Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for PMF Ifatr Sidebar banner 1

4/5

ANS Food

Pitakotte road, Thalawathugoda


Nice street food stall in Kimbulawala junction to taste some delicious pork, crab, lake fish with roti, string hoppers..



දවස් ගාණක් තිස්සෙ බල බල ගියා..

සත්තයි අද නම් හිතාගෙනම ආවෙ කන එක කනවා කියලා එතනින් පෝර්ක් එක්ක රොටි. ඒ හිතලා එන ගමනෙ ඔන්න සනික වැදුණා බ්‍රේක් පාර!

“අයියෙ.. අනේ ඔහොම අයින් කරලා නවත්තන්නකො. මම අර පාරෙන් එහා පැත්තෙ කඩේට පොඩ්ඩක් ගිහින් එන්න”

“ආ හරි මල්ලි.. කලින් කියන්න එපැයි”

ආයෙ වීල් එකෙන් බැස්ස ගැම්මට මම දුවලා ගියේ කඩේ ලඟට. ගිහිල්ල හිටං..

ම්.. වටපිට බැලුවා.. ඒත් මට ඔ්න කරි ටික නෑනෙ පේන්න!

“එක්සියුස්.. අ.. පෝර්ක් කරි තියෙනවද?”

“තියෙනවා තියෙනවා.. පෝර්ක් කරි විතරද?”

“නෑ, මට.. තව මොනවද කරි ජාති තියෙන්නෙ”

“සර්.. පෝර්ක් තියෙනවා, මාළු ඇඹුල් තියල් තියෙනවා, ක්‍රැබ් කරි තියෙනවා, පරිප්පු තියෙනවා, වැව් මාළු තියෙනවා, ම්..”

“හම්මෝ ඇති ඇති. මට එච්චර ඔ්න නෑ. පෝර්ක් කරියකුයි (රු. 250), ක්‍රැබ් කරියකුයි (රු. 300) එක්ක ඉඳිආප්ප පැක් එකකුයි (රු. 100).. රොටි 2කුයි (රු. 100) දෙන්නකො”

“හා..”

කියලා ඔන්න අනික් පැත්තටම වගේ අඩුම කුඩුම ටික කප් වලට බෙදුනා. බෙදෙන අතරට ඉඳි ආප්ප පැක් එකත් රෙඩි, උණු උණු රොටි දෙකත් රෙඩි.

“කීයද..?”

“600යි”

ආයෙ.. පාර්සලේ ගත් අතට මම හැරෙන තැපෑලෙන් වීල් එකට. නැග්ගා.. ආවා.. අත් හේදුවා විතරයි මතක, දාගත්තා පිඟානට ඉඳිආප්ප 10යි ඒ පොල් සම්බෝලයි එක්ක පෝර්ක්.. දාගෙන කට දෙක කද්දි..

ෂැප්පේ.. තොලකට නිකම් පිස්සු ව‌ගේ..

ම්.. හැබැයි ඇත්තම කියන්න එපැයි, ඒ පොල් සම්බෝලෙ නම් එච්චරම කොලිටි නෑ. වැඩේ කියන්නෙ ඇයි කියන්න තේරෙන්නෙත් නෑ, මොකක්දෝ පොඩි වේලිච්ච ගතියක් තියෙනවා.. ඒ මදිවට ඇඹුල්, මිරිස් අඩුම කුඩුමත් මදි වගේ. හැබැයි ඉඳි ආප්පට ටික ටොප්. 

ඊටත් ඒවා අර.. මදි නොකියන්න බැදපු තුනපහ, ඉඟුරු, සුදුලූණු අඩුම කුඩුම ගලපලා හදපු පෝර්ක් එකත් එක්ක..

නොම්මර එක දෙන්න තිබ්බා කරියෙ තෙල් කෑලි ප්‍රමාණය තව අඩු වුනා නම් ඔ්..

ඒ කාලා ඊලඟට මම කිට්ටු කරගත්තෙ රොටි එක්ක ක්‍රැබ්..

ආයෙ.. රොටියෙ උණු ගතියයි, තෙල් මතුවෙන්න සැරට, කිරට හදාපු කකුළු හොද්දයි..

පංකාදු පහයි නෙවෙයි විසිපහයි.. හප්පේ.. ටොප් ආ.. 

හැබැයී.. ඒකෙත්.. හිත හැදෙන්නවත් ටිකක් ලොකු කකුලුවෙක්ගෙන් බාගයක් දාන්න තිබුනා ඈ..

කොහොමවුනත් ඉතින්..

වගකීමෙන්..

මෙතන කෑම නම්..!

Address

Pitakotte road, Thalawathugoda

Contacts

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment