ඇහුනත් නැටවෙන බයිලා! අමරණීය බයිලා ගායකයො 8දෙනෙක්ගෙ පට්ට සිංදු තොගයක්.

'බයිලා’, ‘වොලී බැස්ටියන්' ඔය නම් දෙක වෙන වෙනම කියවන්න බැරි තරම්. ඇත්තටම ඇයි ඒ කියල හොයල බැලුවාම අපිට ඉස් ඉස්සෙල්ලාම හමුවෙන්නෙ පෘතුගීසී කාරයින්ගෙ කපිරිඤ්ඤා සංගීතය. 1505 ලංකාවට ගොඩබහින පෘතුගීසි 1600 ගණන්වල මෙහෙන් යන්නෙ අපේ මුහුදු බඩ ප්‍ර‍දේශවල ඉඳපු මුරු ජනතාව එළවල, ඒවයෙ ලොකු බලකොටු හදල, ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරල වගේම කපිරිඤ්ඤා සංගීතය, නර්තනය වගේ දේවලුත් අපිට දායාද කරල.

ඒ විදියට අපිට දායාද වුනු කපිරිඤ්ඤා සංගීතයට නව පණක් ලැබෙන්නෙ 1940 ගණන්වලදි. ඒ අපි කවුරුත් දන්න කියන වොලී බැස්ටියන් මහත්තයගෙන්. වෘත්තියෙන් පොලිස් නිළධාරියෙක් වුනු වොලී බැස්ටියන් මහත්තය තමයි 6/8 කපිරිඤ්ඤා තාලයට මුලින්ම සිංහල බයිලා සිංදු කියන්න පටන් ගන්නෙ. ඒ ආභාෂය ගත්තු එම්. එස් ප්‍රනාන්දු මහත්තය 1970 දශකයෙදි කපිරිඤ්ඤා වගේම කැලිප්සෝ තාලවලටත් සිංහල බයිලා සිංදු කියන්න පටන් ගන්නව.

කොහොම වුනත් සිංහල බයිලා සංගීතයේ ස්වර්ණමය යුගය වෙන්නෙ 1970, 80 කාලය. කැලිප්සෝ බයිලා, බයිලා සිංදු, වාද බයිලා, පපර සංගීත බයිලා වගේ විදි හතර පහකට කැඩුණු මේ බයිලා සංගීතය ජනතාව අතරට ගියේ පුදුමාකාර වේගයකින්. කොටින්ම කියනව නම් චිත්‍රපට ගීත සංගීතවත් කරන්න පවා බයිලා සිංදු යොදා ගත්තා. ඒ විතරක් නෙවෙයි සාද, උත්සව අවස්ථාවලටත් බයිලා සිංදු නැතුවම බැරුව ගියා.

බයිලා සිංදු ඒ තරම් රසවත් වුනේ කපිරිඤ්ඤා, කැලිප්සෝ සංගීතවල තියෙන ඇඟ නැටවෙන රිද්මය නිසා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැබැයි එම්. එස්. ප්‍රනාන්දු මහත්තයගෙන් පටන් ගත්තු 'බයිලා සංගීතය', කැලිප්සෝ සංගීතයෙයි, බටහිර, පෙරදිග සංගීතවලයි අපූරු මුසුවක්. ලාංකීය අභාෂය හොඳටම තියෙන මේ බයිලා සිංදු අදටත් අපි උපරිමයෙන්ම රස විඳිනව වගේම හිතේ හැටියට ඇඟ පත හොලවල නටන්නත් කියාපු සිංදු ටික.

අන්න ඒ නිසාමයි අපේ අමරණීය සිංහල බයිලා ගායකයො ටික දෙනෙක් ගැන ඔයාලට මතක් කරන්න අපි හිතුවෙ. එයාලගෙ සිංදුවලින් එයාලටත් වඩා සල්ලි උපයන කට්ටිය අද අපේ රටේ අනන්තවත් ඉඳිද්දි කාට කාටත් මුල මතක් කරල දෙන එක අපේ යුතුකමනේ.

1. වොලී බැස්ටියන්

සමාජ සේවකයා ඔහු පොලිසියෙ ගායකයා

කිව්වම කවුද නොදන්නේ

වයලින් වාදකයා ඔහු බයිලා ගායකයා

කවුරුත් ඒ බව දන්නේ

ලංකාවට බයිලා ගෙනා වොලී බැස්‌ටියන්

බයිලාවලින් රට හොල්ලපු බයිලා චැම්පියන්…

පද පේලි ටිකේ තියෙනව වගේම වොලී බැස්ටියන් කියන්නෙ පොලිස් රාළහාමි කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, සිංහල බයිලා කලාවට පණ පොවපු සුපිරි චරිතයක්. වොලී මහත්තයගෙ සම්පූර්ණ නම 'ඔගස්ටස් මාතීනියස් බැස්ටියන්'. මුලදි මුලදි කවුරුත් ආදරේට කියල තියෙන්නෙ 'ඔලී' කියල. ඒ නමම තමයි පස්සෙ කාලෙකදි 'වොලී' වෙන්නෙ. 'කෝරස් බයිලා' නැත්නම් සමූහ ගායන බයිලා කලාවෙන් සංගීත ලෝකයට පිවිසෙන වොලී මහත්තයගෙ ගොඩක් සිංදු ලියල තියෙන්නෙ එයා වගේම සංගීතවත් කරල තියෙන්නෙත් එයාමයි.

දක්ෂ ගිටාර්, බැන්ජෝ, වයලීන් වාදකයෙක් වුනු එතුමා නිර්මාණය කරපු සිංදු අතරින් 'හායි හූයි බබි ආච්චිගෙ' සිංදුව මොරටුව වේලස් කුමාර විද්‍යාලය ඉස්සරහ හැමදාම වගේ සිද්ධ වෙච්ච සිදුවීමක් පාදක කරගෙන තමයි ලියල තියෙන්නෙ. ඒ වගේම තමයි 'නෝනා, මගේ නර්ස් නෝනා' සිංදුවත්. වෘත්තියෙන් හෙදියක් වුනු වොලී මහත්තයගෙ සහෝදරියක් වෙන ෆෙලීෂියා ෆ්ලෝරන්ස් ජයසේකර මහත්මිය ගැන තමයි මේ සිංදුවෙ තියෙන්නෙ.

1985 ජනවාරි 16 වෙනිදා වොලී මහත්තය අපිව දාලා ගියාට එතුමාගෙ රිද්මය නම් අපි අතරෙ සදා අමරණීයයි. සැඩ සුලං හමන්නේ, රටක් වටිනවා, අයරින් ජොසපින්, ලේ කිරි කරලා, මුහුදේ යමු, වද කහ සුදිය, යමං බණ්ඩො වගේ තව පට්ටම බයිලා සිංදු ටිකකුත් වොලී මහත්තයගෙ නිර්මාණ අතරෙ තියෙනව. මොකද කියන්නෙ? අහල, රස විඳින ගමන් දාමුද පොඩි ඩාන්ස් එකක්.

2. එම්. එස් ප්‍රනාන්දු

'බයිලා චක්‍රවර්ති' කිව්වාම කවුරුත් දන්න මහගමගේ සැම්සන් ප්‍රනාන්දු ජන්ම ලාභය ලබන්නෙ 1936 මාර්තු 04, මොරටුව ප්‍රදේශයෙදි. ගල්කිස්ස ශාන්ත අන්තෝනි විද්‍යාලයට යන කාලෙ ඉඳන්ම සංගීතය හදාරපු එම්. එස්. මහත්තය සංගීත ක්ෂේත්‍රයට එන්නෙ පුෂ්පරාණි ආරියරත්න මහත්මියත් එක්ක කියපු 'මලක් කොණ්ඩෙ ගසාලා', යුග ගීතයෙන් වුනාට එතුමාගෙම කියල ඉස් ඉස්සෙල්ලාම ගැයෙන්නෙ 'සිලි සිලියේ නව සුවඳක් සිංදුව.

චිත්‍රපට 150කට සිංදුවලින් දායක වුනු එම්. එස් මහත්ත සුපිරි ගායකයෙක් වගේම චිත්‍රපට 25කට විතර රංගනයෙනුත් දායක වුනු හොඳ නළුවෙක්. ඒ දක්ෂකම් නිසාම එම්. එස්. මහත්තය 1973දි විළියම් ගොපල්ලව ජනාධිපතිතුමා අතින් 'රන් නෙළුම' සම්මානයෙනුත් පිදුම් ලබනව. බයිලා ගායන තරගවලින් සම්මාන 150කට වැඩි ගාණක් දිනාගෙන තියෙන මෙතුමා සතුව තිබුනු සුවිශේෂී හැකියාවක් තමයි භාෂා 5කින් සිංදු කියන්න පුළුවන් එක. එංගලන්තය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව විතරක් නෙවෙයි මැදපෙරදිග රටවලත් එම්. එස් මහත්තය සිංදු කියල තියෙනව.

1994 අප්‍රේල් 04 වෙනිදා මේ අග්‍රගන්‍ය කලා කාරයා අපිව දාලා ගියාට එතුමා මිනිස්සුන්ගෙ හදවත්වලට කවපු සිංහල බයිලා රිද්මය අදටත් අපි අතරෙ රැව් දෙන්නෙ ඇහුණත් නැටවෙන තරමෙ හැඟීම් ගොන්නකුත් එක්ක.

3. ඇන්ටන් ජෝන්ස් 

ඇත්ත සිද්ධි ගීතවත් කරනව කියන එක ලේසි වැඩක් නෙවෙයි. අපේ හිතේ ඇඳෙන පද පේලි කොලයක ලියල තනුවක් දාලා කියනව වගේ, ඇත්ත සිදුවීම් කොලයක ලියල තනුවක් දාලා කියන්න බෑනෙ. වචන ගලපන්න ඕන, මිනිස්සුන්ට දැනෙන විදියට තනු දාන්න ඕන ඔක්කොමත් හරි හැඟීම් බරව කියන්නත් එපැයි.

ඇන්ටන් ජෝන්ස් මහත්තය කියන්නෙ අන්න ඒ අභියෝගය සුපිරියටම ජය ගත්තු චරිතයක්. මේ අවුරුද්දෙ පෙබරවාරි 21 වෙනිදා එතුමා අපිව දාලා ගියාට එතුමගෙ සිංදු ටික නම් ලංකා ඉතිහාසය තියෙන තාක් කල් පවතිනව කියන එක ඉර හඳ වගේ විශ්වාසයයි. කොටින්ම කියනව නම් අද කාලෙ සමහරු අපේ රටේ ඉතිහාසය ගැන දැන ගන්නෙත් ඇන්ටන් මහත්තයගෙ සිංදු අහල. ඔයාලත් අහල ඇතිනෙ 'ආසයි බයයි','ප්‍රේමවතී මනම්පේරි', 'පොළොන්නරුවෙ පොඩි විජේ' වගේ සිංදු.

1937 ජුනි 03 උපත ලබපු ඇන්ටන් මහත්තය ජීවත් වෙන්නෙ අළුත්කඩේ සෙන් සෙබෙස්තියන් පාරෙ. 'වොලී බැස්ටියන්' සංගීත ආභාෂය කැටුව 'කන්තෝරුව කන්තෝරුව' සිංදුවෙන් සංගීත දිවිය අරඹන ඇන්ටන් මහත්තය ඒ වෙන කොටත් ලංකා බැකුවෙ ලඝු ලේකකයෙක් විදියට රස්සාව කර කර තමයි ඉඳල තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි මෙතුමා අතින් කැසට් පට 40කට ආසන්න ගාණනක් වගේම සි. ඩී. තැටි 10කට ආසන්න ගාණනකුත් නිර්මාණය වෙලා තියෙනව.

4. පෝල් ප්‍රනාන්දු

'ගොළු හදවත විවර කරන්න…' සිංදුව ඇහෙද්දි කාවද ඔයාලට මතක් වෙන්නෙ? සමහර විට සිංදුව දන්නව වුනාට ගායකයා ගැන හරි හමන් විස්තරයක් දන්නෙ නැතුව ඇති. එහෙනම් දැන ගන්නකො.

'බයිලා කුමාරයා' විරුදාවලිය ලබපු පොල් ප්‍රනාන්දු මහත්තය උප්පත්තිය ලබන්නෙ 1951 නොවැම්බර් 24. කවුරුත් දන්න කියන, අහල තියෙන 'මාලා, මම ඔබ ගැනම සිතාලා' සිංදුවෙන් තමයි මෙතුමා වේදිකාවට ගොඩ වෙන්නෙ. ඒ 1970දි. රවී රණසිංහ මහත්තය ලියල මිල්රෝයි ධර්මරත්න මහත්තය තනු නිර්මාණය කරල 1972දි පෝල් මහත්තය ගායනා කරපු 'එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ' ගීතය වගේම 'සුපුන් සඳක් අහසෙ පාවුනා' ඒ වගේම ජනප්‍රියයි.

ස්වින්ටන් ප්‍රනාන්දු, ප්‍රියා පිරිස්, හේමසිරි හල්පිට, රොලින්සන් ප්‍රනාන්දු වගේ ගීත රචකයන්ගේ පද වැල්, අත් වැලක් කර ගත්තු පෝල් මහත්තය බයිලා සිංදු ඇතුළු සිංදු 150කට වැඩි ගාණක් සිංහල සිංදු අතරට එකතු කරපු තවත් අපූරු නිර්මාණ කරුවෙක් තමයි.

5. ඩෙස්මන් ද සිල්වා

මාතර ඉපදිලා මුළු ලෝකයම ජයගත්තු ලාංකික බයිලා ගායකයෙක් තමයි ඩෙස්මන් මහත්තය. 1963දි 'ෆයර් ෆ්ලයිස්' සංගීත කණ්ඩායමේ දක්ෂම ගායකයා විදියට කල එළි බහින මෙතුමා 1976දි 'ඩෙස්මන් ඇන්ඩ් ද ක්ලෑන්ස්' කියල මෙතුමාගෙම සංගීත කණ්ඩායමක් පටන් ගන්නව. ලොකු තරඟයක් නොදීම 1979 අවුරුද්දෙ ග්‍රීසියෙ ඇතෑන්ස් නුවර පැවැත්වුනු 'ඔලිම්පියාඩ් ඔෆ් සෝන්ග්ස්' උත්සවයට ඩෙස්මන් මහත්තයට යන්න පුළුවන් වෙන්නෙත් ඒ නිසාමයි.

ඒ විතරක් නෙවෙයි, මෙතුමා ලංකාවෙ කලාකාරයින්ට අත හිත දෙන්න ඉදිරිපත් වුනු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඩෙස්මන් මහත්තයගෙ 'පොල් කටු හැන්දෙ මිට වගේ', 'චූඩා මාණිකේ බලාලා' වගේ සිංදු අදටත් පාටියක් වෙලාවට වරදින්නෙ නෑ වගේ තමයි එතුමා අන්තර්ජාතිකයෙන් ලංකාවට ගෙනාපු නමත් කවදාවත් මියැදෙන්නෙ නම් නෑ.

6. නිහාල් නෙල්සන්

පළවෙනි ගීතයෙන්ම හිට් වෙන්න ගායකයෙක් කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද? අන්න ඒ වාසනාව උපරිමයෙන්ම තිබුණු පුද්ගලයෙක් තමයි නිහාල් නෙල්සන් මහත්තය. 1963 මාර්තු 31 වෙනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයෙන් විකාශය වුනු 'ලස්සනට පිපුණු වන මල් ගල්' සිංදුව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. කරුණාරත්න අබේසේකර මහත්තයගෙ පළවෙනි පද රචනය වගේම තමයි නිහාල් මහත්තයගෙ පළවෙනි සිංදුව.

