Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Al-Maas

45/1, Marine Drive. Colombo-4


A mainstream Indian restaurant that caters to an assortment of dishes, ranging from Chinese, to the odd Macaroni, quail, speciality egg dishes and submarines.



කාලයක් තිස්සෙ ම ඉන්දියන් කෑමවලට තරමක ප්‍රසිද්ධියක් උසුලන තැනක් තමයි අල් මාස් රෙස්ටොරන්ට් එක. ඉන්දියන් කිව්වට මෙතන චයිනීස් කෑමත් තියනවා. ඉතිං ඊයෙ පෙරේදා දවසක රෑ කෑම වෙලාවට අපි අල් මාස් එක දිහාවෙ ගිය විස්තරේ තමයි මේ කියන්න හදන්නෙ.

තැන 

මේක වැඩි සෝබන අනංමනං නැති ටිපිකල් හෝටලයක්. හැබැයි පිරිසිදුයි. වාඩි වෙන්න සීටිං ස්පේස් එහෙමත් සෑහෙන තියනවා. ලන්ච් සහ ඩිනර් වෙලාවට නං සෙනඟ උතුරන්න. ඒ නිසා ම සෑහෙන සද්දයි. 

කෑම

අපි මුලින් ම ගත්තා ස්වීට් කෝන් චිකන් සුප් එකක් (රු. 150). මේක උණු උණුවේ සෑහෙන ෆ්‍රෙෂ් පිට තිබුණා. කැරට්, ලීක්ස්, ගෝවා, ඉරිඟු එක්ක චිකන් කෑලි යහමින් දාලා. ලුණු එහෙමත් ගාණට. කොහොමත් මදි නං දාගන්න මේසෙ උඩ පොඩි ලුණු ගම්මිරිස් කුප්පි තියල තියන නිසා අවුලක් වෙන්නෙ නෑ.

අපි කෑමට ගත්තෙ අල් මාස් ස්පෙෂල් ෆ්‍රයිඩ් රයිස් එකයි (රු. 460), ගාලික් නාන් එකයි (රු. 90), බටර් නාන් එකයි (රු. 80). ඊට අමතරව චෙට්ටිනාද් චිකන් කරියයි (රු. 400), ආලූ ෆ්‍රයි එකයි (රු. 180).

ෆ්‍රයිඩ් රයිස් එක පෙනුමෙන් ටිකක් නාසිගුරන් එකකුත් වගේ. කොහොම වුණත් රස නරක නෑ. මේකට දැල්ලො ගොඩක් එහෙම දාල තිබුණා. හොඳට සීසනින් කරලා නිසා කටට සැර දැනෙනවා. බතත් හොඳ සුමුදුවට තැම්බිලා. මදි පාඩුවට බිත්තරේකුයි චිලි පේස්ට් ටිකකුයිත් ආවා. 

ගාලික් නාන් එකෙයි බටර් නාන් එකෙයි දෙකේ ම අවුල පොඩ්ඩක් පිටි ගතිය වැඩි එක තමයි. රසේ ලොකු අවුලක් නැහැ. හැබැයි හොඳට සුදු ලූනු දාල නියම ගාලික් රසට හදල තිබුණ නිසා මේ දෙකෙන් ගාලික් නාන් එක ඉස්සරහින් ඉන්නවා.

අපි ගත්ත කෑම ඔක්කොම අතරින් මේක තමයි අංක එකේ තියන්න පුළුවන්. මේ චෙට්ටිනාද් චිකන් කරිය පෙනුමෙන් වගේ ම රසෙනුත් සුපිරි. හොඳට කුළුබඩු පාවිච්චි කරලා බොර පාටට සැරට හදල තිබුණා. කටක් කනකොට ම කට දැවිල්ල ගන්නවා. ඒ හින්දම මේකේ ග්‍රේවි එක නාන්වලට පදමට ගැලපුණා. ලෝබ නැතුව ලොකු චිකන් කෑලි තුන හතරක් ම මේකට දීල තිබුණා.

මේ තියෙන්නේ ආලූ ෆ්‍රයි එක. මේකටත් ගොඩක් ස්පයිසස් දාල නිසා හෙන සැරයි. කොහොම වුණත් සාමාන්‍යයෙන් ඉන්දියන් ආලූ ෆ්‍රයි එක ටිකක් ඩ්‍රයි කරියක් වුණාට මේක සෑහෙන තෙත ගතියයි. අල තෙල් දාලා හදපු ව්‍යංජනයක් වගේ ගතියක් තමයි තිබුණෙ.

බීම

අපේ බීම තේරීම වුණේ ලයිම් සෝඩා එකයි (රු. 180), ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකයි (රු. 180). ලයිම් සෝඩා කිව්වට ලයිම් එක්ක සෙවන් අප් තමයි මික්ස් කරල තිබුණේ. ඒ නිසා අර සෝඩාවලින් එන කික් එක වෙනුවට පැණි රහ වැඩි ගතියක් තමයි දැනුණේ. ඒ වගේ ම තව ටිකක් කූල් වුණා නං හොඳයි. මිල්ක්ෂේක් එක හදල තිබුණෙ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් පාවිච්චි කරලා. අර කඩේ තියන ස්ට්‍රෝබෙරි රස කරපු ප්‍රඩක්ට්ස්වලින් එන ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක මේකෙන් සෑහෙන ආවා. පැණි රසට කැමති අයට නං හොඳයි. කොහොම වුණත් හොඳට කූල් පිට තිබුණා.

සර්විස් එක 

සර්විස් එක නං කතා දෙකක් නෑ උපරිමයි. විනාඩි පහෙන් කෑම ටික මේසෙට ආවා. ස්ටාෆ් එකේ ඔක්කොම කඩියො වගේ වැඩ.

අවසන් වශයෙන්

ඔයත් හොයන්නෙ රස ගැන ලොකුවට හිතන්නෙ නැතුව අඩු ගාණට බඩ පුරවගන්න තැනක් නං, අල් මාස් පැත්තෙ ගිහින් බලන්නකො..


TIP

Do try their mixed grill, if you are an avid meat lover.


Similar Places

User Reviews
S
1

1/5

0

Srikantha Kumar

My friends and I visited this place recently.
We ordered Chicken kotthu. It was very salty and had a bitter taste.
Then we ordered naan rotti and chicken chetinad, nan was ok but the curry was full of pepper.
Mango lassi was good.

S
1

1/5

0

Suresh Sura

The worst food I have ever tried at marine drive.
Please friends don't spend your money at AlMaas restaurant marine drive.
Better save your money rather than going there 😭😭😭😭

Avatar for Imaad
7

3/5

0

Imaad

The mixed grill is a lot of food! I like it solely for that. It's all a little dry, though.

S
1

1/5

0

Srikantha Kumar

My friends and I visited this place recently.
We ordered Chicken kotthu. It was very salty and had a bitter taste.
Then we ordered naan rotti and chicken chetinad, nan was ok but the curry was full of pepper.
Mango lassi was good.

S
1

1/5

0

Suresh Sura

The worst food I have ever tried at marine drive.
Please friends don't spend your money at AlMaas restaurant marine drive.
Better save your money rather than going there 😭😭😭😭

Avatar for Imaad
7

3/5

0

Imaad

The mixed grill is a lot of food! I like it solely for that. It's all a little dry, though.

See 6 Comments