Artwork for Coffe top banner 1
Artwork for Coffe top banner 2

4/5

Aasife Biriyani

939, Ethul Kotte Road, Sri Jayawardana Pura, Rajagiriya


Aasife is good place to get biriyani in Ethul Kotte. The food is good and service friendly.



“ඉන්දියන් ෆුඩ්" කියලා බෝඩ් ලෑලි එල්ලගත්ත කඩ නම් ලංකාවේ වටේ ම තියෙනවා. හැබැයි ඔයින් කීයෙන් කීයෙද නියම බිරියානි එකක් කන්න ලැබෙන්නේ. පහුගිය දවසක ශලිනිටයි මටයි ආව බිරියානි බඩගින්න, අන්තිමට කෙළවර වුණේ කෝට්ටේ ආසිෆ් බිරියානි එකෙන්.

තැන

කෝට්ටේ බර්ගර් කිංග් දන්නවා නේද? මේක තියෙන්නේ ඒ කිට්ටුව. හරියට ම කිව්වොත් ඒකෙ අල්ලපු වැටේ. මේක ගොඩක් සුවපහසු තැනක්. කුෂන් පුටු මේස පිළිවෙළට අහුරලා, සෑහෙන්න ඉඩකඩ ඇතුව හදලා තියෙනවා.

ශලිනියි මායි හොඳට අතපය දිගෑරලා වාඩිවුණා. මිනිත්තුවක් ගියේ නැහැ මෙනුව අපි දෙන්නගේ අතේ.

කෑම බීම

ආසිෆ් බිරියානි එකේ උපත සිද්ධවෙලා තියෙන්නේ ඉන්දියාවේ. අපට දැනගන්න ලැබුණු විදියට ඉන්දියාවේ නගර 15ක් පුරා මේ රෙස්ටෝරන්ට් එක පැතිරිලා තියෙනවා.ඒ නිසා ම, උතුරු ඉන්දියානු කෑම මේ මෙනුවේ පිරිලා. චයිනීස් කෑම දෙක තුනකුත් එහෙන් මෙහෙන් දකින්න ලැබුණා.

ඉන්දියානු කඩේකට ඇවිදින් බිරියානි එකක් නොගත්තොත්, නානාගේ කඩේට ගිහින් කොත්තුවක් ගත්තේ නැහැ වගේනේ. අපි ඒ නිසා “චිකන් බිරියානි” (රු.480) එකකුයි, “බටර් ෆ්‍රයිඩ් පරිප්පු” (රු, 230) හොද්දකුයි ඕඩර් කළා. ආසිෆ් බිරියානි කඩේ විශේෂත්වය බලන්න ඕනේ නිසා ම, අපි චිකන් කෑම මෙනුවේ තිබුණු “ආසිෆ් චිකන් 65” (රු.450) එකකුත් ඕඩර් කළා.

රස්නේ දවසක් වුණත්, අපට ඕනෙකම තිබුණේ මසාලා චායි තේ එකක් ගන්න. ඒත් ඒ වෙලාවේ උණු බීම කිසිම දෙයක් පිළිගැන්වෙන්නේ නැති බවයි අපට දැනගන්න ලැබුණේ. ඉතින් අපි ෆලූඩා (රු.300) එකක් ඕඩර් කළා.

මුලින් ම මේසෙට ආවේ ෆලූඩා එක. බිව්වයින් බිව්වේ නෑ මහත්තයෝ මේ වගේ රස ෆලූඩා එකක්. මේක හරියට අතුරුපස තුනක් එකට දාලා හදලා වගේ. උඩින් ම තිබුණේ තඩි අයිස් ක්‍රීම් හැන්දක්. ඒකට උඩින් කැරමල් ටොපින් එකකුත් දාලා. කස කසා ඇට, ජෙලි විතරක් නෙවෙයි, පොඩියට කපපු ඇපල්, අන්නාසි, පැපොල් කෑලිවලින් මේ ෆලූඩා එක පිරිලා. හොඳ කිරි රසකුත් තිබුණු නිසා නියමෙට ම අල්ලලා ගියා මේක.

තද රතු පාටින් දිලිසි දිලිසි මේසෙට ආව ආසිෆ් චිකන් 65 එක දැක්කම අපේ කටට කෙළ ඉනුවේ ඉබේට ම. පෙනුම වගේ ම තමයි මේකේ රසත්. වටේ තිබුණු දවටනය කුළුබඩු තොගයක් එකතු කරලා හදපු එකක්. නියම මසාලා රසක් එක්ක, කරස් සද්දෙට හැපෙන මේ චිකන් කෑලි ඇතුල් පැත්තෙන් සෑහෙන මෘදුයි. මේකත් එක්ක එන දෙහි බෑයත් මිරිකලා ම රස බලන්න අමතක කරන්නෙපා හොඳද. දෙහි යුෂවලින් මේක තවත් රසවත් වෙනවා.

ආසිෆ් එකේ බිරියානි එකත් පට්ට. නියම බත. ලොකුවට තෙල් ගතියක් ඇත්තෙත් නැහැ. වේලිලාත් නැහැ. තඩි චිකන් කෑල්ලක් වගේ ම බිත්තරයකුත් මේකට ලැබුණා. අපි කාලා තියෙන බිරියානි අතරින් හොඳ ම ගොන්නට මේකත් එක්කාසු වෙනවා. අනික දෙන්නෙක් ට කන්නත් හොඳට ම ඇති.

බටර් ෆ්‍රයිඩ් පරිප්පු එක බිරියානි බතට එකතු වෙද්දී හොඳ රසක් දැනුනත්, නිකන් කද්දී නම් ඒ හැටි හොඳක් අපට තේරුණේ නැහැ. හොඳට කහ, මිරිස් දාලා හදලා තිබුණට, පොඩ්ඩක් විතර ලුණුත් වැඩියි. වතුර ගතියත් ටිකක් අඩු වුණා නම් හොඳයි කියලයි අපේ අදහස.

සර්විස් එක

මෙනුවේ අග ඉඳන් මුලට ඇහුවත්, මුල ඉඳන් අගට ඇහුවත් ඕනේ විස්තරයක් කියන්න ආසිෆ් බිරියානි එකේ සේවක මිත්‍රයන්ට පුළුවන්. කෑම බීම සේරම මේසෙට එන්න ගියෙත් විනාඩි 15ක් වගේ. සේරම කෑම පිළිගැන්වුණේ දුම් දම දම තියෙද්දී.

අවසාන වශයෙන්

අපේ සම්පූර්ණ බිල වුණේ රුපියල් 1688ක්. ඒකට මොකෝ මායි ශලිනියි ඉස්මුරුත්තාවට එනකම් කෑවා. ඒකට හේතුව ගෙවන ගාණ කෙසේ වෙතත් ආසිෆ් බිරියානි එකේ ලැබෙන්නේ ලොකු පෝෂන් සයිස්. සාක්කුවට තට්ටු නොවී හොඳ රස ඉන්දියානු කෑම කන්න ඕනේ නම්, ආසිෆ් බිරියානි එක මරු පොට් එක. මේක නම් ඇත්තමයි හොයාගෙන ගිහින් කාලා ආවත් පාඩුවක් නැහැ.


TIP

You cannot go wrong with any of their biriyanis.

Address

939, Ethul Kotte Road, Sri Jayawardana Pura, Rajagiriya

Directions

It's right next to Burger King on Ethul Kotte, towards the end of the byroad leading to Rajagiriya.

Contacts

Facebook

Report Inaccuracy
Similar Places

User Reviews
Y
1

5/5

0

Yasisurie

Good food. Good service!

M
3

3/5

0

Mystica

Can't we have a shortened version of Sinhalese reviews in English please.

Avatar for Miku
2

4/5

0

Miku

Goooooooooood food! Chicken kebabs is bae

Y
1

5/5

0

Yasisurie

Good food. Good service!

M
3

3/5

0

Mystica

Can't we have a shortened version of Sinhalese reviews in English please.

Avatar for Miku
2

4/5

0

Miku

Goooooooooood food! Chicken kebabs is bae

V
5

5/5

0

vinurasera

This is really good… try there kebab

K
1

4/5

1

KayRatzy

Good food. Like the biriyani - indian style. Value for money and succulent. Highly recommend for take aways . Service is good too.

D
1

5/5

1

Dinesh Mervyn

We would rate this as the best Biriyani spot in Colombo. Mutton Biriyani was very tender and flavorful. The Faluda dessert was fantastic. We visited the place for the first time with a European family and they greatly enjoyed the food. Also a clean place with efficient staff.

R
1

1/5

-1

RDFe

My order was a delivery. Buriyani came without the Raita or the gravy. Taste was blank and not at all good. Ordered a butter paneer. When I tasted it, it was already going bad and had an awful smell. The gravy in the paneer was just tomatoe sauce.
Will not order or visit this place again. Sending food that has gone bad is a health code violation!! Authorities should look into places like this!!
FYI - call them and ask for a refund and send the food back if this happens. I did it!

J
1

1/5

0

Janarth

Took my whole family for dinner ordered sweet corn chicken soup it was literally way to sweet when asked why the waiter said that's why they call it sweet corn chicken soup lol…!! (Good thing they did not have TIGER prawns…!)Ordered mutton and chicken biriyani vs hopeless lithe rice tasted bitter did not finish it non of us did….

Avatar for Kosala Jayasekara
1

1/5

0

Kosala Jayasekara

Ordered mix rice, because they said to make buriyani take 40minutes. Mix rice came with bad smell. Really awulf. Manthurian chicken also same. Really bad. Frustrated.

M
1

2/5

0

Madhushanka Ranatunga

Food has no flavor… tried their Biriyani tastes horrible!!! Positions are quite substantial

T
1

5/5

1

thilanh

Had the best chicken and mutton biriyani around Colombo. Hoping to check out other stuff in the menu too. They have all the varieties of biriyani. Best place to go if u are hungry for a biriyani. ❤️❤️❤️

H
1

1/5

0

Hashantha Bandara

Absolutely crappy service. Food
is decent. Not a dine in place. Only good for take away or home delivery.

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

A
1

1/5

0

amir_the_aguero

This place sucks
They have only buriyani and nothing else
Waste of time and money going this place!

See 15 Comments