කොහොමත්ම එළි පෙහෙලියට බහින්න එපා මේ දවස්වල. ඒ අතරට පුලුවන් නම් ගෙදර ඉන්න ගමන් දවසකට සැරයක් හරි මේ දේවල් වලින් එකක් බඩට දාගන්න..
මෝරපු කරපිංචා ඉති ටිකක්, ඉඟුරු, සුදුලූණූ, ගම්මිරිස්, සියඔලා චුට්ටක්, කොච්චි, රතුළූණු, උම්බලකඩ.. ඇති හැටියට අරගෙන හොඳට හෝදලා කරලා ගලේ අඹරගන්න හීනියටම. ඊට පස්සෙ කෙලින්ම දෙහි, ලුණූ දාලා කෑමට ගන්නත් පුලුවන්. එහෙම නැත්නම්.. රස වැඩි කරගන්න, ඔලිව් ඔයිල් පොඩ්ඩක් ලිපේ තියලා ඒකෙන් තෙල් දාලා ගන්න.. ආයෙ බටර් ගාපු පාන් පෙත්තක් උඩින් අතුරලා, ටෝස්ට් කරලා ගත්ත නම්..
බික් ලාවට තලලා පොතු අයින් කරගන්න. ඊට පස්සෙ මැටි ඇතිලියකට හොඳ පොල් තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අබ, ඉඟුරු, මිරිස් කුඩු, රතු ලූණු ටිකක් දාලා.. බැදීගෙන එද්දිම දාන්න සුදුළූණූ. දාලා ඒකත් බැදීගෙන එද්දි.. දියකිරි මිටක් දාලා හිඳෙන්න ඇරලා මිටිකිරෙන් හොද්ද නටවලා බාන්නයි තියෙන්නෙ!
පපුවට බැහැපු සෙම බුරුල් කරගන්න..
හොඳට ඉදුණු වෙල් ආත්තා ගෙඩි ටිකක් අරගෙන හෝදලා, ලෙලි ඇරලා වතුර චුට්ට චුට්ට ද දා අතින් හොඳට මිරිකා ගන්න. ඊට පස්සෙ පෙරලා අරගෙන.. ෆ්‍රෙෂ් මිල්ක්, සීනි ඇතියි කියලා හිතෙන පදමට දාලා හොඳහැටි අතින්ම කලවම් කරලා ෆ්‍රිජ් එකේ තියලා කූල් කරගෙන..
බීමට ගන්නයි තියෙන්නෙ!
මේකත් පපුවෙ සෙම කඩාගන්න කියාපුම..
ඇඹුල් දොඩම් ගෙඩි දෙකක විතර යුෂ, සූකිරි අල්ලක්, ඉඟුරු ලොකු අලයක විතර යුෂ.. දාන්න කටුවැල්බටු ඇති පදමට දාලා තම්බලා පෙරාගත්ත වතුර වීදුරුවකට. දාලා හොඳට කලවම් කරලා රස බලලා ලුණූත් දාලා කූල් කරලා ගත්ත නම්..
ටිකක් ලොකු වැඩක්..
ඉස්සෙල්ලාම හොයාගන්න ඔ්න ආඩතෝඩා මුල්, කොළ, දළු, පොතු සියල්ලම. ඊට පස්සෙ ඒවා හොඳට හෝදලා මද පවනෙ වේලලා, මැටි මුට්ටියකට දාලා මැටි ගාලා කට සීල් කරලා බිම වලක් හාරලා වළලන්න. වළලලා සති දෙකක් තියලා.. ගොඩ අරගෙන අඩුම කුඩුම ටික ග්‍රයින්ඩ් කරලා තේ කුඩුවගේ හදලා බෝතලයකට දාලා තියාගන්න. ඔ්න නම් තේ කහට එක්ක එකට තම්බලා බොන්නත් පුලුවන්. නැත්නම් ඒවා විතරක් තම්බල වුනත් බොන්න පුලුවන්.
යකිනාරං, එළබටු දළු, වැල් තිබ්බටු, ගොටුකොළ, හීංබෝවිටියා, පොල්පලා, මුස්වැන්ද, මොණරකුඩුම්බිය, කරපිංච කොළ එකට කොටලා, මිරිකලා පෙරලා අරගෙන, පොල් කිරනේ නටවලා හදාගන්න කැඳ. ආයෙ ඉතින් ටොප් කිතුල් හකුරු කෑල්ලක් විතරයි ඔ්න.
නිල්කටරොළු සහ පොකුරු වදමල් නටන වතුර වීදුරුවටක දාලා වහලා තියලා.. හොඳටම නිවුනට පස්සෙ පෙරලා අරගෙන, ඔ්න නම් සීනි ටිකක් අයිස් කැටයක් එහෙමත් දාලා.. බොන්නයි තියෙන්නෙ.
මොණරකුඩුම්බිය හෝ කුප්පමේනියා ගහ පිටින්ම අරගෙන ඇඟිලි දිගට වගේ කෑලි කපලා වේලලා තියාගන්න. ඉඳලා හිටලා.. පොල්කටු අඟුරෙන් දුම් ආඝ්‍රාහණය කරන එක හොඳයි කියලා කියන්නෙ?
වදකහ, කොහොඹ කොළත් එලෙසමයි. වේලලා තියාගෙන පොල්කටු අඟුරෙන් දුම් ආඝ්‍රාහණය කරන්නලු.
Arguably the best grill in CMB.
The 2021 edition of buffets in Colombo.
Beautifully designed comfortable restaurant in Delkanda, has delicious Sri Lankan Chinese, Thai and Western food as well as super taste juice and…
Countries that let you in without a fuss with your Lankan passport
A list of 15 places for your next day outing.
Delete Comment