Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1

4/5

Arthur's Pizza

220, Galle Road, Mount Lavinia


Arthur's pizza is now a pub, too. They do their own take on localised pizza.



පීසා කන පූස් තඩියා ඕං ආයෙත් කොළඹ එනව කියන්නෙ. ඒකත් බස් එකට නැගල මට කෝල් කරන්නෙ. මම නේද.. අහස පොළව ගැටලන්න කල්පනා කළේ යාළු. ඇයි ඉතින් පීසාම කන්න දෙන්නත් ඕන, ඒක හොඳ එකෙන් කන්න දෙන්නත් ඕන.

“කොහාටද හත්ඉලව්වේ මේ පාර එක්කගෙන යන්නෙ?”

කරන්න දෙයක් නැතිම තැන මම ගියා යමු සයිට් එකට. ගිහින් බැලුව ගෝල් රෝඩ් එකේ තියෙන ඔක්කොම පීසා කඩ ටික. වැඩේ කියන්නෙ ඒකෙත් හරියන්නෑනෙ, හැම එකකටම වගේ ළඟදි ගොඩවෙලානෙ.

මළ කෙලියයි කියන්න, වෙන විසඳුමකුත් නැති එකේ මම ගියා ලැයිස්තුවෙ තවත් පහළට.

“කිරි අප්පේ.. ආතර් අයිය! මගෙ දෙයියො. මේ ඉන්නෙ දිලිසි දිලිසි මවුන්ට්වල. ඊටත් මහ දවාලෙ ඇරලත් එක්ක”

“මම කොටුවෙන් බැස්සා.. කොහාටද එන්න ඕන?” කඩේ හොයාගෙන එක විනාඩියක් යන්න හම්බවුණේ නෑ, එනව එලාම් කෝල් එක!

“ආ.. ඔහොම්මම මවුන්ට් වලට එන්නකො. හරියටම ඔඩෙල් හංදියට ඈ”

වචනෙන් දෙකෙන් වැඩේ බැලන්ස් කරපු මම ආයෙ හැරි හැරි හිටියෙ නෑ, සනිකව ඇද්ද වීල් එකක් දාගෙන ඒ පැත්තට. මොකද පොඩ්ඩ පරක්කු වුණොත් පස්සට බලපානවනෙ.

කොහොමහරි දෙයියනේ කියල, දෙන්නම එකම වෙලාවට අදාළ ස්ථානයට. 

“හානේ.. හරිම ලස්සනයි. අර අර, මං ආසම ගඩොල් බිත්තිත් තියනව. මේ..හ් මෙතන කොක්ටේලුත් තියෙනවද…?”
“ඔව් ඔව්. කොක්ටේල් විතරක් නෙවෙයි, ඕන ජාතියක් තියෙනව. ඔක්කොටම කලින් අපි වාඩි වෙලා ඉමුකො” වචනෙ දාලා මම හෙමිහිට කිට්ටු කළා අයිනට වෙන්න තිබුණු ප්ලේස් එකකට. කිට්ටු කරල බෑග් අනං මනං ටිකත් පැත්තකින් තියල වාඩි වුණා පිළිවෙලකට. ඒ වාඩි වෙලා අනික් පැත්තට..

සර්විස් එකනෙ සර්විස් එක. සේවක අයිය ඇවිල්ල මේසෙ පිහිදල, හැඳි ගෑරුප්පු වතුර කෝප්ප තියල, මෙනු 2ක් අතට දීලා.., කෑම තෝරන්නත් උදව් කළා කියන්නකො. ඒකෙන් ඉතින් විනාඩි 5ට අපේ ඕඩරේ රෙඩි. බේකන් පැස්ටා (රු. 780) එකයි, චීස් හතරක් (රු. 900) මස්කඩේ (රු. 925) බාගෙ බාගෙ පීසා එකයි, වෙජි නයිමිරිස් (රු. 675) පනීර් මසාලා (රු. 750) බාගෙ බාගෙ පීසා එකයි. ඒකයි බොන්න මොජිටෝ එකයි.

