Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Excel restaurants sidebar banner 2 temp

කාලෙකට පස්සෙ.. පොඩි ගාණකට සුපිරි තෝසෙ පාරක් දාන්න කියාපු කඩ 6ක්

මොකද කියන්නෙ? හැන්දෑවක් අල්ලල යමුද කට්ටියත්…

Posted by

මාස ගාණක් ගතවෙලා.. එක එක කෑම ජාති ගෙවල් වලම හදාගෙන කාලා.. දැන් ඇතිනේ..

මොකද කියන්නෙ? හැන්දෑවක් අල්ලල යමුද කට්ටියත් එක්ක ටොප් සයිවර් පාරක් දාන්න..

ඔන්න කඩ ටික තියෙනව පහලින්. බලල කරල ගලපගන්නකෝ!

1. Hotel Suvai

වෙන මුකුත් නෙවෙයි, මෙතනින් ගන්න මසාලා තෝසෙ හරි ගී තෝසෙ හරි මෂ්රූම් තෝසෙ හරි චීස් තෝසෙ හරි. අරගෙන එයාලගෙම සාම්බාරුවයි, සම්බලුයි එක්ක ගැලපුව නම් ආයේ..

එකක් එක්කෙනෙක්ට හොඳටම ඇති. ඒත් ඒ රසට, සත්තයි තව එකක් අරගෙන බාගයක් හරි කයි. ඇයි අප්පේ.. මසාලා අඩුම කුඩුම රස අඩු නැති පංකාදු තෝසෙ ටිකක්නෙ. හැරත් ගණනුත් යන්නෙ රු. 200-400 වගේ.

ආහ්, කියන්න බැරි වුනානෙ ප්ලේස් එක තියෙන්නෙ බත්තරමුල්ල හංදියෙම ඈ..

2. Sri Sai Bhavan

නෝමල් තෝසෙ නැත්නම් පේපර් තෝසෙ එකක් එක්ක උලුඳු වඩේ, මසාලා වඩේ..

පංකාදු සාම්බාර්, මිරිස් හොදි, සම්බල් ටිකක් හිතේ හැටියට බෙදාගෙන, අනාගෙන රස බලන්න කියාපු සයිවර් කඩයක්. තියෙන්නෙ කොහුවල හංදියෙම වගේ. ගණන් යන්නෙත් රු. 100-300න් වගේ..

3. Sri Rudra Vegetarian Restaurant

පිටකොටුව මේන් ස්ට්‍රීට් එකේ..

හැබැයි හොඳ සුවපහසුවටම ඉඳගෙන ටොප් කොලිටි එකට හැදෙන නෝමල් තෝසෙ, පේපර් තෝසෙ, ගී, මසාලා තෝසෙ, රස වෑහෙන ඉඩ්ලි ටිකක් එක්ක උණු උණු උළුඳු වඩයකුත්.. එයාලගෙම පංකාදු සාම්බාර් හොදි, සම්බල් ටිකක් එක්ක ගිල දාලා අන්තිමට රස, සුවඳ පදමට තියෙන මසාලා ටී එකකුත් රස බලලා හිතේ සතුටින් එළියට බහින්න, යන්න, මෙන්න ප්ලේස් එක..

ගණන් යන්නෙත් රු. 200-500 වගේ හොඳද.

4. Navarathne Pure Indian Vegetarian Restaurant

නුගේගොඩ හයිලෙවල් එකේ තියෙන තවත් සුපිරි, ටිකක් හයිෆයි තෝසෙ කඩයක්. ගණන් නම් යන්නෙ සාමාන්‍යයෙන් රු. 300න් උඩ වගේ. හැබැයි නෝමල් තෝසෙ, වඩේ, ඉඩ්ලි, ඉඳිආප්ප වලින් ගේම ගොඩ දානව නම් ඊට සෑහෙන්න අඩුයි. අනිත් කාරණය තමයි මෙයාලගෙ සාම්බාර්, මිරිස් හොදි, සම්බල් හැරුනාම.. වෙනමම ගෝබි, පනීර් වගේ රස වෑහෙන කරිත් තියෙනවනෙ. ආයෙ ඉතින් ඒවත් එක්ක එහෙම.. තෝසෙ මැරුව හැකි!

5. Jaya Gandhi Lodge

වැල්වත්ත හංදියෙ තියෙන පරණම සයිවර් කඩයක්.. ඒ නිසාමද මන්දා සේවාව එහෙම ටොපේ ටොප්. ගණනුත් කෙලින්ම රු. 50, 100 ඉඳන්. ඒත්.. වැඩේ කියන්නෙ සමහර වෙලාවට කෑම තියෙනව නිකම් ඇඬෙන්න රස තියෙන්න. සමහර වෙලාවට නිකම් මෙලෝ රහක් නෑ අප්පා.. අනේ මන්දා හිතාගන්න බෑ කුක්ලා මාරු වෙනවදවත් කියල, හ්ම්..

6. Vasantha Bhavan

ඇල්විටිගල පාරෙ තියෙන වසන්ත භවන් එකත් තෝසෙ පාරක් දාන්න කියාපුම. රු. 200-500න් යන සියළු දේ.. ගණන් එක්ක ගත්තාම රසත් පංකාදුයි. විශේෂයෙන්ම කියන්න ඔ්න මෙයාලා ලඟත් රස වෑහෙන, එක එක ජාතියෙ තෝසෙ, නාන්, පරාටා ජාති තොගයක් තියෙනව. ඒ විතරක් නෙවෙයි ඒවත් එක්ක ගලපන්න සාම්බාර් හැරුනාම.. ගෝබි, පනීර් වගේ කරි එහෙමත් තියෙනවනෙ. ඉතින්.. ගිහිල්ලම බැලුව නම් තමයි හොඳ..

Leave a comment