ඉස්සර ඉතින් අපි හරි ආස, පොෂ් කෑමක්නෙ සබැමැරීන් කියන්නෙ. ම්.. දැනුත් එහෙම තමයි. හැබැයි ඉස්සර තරම්ම කොලිටි සබ් ගන්න දැන් හරි හමන් තැනක් නෑ..
මටත් මෙන්න මේ ලගදි සබ් එකක් කන්න ආසම හිතිලා මේ ‘යමු’ එකේ හොයල හොයල තමයි මේ තැන් ටික හරි හොයාගත්තෙ. බලන්නකො, ඔයාලටත්.. පඩි එන දවසට එහෙම ඕන වෙයි.
වැල්ලවත්ත, ඩබ්. ඒ. සිල්වා පාරෙ තියෙන ඩයිනර්ස් ඩිලයිට්. රස වෑහෙන කෑම ටිකක් අතේ තියෙන ගාණට කන්න කියාපු තැනක්. බීෆ් සබ් එක රු. 400යි. ආයෙ කියල වැඩක් නෑ, රස අතිනුත් පංකාදු පහයි. පොඩි පොඩි ෆ්රයිඩ් බීෆ් කෑලි තොගයක් දාලා තමයි ඒක මේසෙට එන්නෙ. හැබැයි යටට දාලා තියෙන්නෙ චීස් වෙනුවට මයො. උඩින් සෝස් එහෙමත් දාලා. වැඩේ කියන්නෙ ඒ නිසාමද මන්දා හොදහැටි ලූණු, චිලිපේස්ට් එක්ක තෙලට දාලා අරගෙන තිබුනු බීෆ් එක්ක රස බලද්දි සබ් එකේ නිකම් සෝස් වැඩි ගතියකුත් එනවද මන්දා.
බම්බා ගාලුපාරෙ තියෙන මේ ප්ලේස් එකෙත් තියෙනව පංකාදු සබ් ටිකක්. ඒ අතරින් චිකන් එක තමයිලු හොදටම යන්නෙ. මොකද ගාණ 450යි. බඩ පැළෙන්න තියෙනවත් එක්ක. ඊටත් ඒකෙ පිරවුම.. මදි නොකියන්න පොඩි පොඩි රෝස්ට් චිකන් කෑලි තොගයක්.. ලූණු, මාළුමිරිස්, මිරිස් එක්ක තෙලට දාලා අරගෙනනෙ ඝනකමට එලලා තියෙන්නෙ. අනික යටින් මයො ටිකකුත් දාලා නිසා.. නියමයි ඈ..!
අලුත්කඩේ.. කිව්වාම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ස්ට්රීට් ෆුඩ් ගැන. හැබැයි මෙතන ඇවිල්ලා ස්ට්රීට් ෆුඩ් කඩයක් නෙවෙයි. ඒ කිට්ටුවම සුපිරියට සබ් හදන කඩයක්. මෙයාලගෙ රු. 450ට හැදෙන චිලි චිකන් සබ් එක තමයිලු අපේ අය අතරෙ ප්රසිද්ධම. මොකද.. ඒකෙ බන් එකත් පොඩ්ඩක් ග්රිල් කරලා, යටට මයො, ක්රීම්චීස් එහෙමත් දාලා, ඒ උඩින් හොදහැටි මිරිස්, ලූණූ අඩුම කුඩුම දාලා තෙලේ හදපු චිකන් තට්ටවක්මත් අතුරලානෙ. අනික ඊටත් උඩින් සලාද කොලයක් එහෙම තියලා සෝස් ටිකකුත් දාලා ගත්තාමග..?
තඩි සයිස් සබ් එකක්. රු. 500-600 අතරෙ වෙනවා. හැබැයි පාඩු නෑ බාග වෙලාවට දෙන්නෙක්ට වුනත් ඇති. අනික පිරවුමත් කෙලින්ම ලුණු ගම්මිරිස් දාලා පදම් කරලා, ගැඹුරු තෙලේ බැදපු පොඩි පොඩි මස් කෑලි තොගයකින්නෙ. මෙයාලගෙ සබ් එකේ හොද තමයි ඒ මස් ටික, තල්දාලා අනං මනං කරලා රස වෙනස් කරලා නෑ. ඒ විදියටම අතුරලා මයො, ක්රීම් චීස්, සෝස් තට්ටුවක් දාලා. ඉතින් මස් රසත් ටොප් එකට. සබ් එකත් කටට රහට!
මේකත් අලුත්කඩේම තමයි. ගාණ රු. 450යි. හැබැයි ටිකක් කරි රහට හදලා තෙල් දාලා ගත්තු චිකන් එකක්. පොඩි පොඩි කෑලි තොගය ලාවට ෆ්රයි වෙන්න වගෙත් අල්ලා.. ලූණු, මිරිස් අඩුම කුඩුමත් එක්ක තෙලට දාලා.. මාර ගති ඒකත් ඈ. හරියට අපේ රහට සබ් කනවා වගේ. අර එකම වෙනස ඒකට උඩින් පොඩි මයො තට්ටුවකුයි, සෝසුයි දාපු එක තමයි.
බොරලැස්ගමුවෙ තියෙන මේ ප්ලේස් එක ගැන විශේෂයෙන්ම ලියන්න හිතුවෙ අපේ වෙජි යාළුවො නිසා. මොකද එයාලත් ආසයිනෙ සබ් කන්න. ඇත්තටම.. මෙයාලගෙ වෙජි සබ් එක රු. 350යි. මැද්දට දාලා තියෙනවා තක්කාලි, සලාදකොල, ගර්කින්, නට්ස්.. දාලා බටර් ටිකකුත් බන් එකේ ගාලා, සෝස් උඩින් දාලා.. ම්.. හරි රහට ඇති ඉතින්, නේ..
Day outing packages available in and around Colombo.
The 2021 edition of buffets in Colombo.
Post-lockdown high tea seshs in Colombo.
Where, how, and why to find love in the paradise island.
Sepala Ekanayake is the one and only Sri Lankan to hijack an aircraft.
Delete Comment