Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF Sidebar Banner General Artwork for Promotional Artwork

4/5

Amaravathi Restaurant

2 Mile Post Ave, Kollupitiya, Colombo 3


Amaravathi is a non-vegetarian South Indian restaurant located on a narrow street off the Galle road, serving great thosas, thalis and one of the country's best biriyanis.



අමරාවතී කියන්නේ ගාලු පාරෙන් හැරී යන පටු මගක පිහිටි, ඉතා හොඳ තෝසේ හා තාලිත්, රටේ හොඳම බුරියානිත් පිරිනමන නිර්මාංශ නොවන අවන්හලක්.

ශ්‍රී ලංකාවේ චීන හා උතුරු ඉන්දීය කෑම අලෙවිහල් ඕනෑවටත් ව‍ඩා තිබුණත්  මධ්‍යම හා ඉහළ මට්ටම්වල දකුණු ඉන්දීය කෑමහල් කියන්නේ ප්‍රමාණවත් තරම් නැති ජාතියක්. අමරාවතී කියන්නේ එවැනි දුලබ දකුණු ඉන්දීය කෑමහල් අතරින් එකක්. එහි වැඩි අවධාරණය මදුරාසි හා ආන්ද්‍රා විලාසිතාවේ ආහාරවලටයි. අමරාවතී විශේෂ වන තවත් කාරණයක් තමයි, එය මාංශ ආහාර පිරිනමන ඉන්දීය අවන්හල් කීපය අතරින් එකක් වීම. චෙන්නයි කුස්සියකින් අපේක්ෂා කළ හැකි  ඉට්ලි, තෝසේ, ඌතප්පම්, රසම් වැනි හැම කෑමක්ම එහි පිරිනමනවා. හැබැයි දකුණු ඉන්දියාවේ මැක්ඩොනල්ඩ්ස් වන සරවන බවන්හි තරම් පළල් විවිධත්වයක් නැහැ. ඔවුන් නාන් හා මසාල කරන ලද පනීර්ද පිරනමනවා. ඒත්, හයිද්‍රාබාද්වලින් උතුරට වන්නට ඇති සංස්කෘතිවලට හිමි කෑම කන්න මෙහි යන්නය කියා නම් අපි ඔබට උපදෙස් දෙන්නේ නැහැ. දකුණු ඉන්දියාවේ කුළුබඩු සහිත ව්‍යංජන කෑම කන්න. ඒවා පිසින්න තමයි, ඔවුන් දක්ෂ.

කොළඹ හොඳම බුරියානි?

බුරියානි කොළාම්පුරයේදී ලජ්ජා හිතෙන තරමට ව්‍යාජ වෙලා. හැම බත් කඩයක්ම මේ මෝගල් රාජ භෝජනය පිරිනමන්න ඉදිරිපත් වුණත්, එය  අව්‍යාජ අන්දමින් පිරිනැමෙන තැන් විරලයි.  අපට ලැබෙන්නේ ස්ටොක් වතුරෙන් තම්බන ලද, ගිතෙල් රස මුසු, තද කහපාට බත් සහ උවමනාවට වඩා බදින ලද තැඹිලි පාට චිකන් කුට්ටි. බුරියානිය වර්ණවත් වන තරමට එහි රසය අඩු වන බවයි අපේ අත්දැකීම.

අපි නගරයේ පිරිනැමෙන හැම බුරියානියක්ම කාලා බලලා නැහැ. නගරයේ ඉන්නවා අනර්ඝ බුරියානි පළංගාන හෙවත් සවන් පිරිනමන ආන්ටිලා. අපි ඒවා කොහෙත්ම කාලා බලලා නැහැ. අමරාවතියේ බුරියානිය රු. 590යි. දෙදෙනෙකුට බෙදාහදාගන්න පුළුවන්. එය කොළඹ හොඳම බුරියානිවලින් එකක්. ළා දුඹුරු පාට බත ගැඹුරින් චිකන් තැම්බූ වතුර රසයෙන් කකාරවලා මිංචි, බදින ලද ළූනු, කුරුඳු, කරදමුංගු රසයන් තවරලා. එය කනවිට ඔබට හිතෙනවා ඒ වර්ණ ඇවිත් තිබෙන්නේ එය පිසීමට භාවිතා කර තිබෙන කුළුබඩු ආදියෙන් මිස කෘත්‍රිමව එක් කරනු ලබන වර්ණකවලින් නොවෙයි කියලා. රසයන් ඇත්තෙන්ම ඇටවලට කිඳා බැහැලා. එයින් කැපී පෙනෙන බුරියානි රසයක් මතු වෙනවා.

කර කර ගා හැපෙන පරිදි ‍ගිතෙලින් බදින ලද එළුමස් එයට මුසු කරලා. එය පිරිනමන ලෝහමය බඳුනේ උඩින්ම දිලිසෙන තැම්බූ බිත්තරයක් තබලා. ඇත්තම කීවොත් එය මගේ ආත්තම්මාගේ බුරියානියට වඩා රසයි. (ඒත් ඇයට කියන්නනම් එපා. ) බත් උණුසුම් තෙත් ගතියෙන් යුක්තයි. රසවත්. එළුමස් කරිය සරුයි. එය සමග උකු හොද්දක් ලැබෙනවා. එය නැතිව වුණත් හොඳයි. සිසිල්, මංචි රස රයිටා මුසු කර ගත්තාම වඩාත් රසයි.

චිකන් 65

කීර්තිමත් ආහාරයක ලක්ෂණයක් තමයි, එහි නමේ උපත සමග බැඳී පවතින පුරාවෘත්ත. බොම්බේ ඩක්, ඩොල්ෆින් කොත්තු, චිකන් 65 ආදී නම් උදාහරණ ලෙස ගත හැකියි. චිකන් 65 යන නම තරුණ හෝටල්කරුවකු විසින් නිර්මානය කරනු ලැබුවේ සෑම කිලෝවක්ම පිසීම සඳහා භාවිතා කරන ලද මිරිස් කරල් 65 නිසාය කියා කතාවක් තිබෙනවා. තවත් සමහරු කියන්නේ එහි පසුබිමින් ඇති කතාව වන්නේ සූපවේදියෙක් ලොව පුරා සැරිසරා පිසීම ඉගෙන ගත් ආහාර වර්ග 65ක් අතරින් අවසන් එක එය නිසා ඒ නම වැටුණු බවයි. මෙනුපතක පිටුප‍ස සටහනකින් වෙන්නත් පුළුවන් මේ නම ලැබුණේ. මේ ගැඹුරින් බදින ලද මාංශය තමයි, චෙන්නෙයි වෙතින් ලොවට පිරිනමන ලද එකම සූපශාස්ත්‍ර තිලිණය. කෙසේ වෙතත් අමරාවතියේ රු. 490ක් වූ චිකන් 65 ගැන කියන්න තිබෙන්නේ එය මේ විස්තරයට වඩා වැදගත් එකක් බවයි.

රතුළූනු වෘත්ත, රසට හැපෙන මෘදු ආවරණයකින් සමන්විත මෘදු මස් හා කුළුබඩු රස වෑහෙන කරියක් සමග එය පිරිනැමෙනවා. ඉඟුරු,  රතු මිරිස්, දුරු සහ ගම්මිරිස් එකට අඹරා සකසන ලද  රසමුසුවක පදම් කර කෝන් පිටි දැවටුමක බහා ගැඹුරු තෙලේ බදින ලද මසකුයි ඒ. අවමන් කරනවා නොවෙයි. මේ රසමුසුව අවන්හලේ සිට රා කඩය දක්වා විවිධ තැන්වල විවිධ ගුණයන්ගෙන් යුක්ත නිසා ඔබ හැමතැනින්ම එකම රස චිකන් 65 කනවා කියන්න බැහැ. මෙය ලංකාවේ බොහෝ ඩෙවිල් චිකන් දීසිවලට වඩා රසින් සරුයි. මම කලිනුත් කිව්වා වගේ අමරාවතිය තමයි, තමිල්නාඩුවේ මුල් උපත ලද ආහාර වර්ග පිරිනමන හොඳම තැන.