ම්.. ඕඩරේ දැම්මට පස්සෙ නම් ඉතින් කාලෙකට පස්සෙ මුණගැහීමේ ආගිය තොරුතුරු තමයි. මගෙහිතේ.. විනාඩි 10ක් 15ක් විතරම. ඒ අතරෙ ඔන්න හෙමිහෙමිහිට මේසෙට එනව මොජිටෝ එකයි, පැස්ටා එකයි. උණුඋණුවෙ, දුම් ද දා.. දන්නැද්ද ඉතින්.

ඒ ඇවිල්ල අනික් පැත්තට, පැස්ටා එක සිං ගාලා ගියේ ඒ පැත්තට. මට ඉතින් තනියට, මොජිටෝ විතරයි අයිස්ම අයිස් එකට.

ඇත්තටම ඒකෙ අයිස් වැඩියි යාළු. ඒ නිසාම රම් රසත් ටිකක් යට ගිහිල්ල. ම්.. දෙහි රස නම් ගාණටම වගේ. ඒත් අනේ මන්දා...

අන්න ඒකට බලන්න එපැයි පැස්ටා එක. බොහොම අමාරුවෙන් එක කෑල්ලක් ඉල්ලගෙන රස බලපු නිසා මම දන්නෙ. නියමම නියමයි ඈ.. අර එකම අවුල තිබ්බෙ පැස්ටා ටික ටිකක් තැම්බිලා මදි වගේ එක තමයි. ඒක හරි ගියා නම්.. ෆ්‍රෙෂ් තක්කාලි රසයි, මදි නොකියන්න දාපු බේකන්වල රසයි, ලා සැර ගතියයි.. සත්තයි, පංකාදු පහයි හොඳේ.

ඔක්කොමත් හරි, මස් කඩේ…

මේසෙට ආවා විතරයි මතක. කෑලි 2, 4 වුනේ බලාගෙන ඉඳිද්දි. ඇයි අප්පේ ඒකෙ තිබ්බ මස් තොගයක්. හිතන්නකො යාළු හොඳහැටි ලුණු ගම්මිරිස් පදම අල්ලපු හැම්, බේකන්, සොසේජස් එතකොට ෆ්‍රයිඩ් චිකන්, කරි පෝර්ක්.. බිත්තර විතරයි අඩු තිබ්බෙ මගෙ හිතේ. කොටින්ම කියතොත් ටොපින්ග් එකම සයිස් අඟලක් හමාරක් විතර. ඒකෙ රස ගැන ඉතින් ආයෙ කියන්න ඕන නෑනෙ, නේ…

චීස් හතරත් සුපිරිම. එකම අවුල තිබ්බෙ එක චීස් එකක් වෙනුවට පනීර් දාපු එක තමයි. හැබැයි ඉතින් ඒකෙත් අමුතුම ගතියක් නැත්තෙම නෑ. මොසරැල්ලා, පාමෙසාන්, රෙකොට්ටටා චීස් රස මැදින් පනීර් කෑලි හැපෙද්දී..

ම්ම්.. උණු උණුවට මෙලෙකට තිබ්බ නිසා ඉතින් රසයි පැලෙන්න. විශේෂයෙන්ම ඔය චීස් වලට කැමතිම කට්ටියට නම් කියාපුම!

නයිමිරිස් වෙජි එකේ තිබ්බෙ බෙල් පෙපර්, බ්ලැක් ඔලිව්, ලූණු, තක්කාලි. ඒ හැරුනාම මදි නොකියන්න නයිමිරිසුයි, ටිකක් වෙන්න පනීරුයිත් දාලා තිබ්බ. මගෙ හිතේ රස පදම එන්න මොසරැල්ලත් හොඳ හැටි දාලා. හැබැයි උඩ එන්නෙ නම් එළවළු ටිකෙයි, නයිමිරිස් රසයි තමයි. මොකද චීස් ටික හරියට මෙලෙක් වෙලා නෑ. වැඩේ කියන්නෙ ඒ නිසාම, ඔය අපේ උන්දැත් කෑදර කමට කන්න ගිහිල්ල හායි හූයි ගාන්න ගත්තෙ. වෙලාවට අර මොජිටෝ එක තිබ්බෙ!

අන්න ඒකට පනීර් මසාලා එක. පළවෙනි පාරට කෑවෙ ඉන්ඩියන් රසට පීසා එකක්. ඇත්තටම වෙනස්ම අත්දැකීමක්. ඒ වගේම තමයි රසත් නරකම නෑ. හොඳ මසාලා රසක්, පනීරුත් නොසෑහෙන්න, එතකොට.. බෙල්පෙපර් ටිකක් එහෙමත් දාලා, ලුණු මිරිස් පදමත් නූලට..

එකම අවුල තියෙන්නෙ ආයෙ ආයෙ කන්න හිතෙන තරම් රසක් නැති එක තමයි.

කොහොම වුනත්, අර මස් කඩේ නම්…

ආයෙත් අනිවා හොඳේ!


TIP

Bliss out on that chocolate biscuit pudding.

Address

220, Galle Road, Mount Lavinia

Directions

Coming down Galle Rd, past the Mt.Lavinia Cemetery, Arthur's Pizza is right next to the Lion Pub (oppsite Family Super).

Contacts

Report Inaccuracy

Open 5.00 pm - 11.00 pm (11.00 am - 11.00 pm on Sundays)

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4
Similar Places

User Reviews
P
7

4/5

0

PrasadM

Really love their taste!!

G
9

2/5

0

GayanP

Their main offering is pizzas, but they are terrible.
For a start the pizza crust is all wrong. It appears to be just flour and water similar to the flour mix used to seal the lid of Biriyani pots.

The cheese is like plastic, there is hardly any tomato paste and instead of olive oil they seem to be using some ordinary oil. The pizzas taste quite bad. The Sri Lankan hot chilli pizza is edible as the chillies drown out everything else, but the Italian pizzas are disasters.

They use chopped pieces of spam luncheon meat instead of Ham and Pepperoni. They either don't know the difference or they are knowingly passing it off as their clientele doesn't know the difference .

However the prices at Arthur's are very high - around SLR 2,000/- for a 12" pizza. Even the prices at the high end pizza restaurants in Colombo where they use top quality ingredients are not this high.

Avatar for Omindu Shehan Lokuliyana
3

5/5

0

Omindu Shehan Lokuliyana

Cool and calm place to have a chilled beer 🍺

P
7

4/5

0

PrasadM

Really love their taste!!

G
9

2/5

0

GayanP

Their main offering is pizzas, but they are terrible.
For a start the pizza crust is all wrong. It appears to be just flour and water similar to the flour mix used to seal the lid of Biriyani pots.

The cheese is like plastic, there is hardly any tomato paste and instead of olive oil they seem to be using some ordinary oil. The pizzas taste quite bad. The Sri Lankan hot chilli pizza is edible as the chillies drown out everything else, but the Italian pizzas are disasters.

They use chopped pieces of spam luncheon meat instead of Ham and Pepperoni. They either don't know the difference or they are knowingly passing it off as their clientele doesn't know the difference .

However the prices at Arthur's are very high - around SLR 2,000/- for a 12" pizza. Even the prices at the high end pizza restaurants in Colombo where they use top quality ingredients are not this high.

Avatar for Omindu Shehan Lokuliyana
3

5/5

0

Omindu Shehan Lokuliyana

Cool and calm place to have a chilled beer 🍺

D
1

3/5

-1

Dolaya

It's not the best pizza in town. But its ok to me. Garlic ros pan was cold and the pizza also little bit cold after few minutes.

Avatar for alan_pietersz
2

3/5

-1

alan_pietersz

Do they deliver ? To attidiya

J
1

1/5

0

Jaysundersingh

Terrible service, literally had to call the waiter and remind him about the order. No food for 30mins. Dissapointed

Avatar for Vishvi
1

4/5

Vishvi YAMU STAFF

Rated 4/5

Avatar for Malinthe
21

2/5

0

Malinthe YAMU STAFF

The pizzas have definitely taken a nosedive. Not even close to their former quality. Avoid.

Old review:
Pretty cool place. I feel like their pizzas have gotten a bit better too. The new additions like the mas kade and the curry pork pizza are also pretty great. Chicken nai miris was insanely spicy this time around the vegetarian options were really good as well. Service is inconsistent though.

See 23 Comments