඳට පොඩ්ඩක් මහරගම පැත්තට වෙන්න..
රු. 650 චීස් චිකන් කොත්තුවක් දාගත්ත නම්.. බීර නැතත්, ෂොට් ගැහුවත්.. මද පවනෙ තමයි ඉතින්. අනික හොඳ සැරට කොච්චි එහෙම දාලා හදන කොත්තුව, රෝස්ට් චිකනුත් අඩු නැතුවනෙ. ඩයට් එකටත් කියාපුම. අතේ ඉතින් වැඩිපුර කීයක් හරි තියෙනව නම් ඔය දාලා කරලා පැයේ ගාණට පූල් සෙල්ලම් කරන්නත් පුලුවන්නෙ.
දාගන්න කඩල කොත්තුවක්. රු. 450යි වෙන්නෙ, කෙලින්ම බාගයක් ගහන්න බයිට් හරි. නැත්නම්.. මෙයාලගෙ පෝර්ක් ඩෙවිල් එකත් මරු. ඒක රු. 650යි. ටිකක් තෙල් කෑලි තිබ්බට හොඳහැටි මිරිස්, ලුණු, ගම්මිරිස්, සෝස් අඩුම කුඩුම එක්ක මාලු මිරිස්, ලීක්ස්, කැරට් ඔක්කොම දාලා තමයි හදන්නෙ. ඒකත් එක්ක ඉතින් බීර බෝතලයක් හිස් කලත් මොකද, රු. 1000නෙ!
ආහ්.. මේක තියෙන්නෙ කොල්ලුපිටියෙ ඈ..
මෙන්න බාර්! ආයෙ මොන බයිට් එක ගත්තත්.. මං කියන්නෙ රයිස් නැතුව, උපරිමය රු. 700යි වෙන්නෙ. එහෙමයි කියල ඉතින්, එහෙමම ඔ්නත් නෑනෙ. ඔය.. රු. 500ට වගේ හැඳැල්ලො එකකත් දාගත්ත නම් බීර බෝතල් 2ක් හිස් කලත් රු. 1000ට පොඩ්ඩක් එහාට මෙහාට වෙයි. නැතත්, පෝර්ක් ඩෙවිල් එකක් ගත්තත් රු. 600ද කොහෙදනෙ..
දැනගන්න යාළු මේක තියෙන්නෙ බේස්ලයින් එකේ කිරුලපනට කිට්ටුවෙන්ම වගේ හොඳද.
පන්නිපිටිය හන්දියෙම.. උඩ තට්ටුවෙ. පොඩි හෝල් එකක් වගේ තියෙන්නෙ. ගිහිල්ල කරල වාඩිවෙලා.. ගන්න හොට්බටර් කට්ල්ෆිෂ් එකක් (රු. 550). එහෙම නැත්නම් මෙයාලගෙ ස්පෙෂල් රයිස් එකත් රු. 700ක් වගේ වෙන්නෙ. ආයෙ දෙන්නෙක්ට බඩ පැළෙන්න තියෙනව. ඒ විතරක් නෙවෙයි ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, සොසේජස්, පෝර්ක්.. කැරට්, ලීක්ස්.. නැති ජාතියක් නෑ අප්පා ඒකෙ. බොන්න බෑද කියන්නකො ඉතින් ඈ..?
ලේක්හවුස් එක පේන මානයෙ. හරි පොඩි තැනක්. හැබැයි ලොකුවට අඩියක් ගහන්න කියාපුම. මොකද මෙතන බයිට් තියෙනව රු. 400 ඉඳන්. ඔය බැදපු මාළු, ඩෙවිල් වර්ග එහෙම. ඒ හැරුනාම පංකාදු කඩල කොත්තුවක් එහෙමත් තියෙනව, කොච්චි මදි නොකියන්න දාලා හදපු. ඒකත් රු. 600ක් වගේ වෙන්නෙ. ඉතින් එයින් එකක් ගත්ත නම්, කාලක් එක්ක..
දෙක තුන දාද්දි සූර්!
A cafe down Jawatta Road with good food, soothing vibes and all right coffee.
තේ කෝප්පයක් නැතුව ගෙවන්න බැරි වෙලාවක්!
Countries that let you in without a fuss with your Lankan passport
We tasted every locally brewed and available beer. In the name of science!
Cafes with good work environments.
Delete Comment