කාලයක් තිස්සෙ තිබ්බනෙ මටයි මගේ යාළුවටයි පොඩි අමාරුවක්, ලංකාවෙ මුල් අයිතිකාරයින්ගෙ ජීවනරටා, කෑමබීම හොය හොයා යන. අන්න ඒ ගියපු ගමනක.. අපි පොල්ලෙබැද්දෙ දවස් තුනක් ගතකරලා එහෙම්මම ගියා මුහුදු වැද්දන්ගෙ නූතන ශේෂ බලන්න වාකරේ පැත්තට.
අනේ එහේ..
දැන්නම් මුහුදු වැද්දො නෑ. අපි වගේම සාමාන්‍ය මිනිස්සු ඉන්නෙ. හැබැයි උරුමයෙන් ආපු සිංහල, දෙමළ භාෂා එක්ක පැටලෙන වැදි භාෂාවකුයි, ශේෂ වෙලා ගියපු ආහාර රටා ටිකකුයි තියෙනවා. ඉතින්.. අපි කල්පනා කලා ඒ ආහාර රටා අතරෙ හැදෙන මොකක් හරි කෑමක් පොඩ්ඩක් ගලපලා, රස බලලා එන්න.
ඒත් අවාසනාවට.. අපි ගියපු කාලෙ එයාලට ලොකු සරුවක් නෑ. අස්වනු නෙළලා ඒවා කාලත් ඉවරවෙලා ඉතිරියෙන් තමයි ගමේම ගේම ගැහෙන්නෙ.
“ඒකනෙ පුතා.. අපි මොකද කොරන්ටෙ? කාරිය මේ දොහේ හේන් කෙරෙන්ටෙත් නෑ”
“ම්.. මාමා මෙහෙම කරමු ඒනං. අපිට ලොකු විශේෂ කෑම ඔ්න නෑ. ඔයාලා ඔය හදන දෙයකින්ම දෙන්නකො පතක් දෙකක් බෙදලා. හාද?”
“අනේ මන්දා බටෝ.. ඒම කොරල හරියැයි? ඉන්ටකො බලන්ට මම නැන්දාගෙන් ආලා.. අද රෑටත් රොටි වෙන්නැ”
“හෑ.. ෂැහ්.. නියමයිනෙ මාමා ඉතිං. අපිටත් දෙන්නකො රොටි”
රෑ කෑම කතාව එතනින් ඒ විදියට ඉවර වුනා. ඒත් මාමා හැන්දෑවෙ බැද්ද පැත්තට ගිහින් ආපු ගමන ඉඳන්ම මොකක්දෝ වෙනසක් නම් කැරකුනා.
අපිත් ඉතින් දන්නැද්ද, හවසට පොඩ්ඩක් කියල කල්තියාම ගෙනැල්ලයි තිබුනෙ. කොහොමහරි ඒක මාමාත් එක්කම සප්පායම් වෙන්න කල්පනාවෙ හෙමින්සැරේ පිල පැත්තට ගිහින් වචනෙ දැම්මා.
“හප්පට.. ගමු ගමු පුතා”
වැඩේ වුනේ ඒ සප්පායමේ අවසානෙත් එක්ක.. මේං මාමා ගේනව, “කෑමට කලින් මයෙ කොල්ලො කෝපියක් බීලා ඉමු කෙහෙලක් එක්ක”
“ම්.. අනේ මාමා. දැං නං කෝපි බොන්න බෑනේ”
“ආ.. මේ.. ඒ කෝපි නෙවේ පුතා. මේක මේ මෙහේ තණ දාලා හදාපු කෝපි. ආයෙ උගුරු දෙකක් බීගත්තා නං කන්ට පුලුවන ආයෙ රොටි ගෙඩි දෙක තුන”
“හෑ.. තණ දාලා හදාපු කෝපි? ඒ මොන කෝපිද මාමා ඒ.”
“ආ.. පුතා.. එදා ඉදන්ම අපේ ඈයො උදේ හවහ ගත්තු ඒවා තමා ඔන්ට. මේවාට කියන්නෙ ගල්කෝපි කියලා. සිංගල බෙහෙත් පැළයක් දාලා කබලෙ බැදල හදන්නෙනෙ අපි” කියලා කට ගන්න නෑ මාමා ලොකු හිනාවක! එතනින් තමා අපිත් අල්ල ගත්තෙ, කෝපියට දාලා බැදපු සිංගල තණ මොනවද කියලා. ඊටත් ඒකෙන් උගුරු හතර පහක් කෙලලා දාලා, ආනමාලු ගෙඩි දෙකක් බඩට දාගත්තාමනෙ..
හප්පට බඹර පදං විතරක් නෙවෙයි, බඩගින්නත් අහස උසට හිටං.
හිතන්නකො යාළු ඉතින්, එහෙම අහස උසට බඩගින්න තියෙද්දි පිලට ආවාම උණු උණු රොටි. ඒකත් බෝල කොච්චියි, පොල් කෑලියි ලියලා දාලා පොල්තෙලෙන් තැටියෙ පුච්චලා හදාපුවා. වැඩේ වුනේ ඒක නෙවෙයි, රොටි කන්න දඩයමේ හොද්ද..
තුනපහ අඩුම කුඩුම අඩුවක් නැතිවුනාට හොද්දෙ අපිට හුරු ගොරක ඇඹුල නම් නෑ. හැබැයි සැර? හප්පේ.. කනකම් කෑ හැකි රොටි ගෙඩි පිටින් අර කිව්වත් වගේ. කාලා නැවැත්තුවට පස්සේ..
වාකරේ හතර වටේ දිවිල්ලත් තමයි ඉතින්..!
ඉන්න තැනටම පොත් ගෙනත් දෙන ඔන්ලයින් පොත් ඩිලිවරි
We tasted every locally brewed and available beer. In the name of science!
High tea round-up of 2021.
A list of 15 places for your next day outing.
Pranzo has an amazing view and serves pretty good Italian and 'Sritalian' fare.
Delete Comment