ඒ හැරුණාම 'කිරි දුන්නේ දරුවන්ටයි', 'ගුණෙ අයියගෙ කාමරේ', 'කාවඩි බයිලා', 'ගෑස් ලිපේ යකඩ තැටිය' වගේ පට්ට සිංදු තොගයකුත් මෙතුමා අතින් බිහිවෙන්නෙ, නටන්න කැමති අයට හිතේ හැටියට නටන්න පුළුවන් සුපිරිම රිද්මයවලින්. ලංකාවෙ පළවෙනි කැසට් පටයට ගීතවලින් දායක වීමේ ගෞරවය හිමි කරගන්න නිහාල් මහත්තයත් මොරටු පුරවරයෙන් බිහිවුනු සුපිරි බයිලා ගායකයෙක් තමයි.

7. සමන් ද සිල්වා

'නියරේ පිය නගලා…' පද පෙල ඇහෙද්දි කාටත් මතක් වෙන්නෙ සමන් ද සිල්වා මහත්තයව. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරපු මෙතුමාත් ලංකාවෙ බයිලා ගායකයින් අතරෙ හොඳ නමක් දිනපු පුද්ගලයෙක්. භාෂා දෙකකින් ගීත ගායනා කිරීමේ විශේෂ හැකියාව නිසාම සමන් මහත්තය ලංකාවෙ විතරක් නෙවෙයි පිටරටවල්වල පවා සංගීත සංදර්ශනවලට සහභාගී වෙනව. 'සමන් ඇන්ඩ් ද කලෑන්ස්' කියන්නෙත් මෙතුමා අතින්ම බිහිවුනු ඒ වගේ තවත් හොඳ සංගීත කණ්ඩායමක්.

8. ධනපාල උඩවත්ත

ඉතිහාස සිදුවීම් වගේම රස බර කතාත් ඇඟ නැටවෙන බයිලා තාලයට ගායනා කරපු අපේ කාලයේ සුපිරිම ගී තරුවක් විදියට ධනපාල උඩවත්ත මහත්තයව හඳුන්වන්න පුළුවන්. 'ඈ නීල වරල පීරලා' සිංදුවත් එක්ක, එකටම කියවෙන මේ නමට 'නෙළුම් විලේ නෙළුම් නෙලන', 'සිතුණාද සිතුවාද වීරයා හසලක', 'ගින්දර පිටවෙන්නට' වගේ ලස්සන සිංදු තොගයක අයිතිය තියෙනව. නූනත බයිලා වේදිකාවේ 'බයිලා රජා' විදියට හඳුන්වන්න පුළුවන් ධනපාල මහත්තයගෙ සංගීත ජීවිතය ඇරඹෙන්නෙ 1970, සිංග් ලංකා ආයතනය සිසාරා ලේබලයෙන් එළිදක්වපු එතුමාගෙ පළවෙනි කැසට් පටයෙන්.

මේ වෙනකොට ඇල්බම 30කට ආසන්න ගාණක් නිර්මාණය කරල තියෙන ධනපාල මහත්තය ගායනා කරපු සිංදු ප්‍රමාණය 1500කටත් වැඩියි. ඇන්ටන් ජෝන්ස් මහත්තය වගේම ගොඩක් ඉතිහාස සිදුවීම් ගැන සිංදු කියපු මෙතුමා අතින් තමයි ලංකාවෙ පළවෙනි රණවිරු ගීතය නිර්මාණය වෙන්නෙත්. කට්ටිය අහල ඇතිනෙ 'මා ආදරණීය මගේ අම්මා වෙතටයි' සිංදුව.

සදා නොමියෙන හඬකින් ගැයෙන ධනපාල මහත්තයගෙ සිංදු ටික ගොඩක් දුරට ලංකාවෙ අන්තිම බයිලා සිංදු ටික වෙන්නත් බැරි නෑ. මොකද අද ගායකයො බයිලා සිංදු කියනව කියල කියන්නෙ සිංදුවෙ පද රචනයට 'බයිලා' වචනය එකතු කරල මිසක් බයිලා තාලයකට නෙවෙයිනෙ.

කොහොම වුනත් තවත් පට්ටම රිද්මයක, සංගීත කලාවක අභාවය පෙනි පෙනී තියෙද්දි හරි ඒව රස විඳින්න ආස ඔයාලට මේ දේවල් කියන්න ලැබුණු එක ගැන නම් අපිටත් හුඟක් සතුටුයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide