Artwork for Top Banner 1 - PMF Late night
Artwork for Top Banner 2 - PMF Late night

3/5

Asian Gate Restaurant

Dewalamulla, Boralesgamuwa


It is truly, but Sri Lankan Chinese



කම්මැලි කමට, හංදියටවත් යන්නෙ නැතුව හැමදාම ළඟට කෑම ගෙන්න ගන්නව. ඒකත් තෙලුයි, මසුයි හොඳ එකෙන්ම තියෙන්න. අනේ මන්දා..

කවදහරි ලොකු ලෙඩක් හදාගන්නව එක තැනම ඉඳල! වැඩේ කියන්නෙ ඉතින් මේ වැඩ වලට සෙට්වුණාම එහෙ මෙහෙ ගිහිල්ලත් බෑනෙ. පාඩුයි, අනික වෙලාවත් අපරාදෙ...

මොනව කරන්නද ඉතින්.. කියල ඔන්න මෙදාපාරත් දෙන්නත් එක්ක දැම්ම ඔන්ලයින් ඕඩරයක්ම. ම්.. ටිකක් ළඟ පාත කඩයකින්. හැබැයි නම නම් අහල නෑ. ඇත්තටම ෆොටෝ බැලුවාම හොඳ පාටට තිබ්බ නිසයි දැම්මෙ. කමක් නැහ්! ඔන්න ඔහෙ එනකම් ඉඳලම බලනව කියල දෙන්න ආයෙත් බැස්ස වැඩට. ඒ විදියට ඉතින් පැය බාගයකට එහා පැත්තෙ.. එකපාරට මතක්වෙලා ඇප් එක බැලුවාම තමයි දැක්කෙ ඩිලිවරි මල්ලි ළඟ ළඟම එනව කියල. සනික, යාළුවව යැව්ව පල්ලෙහාට. යවල කෑම ටික ගෙන්න ගත්ත උඩට. ගෙන්නගෙන මම ලෑස්ති කලා මේසෙ.

ම්.. කෑම පාර්සල් ටික දිග අරිද්දිම! බලන්න එපැයි සුවඳ. ෂැහ් ටොප් ආ.. කටට කෙල උනන ගානයි. වැඩි හරියක්ම ගාලික් පෝර්ක් (රු. 535) එක එහෙම. බොරු කියන්න ඕන නෑනෙ. පිඟානට බෙදෙනකම් ඉන්න බැරි තැන මම හොරාට පෝර්ක් කෑල්ලක් දෙකක් කටේ දාගත්ත.

ෂප්පේ.. අඹ ගහේ ජම්බු කිව්වලු. සුපිරිම ආයෙ. ගැඹුරු තෙලේ බැදපු පෝර්ක් කෑලි, සුදුළූණු අඩු නැතුව දාලා හදපු සෝස් ග්‍රෙවි එකක ගිල්ලල. ඒ විතරක් නම් බැරියැ, ඒ ග්‍රේවි එකේ මිරිස්, ලූණු, ලුණු ඇඹුලුත් පදමටනෙ. අනික හොඳ මස් කෑලි වලින්ම තියෙන්න, ඇඟිලි පුරුකක් සයිස් පෝර්ක් කෑලිත් එක 10, 12ක්ම කරියෙ.

ඊටත්, ඒකටම කියාපු රයිස් එක (රු. 600)! ඒකෙ නම් නොතිබ්බ දෙයක් නෑ මගෙහිතේ. කීරි සම්බ හාලෙ බත. ලීක්ස්, කැරට් දාලා තියෙනව රසයි, පාටයි දෙකම නූලට තියෙන්න. ඇයි, රම්පෙ කරපිංච, සුදුලූණු.. ඒවයෙත් අඩුවක් නෑ ආයෙ. කොහොම කොහොම හරි පොඩියට කපපු සොසේජස්, ඉස්සො, දැල්ලො, මාළු, චිකන්, පෝර්ක්.. අඩුම තරමෙ තියෙන්න ඇති ග්‍රෑම් 100කට එහා පැත්තෙ. ඇයි යාළු කන කන කටක් ගානෙ මොකක්හරි මසක් මාලුවක්නෙ. ඒ ඔක්කොමත් එක්ක බතේ රසත් ලෙසටම තියෙද්දී..

හිතන්නකො චිලි පේස්ට් ටිකකුයි, ඔය උඩින් කියපු ගාලික් පෝර්ක් ටිකකුයිත් එකතු වුණාම?

ඒත් ඇත්තම කියනව නම්, මෙයාලගෙ කොත්තුව (රු. 275) නම් හරි නෑ අප්ප. ඒකෙ මුකුත් නෑනෙ. හිතාගන්න බෑ රයිස් එක එච්චර කොලිටියට හදල, කොත්තුව කොහොමද සවුත්තුවට හැදුවෙ කියල. බාග වෙලාවට ඕඩරේ හදිස්සි නිසා අල්ලපු කඩෙන්වත් අරගෙන දැම්මද දන්නෑ. අවංකයෙන්ම.. හොදි පොඩ්ඩක්වත් දාලා නෑ. රම්පෙ කරපිංච, සුදුලූණු ටිකත් හරි හැටි නෑ. රොටි පදමට කර වෙලත් නෑ. කැරට් ලීක්ස් තිබ්බ නිකම් අවාරෙට අඹ වගේ. ඔක්කොමත් හරි චිකන්.. අනේ පොඩි කුකුල් අන්ඩක්ද කොහෙද හීනියට ඉරල ඉරල දාලා.. වැඩක් නෑ ඉතින් කතා කරල.

අන්න ