කොළඹ තියන හොඳම බුෆේ – 2019.

මගුල් ගෙයක්, බර්ත්ඩේ පාටියක්, සංවත්සර සැමරුමක් වගේ උත්සව අවස්ථාවක විතරක් නෙමෙයි, කොටින් ම දානෙ ගෙයක් වගේ තැනක වුණත් නැතුවම බැරි වැදගත් ම අංගය තමයි බුෆේ එක! එහෙම අවස්ථාවල කට්ටිය ඉතින් සැදී පැහැදී ඉන්නෙ බුෆේ එක ඕපන් කරනකන්…

හැබැයි ඉතින් බුෆේ එකකින් බඩ පිරෙන්න කන්න එහෙම උත්සවයක් එනකන් ම ඉන්න ඕන නෑ! මේ අවුරුද්දේ කොළඹින් හොයාගන්න පුළුවන් වුණ හොඳ ම බුෆේ කීපයක් ගැනයි අපි මේ කියන්න යන්නෙ…

Flow (Hilton Colombo Residencies)

200, යුනියන් පෙදෙස, කොළඹ 2

මිල: රු. 3150 (ඩිනර්), රු. 2800 (ලන්ච්) 

කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්වල තියන ‘ෆ්ලෝ’ බුෆේ එකේ ඩිනර් එකයි ලන්ච් එකයි එකිනෙකට වෙනස්. ඒ මෙන්න මෙහෙමයි. ඩිනර් එකේ අන්ලිමිටඩ් සුෂි එහෙම සෑහෙන හොඳ වුණාට ඩෙසට් බාර් එක නං එච්චර ම අපේ හිතට ඇල්ලුවෙ නෑ. ලන්ච් එකේ සුෂි තිබ්බෙ සීමිත ප්‍රමාණයක්. හැබැයි ඩෙසට් බාර් එක මරු! ඒ වගේ ම නියම නූඩ්ල්ස් සෙක්ෂන් එකකුත් ලන්ච් බුෆේ එකේ තිබුණා. කොහොම වුණත් හුඟක් ම දේවල් නැති වුණත් කෑම ටික හොඳයි. දවල්, රෑ දෙවේලෙ ම හිටපු ස්ටාෆ් එක වුණත් හරි ම හිතවත්.

සැ.යු: ඩිනර් බුෆේ එක තියෙන්නෙ සිකුරාදට විතරයි.

Graze Kitchen (Hilton Colombo)

හිල්ටන් හෝටලය, කොළඹ 01

මිල:

ලන්ච් (සඳුදා-බදාදා) රු. 3388, (බ්‍රහස්පතින්දා-සිකුරාදා) රු. 3588, (ඉරිදා) රු. 3988

ඩිනර් (සඳුදා) රු. 3288, (අඟහරුවාදා-බදාදා) රු. 3888, (බ්‍රහස්පතින්දා-සෙනසුරාදා) රු. 3988

ජපන්, ඉතාලි වගේ හිතාගන්න බැරි තරම් කෑම ජාති ප්‍රමාණයක් තියන එක තමයි මේ බුෆේ එකේ විශේෂත්වය. ඒ නිසා මේ ලිස්ට් එකේ තියන වැඩි ම කෑම වර්ග ගාණ තියෙන්නෙ හිල්ටන් හෝටලේ ග්‍රේස් කිචන් බුෆේ එකේ.

Governor's Restaurant (Mount Lavinia Hotel)

100, හෝටල් පාර, ගල්කිස්ස

මිල: රු. 2300 (ලන්ච්), රු. 3200 (ඩිනර්)

පැණි රහ කන්න ආස කෙනෙක් නං, ඩෙසට් පිස්සෙක් නං, ඔන්න මේක තමයි තැන! ගල්කිස්ස මහ හෝටලේ ගවර්නර්ස් රෙස්ටොරන්ට් එකේ සැලඩ් වගේ ම ඩෙසට් බුෆේ එකත් ලොකු ම ලොකුයි. අපි ගිය දවසෙ ඒෂියන් කෑමවලට වැඩි තැනක් දීල තිබුණා. අපි ට්‍රයි කරපු ස්පයිසි කෑම සෑහෙන හොඳ වුණත් ඩෙසට්වල කොලිටි එකට නම් සම කරන්න බෑ. කොහොම වුණත් ලස්සන වීව් එකකුයි කඩියො වගේ වැඩ කරන ස්ටාෆ් එකකුයි එක්ක ගෙවුණ ගවර්නර්ස් රෙස්ටොරන්ට් එකේ බුෆේ අත්දැකීම සතුටුදායක එකක්…

Latitude (Taj Samudra)

ටාජ් සමුද්‍ර, ගාලු මුවදොර මැද පාර, කොළඹ 03

මිල: රු. 2950 (ලන්ච්), රු. 3400 (ඩිනර්)

ලැටිටියුඩ් බුෆේ එක ගැන අපිට තියෙන්නෙ මිශ්‍ර අදහස්. මේන්ස් අතින් ගත්තම නං වාව් කියන්න හිතෙන්නෙ නැති වුණත්, සැලඩ් සහ ඩෙසට් පැත්තෙන් තෝරගන්න වර්ග සෑහෙන ගොඩක් තියනවා. ටාට්ස්, කේක්, චීස්කේක් වගේ රස අතුරුපස ජාති වගේ ම එක එක විදිහට රහට හදපු මස් ජාති එහෙම තිබුණ හින්දා අවුලක් ම නෑ!

The Dining Room (Cinnamon Lakeside)

සිනමන් ලේක්සයිඩ්, 115, සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02

මිල: රු. 3350

ඩිනර්: රු. 3750

අපි ගිහින් තියෙන්නේ ඩයිනිං රූම් එකේ බ්‍රෙක්ෆස්ට් බුෆේ එකට විතරයි. ඒ නිසා එයාලගෙ බ්‍රෙක්ෆස්ට් බුෆේ එක නං සතුටුදායකයි කියල සහතික වෙන්න පුළුවන්. පාන්, සීරියල්, වොෆ්ල්ස් වගේ ජාති විතරක් නෙමෙයි, ශ්‍රී ලංකන් කෑමවලටත් වෙන ම සෙක්ෂන් එකක් තියනවා. බ්‍රෙක්ෆස්ට්වලට ස්මෝක් කරපු තෝර මාළු එකතු කරල තිබුණ එකත් විශේෂත්වයක්. ඉතිං උදේ කෑම ගැන සෑහෙන උනන්දු කෙනෙක් නං මෙතෙන්ට ගිහින් බලන එක වටිනවා.

Cinnamon Red

59, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 03

මිල: රු. 2400 (ඩිනර්), රු. 1738 (බ්‍රෙක්ෆස්ට්)

කොළඹ තියන උස ම වගේ ම ලස්සන ම රූෆ්ටොප් බාර්ස්වලින් එකක් තියෙන්නෙ සිනමන් රෙඩ් එකේ කියන එක ප්‍රසිද්ධ කාරණයක් නෙ. ඒ වගේ ම තමයි බුෆේ එකත්. තෝරගන්න ඕන තරම් කෑම ජාති තියන නිසා කටට රහට බඩ පිරෙන්න කන්න මෙතන මරු!

Elevate

278/4, යුනියන් පෙදෙස, කොළඹ 02

මිල: රු. 1750 (සතියේ දින), රු. 1950 (සෙනසුරාදා)

ලිස්ට් එකේ අනික් ඒවට සාපේක්ෂව මේක තරමක් අලුත් තැනක් වුණත් මේ වෙද්දි නං හැමෝම මෙතන ගැන දන්නවා. මෙතෙන්ට ගියොත්, තට්ටු 29ක් උඩ මුළු කොළඹ නගරෙ ම පේන තැනක ඉඳන් බුෆේ එකක් අත්විඳින්න හැමෝටම පුළුවන්. තෝරන්න කියල වර්ග මහ ගොඩක් ම නැතත්, තියන ටිකේ කොලිටි එක ඉතා ම සතුටුදායකයි.

Ports of Call (Taj Samudra)

ටාජ් සමුද්‍ර, ගාලු මුවදොර මැද පාර, කොළඹ 03

මිල: ස්පෙෂල් බුෆේ – රු. 4200 (ඉරිදා)

ලන්ච් – රු. 2950, ඩිනර් – රු. 3400

දැන් ටික කාලයක් තිස්සෙ සෑහෙන ජනප්‍රිය තැනක් තමයි මේ. මස්, චීස් වගේ පැතිවලින් හොඳ සිලෙක්ෂන් එකක් මෙයාල ළඟ තියනවා. ඒ වගේ ම මේ බුෆේ එකේ ස්ටාටර්ස් එහෙමත් නියමයි. ඒ විතරක් ද! තව වෙන ම ජැපනීස් කෝනර් එකකුත් තියනවා. මේගොල්ලො මාංශ පැත්තට කොච්චර බර ද කිව්වොත්, තව පොඩ්ඩක් වෙජි පැත්තට බර කෑම ජාති ටිකක් බුෆේ එකට එකතු කළා නම් හොඳයි කියල අපිට හිතුණා. හැබැයි ඉතිං මේන්ස් වුණත් රසකැවිලි වුණත් ලංකාවෙ කෑම හොයන අයට නං මෙතන ෂෝක්!

Tides Restaurant (Marino Beach)

590, මරීන් ඩ්‍රයිව්, කොළඹ 03

මිල: ලන්ච් – රු. 2750 (සතිඅන්තයේ පමණයි), ඩිනර් – රු. 2500

එක එක ජාතියේ රස බර කෑමවලින් පිරුණ ටයිඩ්ස් බුෆේ එකත් ගිහින් බලන්න ම ඕන තැනක්. මුහුද අයිනේ ලස්සන වීව් එක හින්දා මෙතනට කන්න එන අයගේ බඩ වගේ ම හිතත් පිරෙනවා.

මේ ලිස්ට් එක ගොඩක් දිග එකක් නෙමෙයි. ඒ වගේ ම හොඳ ම බුෆේ තියන හැම තැනක් ගැන ම කියවෙන්නෙත් නැති බව ඇත්ත! තවත් හොඳ බුෆේ ගැන දැනගත්ත වහා ම මේ ලිස්ට් එකට අපි ඒවා අනිවාර්යයෙන් එකතු කරනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Dampa Seafood: Where seafood dreams come true!

Are you ready for a culinary journey that captures the essence of the ocean? Look

Highlights Kamu

An unforgettable brunch celebration at Harbour Court, The Kingsbury.

The Ambience From the hotel entrance to our designated seat, a vibrant atmosphere resonated with

Highlights Kamu

Trending.

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Royal Turf Club Nuwara Eliya Sports Tourism Race Day 2024 Colombo

The Royal Turf Club Nuwara Eliya held its first race for the year on 24th

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide