Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Angel Walk

87/C, High Level Road, Kottawa, Pannipitiya.


A bar and restaurant in Kottawa serving cheap booze. Food isn't bad either.



“ඒ මොකෝ කියන්නෙ. රිවිව් සල්ලි හම්බුවෙච්ච එකේ යංද පොඩි අඩියක් ගහන්න හැන්දෑවට?”

“අඩේ අප්පට මේකා… එළ එළනෙ බං. යමං අනිවා.

ඒත්, කොහාටද යන්නෙ?”

“යන්න තැන්ද බං නැත්තෙ. මං කියන්නං, කට්ටියටම ලඟ එකේ යමු කොට්ටාව පැත්තට. ගිහින්… ලයින් වෙමු ‘එන්ජල් වොක්’ එකට හරි ‘කැසබෙ ලංකා’ එකට හරි”

“හප්පට, ඔය තියෙන්නෙ අදහස්. කැසබෙ නෙවෙයි යමං ඒන්ජල් එකට. ඒක අරකට වඩා ටිකක් හොඳයි බං.”...

කතාබහ ඉවර වෙද්දිම වගේ අපේ කට්ටිය පුටුවලින් නැගිටලා යන්න ලෑස්ති පිට වගේ හිටියෙ. ඒ නිසාම මමයි චන්දනයි දැම්මා පික් මී දෙකක්ම! කට්ටියට සැපපහසුවට යන්න කියල. දාලා හිටං, ඔන්න නුගේගොඩින් පිටත් වුණා හොඳේ...

පිටත් වෙලා… ට්‍රැෆික් එකත් අස්සේ… කොහොම හරි කොට්ටාවට කිට්ටු කරද්දි හැන්දෑවෙ 5.30ට විතර ඇති. දන්නවනෙ ඉතින් අපේ සරිත්, වීල් ටික කෙලින්ම ගිහින් නතර කෙරෙව්වෙ ඒන්ජල් වොක් එක ඉස්සරහ. එතනින් අඩියට දෙකට ඔන්න අපි රෙස්ට් එක ඇතුලෙ.

ම්ම්… කිව්වත් වගේ, නරකම නෑ ප්ලේස් එක. බෝතල් තොගයක් තියෙන බාර් එකත් එක්ක පුටු මේස ටිකක් පිළිවෙලට දාලා, ඒ විතරක් නෙවෙයි සැපට බොන්න ඕන කට්ටියට වාඩි වෙන්න වෙනමම ඒසී. කාමරයකුත් තියෙනව ඒකෙ. හිතන්නකො ඉතින් අපි ඕවා බලන අතරට සේවක මිත්‍රයෙක් මගටම ඇවිල්ලා, වෙල් කම් එකක් දීලා, අපිට මේසයකුත් පෙන්නලා ගියාම නේ… ඊටත් ගියපු සනික මෙනු දෙකකුත් අරගෙන ආපහු ඇවිල්ලා, බයිට් තෝරන්නත් උදව් කරලා… අනේ මන්දා, පිස්සු හැදෙන සර්විස් එකක් ඈ.

ඇත්තමට මේ තරම් සර්විස් එකක් තියෙනව කියන්නෙ කොට්ටාව වගේ පැත්තක රෙස්ටෝරන්ට් එකක… අවංකයෙන්ම අගය කරන්න ඕන.

කොහොමහරි ඉතින් සේවක මිත්‍රයා දුන්න සපෝට් එකෙන් අපිට හොඳ බයිට් ටිකක් ඕඩර් කර ගන්න චාන්ස් එක ලැබුණා. විශේෂයෙන්ම ඒන්ජල් ස්පෙෂල්රයිස් එක (රු. 850), පෝර්ක් ඩෙවල් එක (රු. 580), හොට් බටර් කට්ල් ෆිෂ් එක (රු. 620) එහෙම! වැඩේ කියන්නෙ ඕඩරේ දාලා අනික් පැත්තට අරක්කු අඩුම කුඩුම ටිකත් මේසෙට ආපු එකනෙ. අපිට ඉතුරුවෙලා තිබුනෙ සොටක් දාගෙන චියර්ස් කරන්න විතරයි.

“සර් විනාඩි 2ක් දෙන්න පෝර්ක් එක ගේනකම්…” අපි අමුවෙන් වැඩේට බහිනව දැකලද කොහෙද සේවක මිත්‍රයා වචනෙනුත් සර්විස් එක. ඒ වගේම තමයි, වචනෙ නම් වචනෙ කියන්න වගේ විනාඩි දෙකෙන්ම ගෙනාවා කියන්නකො පෝර්ක් එක. හැරත් ඒ අනික් පැත්තට රයිස් එකත් මේසෙ උඩ.

“හා… දැන් ගසාපල්ලකො!” කියන්න වගේ සරිත් පටන් ගත්තා දෙවනි වටේ යන්න.

ඔය අතරෙ තමයි මම පළවෙනි ෂොට දාලා පෝර්ක් කෑල්ලක් කෑවෙ.

හප්පොච්චියෝ… පංකාදු පහයි කියන්නේ! ටොප් ඈ. සුපිරිම පෝර්ක් එක. බයිට් එකට විතරක් නෙවෙයි ඒක නම් රයිස් කන්න වුණත් කියාපු. ඇයි අප්පේ පෝර්ක් කෑලි සියල්ල බැදලනෙ ඩෙවල් දාලා තිබුනෙ. 4, 5ක් තිබුණ තෙල් කෑලිවලත් රස නියමෙටම. කොටින්ම කියනව නම් තෙල් කෑලි කියල හොයන්නවත් බැරි ගානයි. අනික එකේ රස... සෝස්, මාළු මිරිස්, අමු මිරිස්, ලූණු එක්ක තක්කාලිත් මදි නොකියන්න දාලා හොඳ පදමට සැර තියෙන්න ගම්මිරිස්, මිරිස් කුඩුත් දාලා…

ආයෙ සුපිරි කටගැස්ම ආ…

කිව්වට විශ්වාස කරන්න යාළු ඩෙවල් එකට දෙවනි නෑ කියන්නකො රයිස් එක. හම්මෝ ඒකෙ තිබ්බ දේවල් තොගේ! ජම්බො සොසේජස් පෙති ගහල බැදලා, ඉස්සො දැල්ලොත් බැදලා එකතු කරලා, ගම්මිරිස් ලුණු පදමට දාපු බුල්සායි එකකුත් උඩින් තියලා… කොහොමද බැදපු චිකන්, පෝර්ක් කෑලි ටිකකුත් මික්ස් කරලා තියෙද්දි.

ඒ ටිකයි! ඊට පස්සෙ තියෙනව ලුණු පදමට දාලා තම්බපු කැරට්, බෝංචි, ගෝවා අඩුම කුඩුම ටිකත්. ඔය අතරට රයිස් එකත් කීරි සම්බා වෙලා, පොඩ්ඩ තැටියෙ පිච්චිලා ආවා කියන්නේ… රස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ යාළු.

රයිස් එකයි පෝර්ක් එකයි දෙකම ඉවර වුණාට පස්සෙ තමයි අපි ඕඩර් කළේ හොට් බටර් කට්ල් ෆිෂ් එක. ඒකත්, බෝතලේ අන්තිම අඩිය ගහන්න. හැබැයි ඉතින් අපේ වැඩේ ඉවර වේගෙන යනව කියල නෑ, සේවක මිත්‍රයා ඒකත් සනිකව ගෙනාවා මේසෙට.

අර… ගෙනාවා කිව්වට, ගෙනාවා විතරයි මතක කාටත් මගෙ හිතේ. මොකද ඒකෙ රසට, ඒක බයිට් එක වෙන්න කලින් ඩයට් එක වුණා. සරිත්ටත් මතක වටේට දෙහි කෑල්ල මිරිකුවා විතරයිලු.

ඇත්තටම හොට් බටර් කට්ල්ෆිෂ් එකට එහෙම වුණේ ඒක තෙලෙන් බැදලා ආපු නිසා වෙන්න ඕන. මොකද එතකොට නිකම් අපේ ටයිප් කටගැස්මක රහක්නෙ සෙට් වෙන්නෙ. ලූණු, මිරිස් කුඩු ටිකක් එහෙමත් දාලා…

පොඩි අඩියක් ගහන්න වුණත් කියාපු බයිට් එක.

ඒකත් ඉවර වුණාට පස්සෙ ඉතින්…

ආ… මට හරියට මතක නෑනෙ. නිකම් වැස්සක් වගෙත් ආවා, කට්ටිය මිසින්ග් වෙන්න පටන් ගත්තා, කවුරු හරි මාව වීල් එකකටත් දාගත්තා…

ඒත්!

අනේ මන්දා...


TIP

Try their special rice.

Address

87/C, High Level Road, Kottawa, Pannipitiya.

Directions

Around 200m from Kottawa junction towards Maharagama, just opposite the Cargills Food City.

Contacts

Report Inaccuracy

Similar Places

User Reviews
K
1

5/5

0

Kivindu Chameera

Angel wak is very nice place . ඒකෙ තියන තායි මට්න් එකක් කෑවානම් පිස්සු කොරවෙනවා ශුවර්….🤣🤣

K
1

5/5

0

Kivindu Chameera

Angel wak is very nice place . ඒකෙ තියන තායි මට්න් එකක් කෑවානම් පිස්සු කොරවෙනවා ශුවර්….🤣🤣

See 1 Comment