තාලියක් කාලා බලන්න

තාලි ඉන්දියාවේදී සැලකෙන්නේ කෑම වේල් ලෙසයි. සුන්දර පිරිනැමුමක් වන එය කාලා බලන්න වටිනවා. දකුණු ඉන්දියාවේ නියම රසය වන එය මුදලට වටිනවා. අමරාවති‍යේ තාලියක් රු. 490යි. සාමාන්‍යයෙන් හොඳයි. ඒත්, ඔබ මස්වලට වැඩියෙන් ලොල් කෙනෙක්නම් අපි එය එතරම් නිර්දේශ කරන්නේ නැහැ.  එය පිරිනමනු ලබන්නේ සුවඳ හමන කෙසෙල් පතක් අතුරන ලද සුවිසල් රිදී පැහැ පළඟානක. එහි වටේට මාලයක් සේ රවුමට වර්ණවත් ව්‍යංජන තබලා. මීකිරි බත්, රසම්, පරිප්පු, කුර්මා ආදියත්, සැහැල්ලු පපඩම් හා චපාති හෝ බතුත්, ඕනෑනම් ඒ දෙකමත් පිරිනැමෙනවා. ඉල්ලුවාම ව්‍යංජන නැවත ලබාගන්න පුළුවන්.

ඉතින්

අමරාවතී හොඳයි. ඒත, හැම දෙයක්ම එහෙමය කියන්න බැහැ. ගුලාබ් ජමුන් නම් රසකැවිලි ගන්න දෙයක් නැහැ. තෙල් සහිත සාමාන්‍ය ව්‍යංජනයක් වන කඩයි පනීර් හොඳම තත්වයේදීත් සාමාන්‍යයි. තෘප්තිමත් ආහාරයක් සඳහා නම් දකුණු ඉන්දීය කෑම කන්න. චිකන් 65න් පටන් ගන්න. එළු මස් බුරියානියක් කාලා මසාලා තේ හෝ කෝපිවලින් සියල්ල සෝදා දමන්න. ඒ බුරියානිය මතක් වනවිට තවමත් මගේ කටට කෙළ උනනවා.

TIP

Parking, while better than before, is still a bit limited.

Address

2 Mile Post Ave, Kollupitiya, Colombo 3

Contacts

Report Inaccuracy

Open Noon to 3 PM (lunch), 6 to 11 PM (dinner)

Cuisine

Indian South Indian

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
4
Ambience Rating
1

Similar Places

User Reviews
R
1

2/5

0

Ralston Joseph

Had a nasty experience today. The new management has a policy against people sharing food. I have been going there for a long time and have never heard of a minimum table tab or anti-sharing policy. I understand if the rules are new, but then they must be displayed in public, on the menu or conveyed to customers before taking the order. The Manager was rude in responding to my query and stated bluntly that he didn't care if we left. Disappointed that such an establishment of repute is run by Management that not only breaches customer information rights, but also treats them with disrespect.

R
1

2/5

0

Ralston Joseph

Had a nasty experience today. The new management has a policy against people sharing food. I have been going there for a long time and have never heard of a minimum table tab or anti-sharing policy. I understand if the rules are new, but then they must be displayed in public, on the menu or conveyed to customers before taking the order. The Manager was rude in responding to my query and stated bluntly that he didn't care if we left. Disappointed that such an establishment of repute is run by Management that not only breaches customer information rights, but also treats them with disrespect.

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

R
1

4/5

0

Raiza

We went here on Sunday and loved it! Ordered a mutton biriyani (now Rs, 640/=) and a rasam (130/= sufficient for 2) and a chicken pakoda (Rs. 350/= i think and sufficient for around 4 people to snack on) The service was excellent - the wait staff were very friendly and the food was great! Will definitely go here more often :)

See 22 Comments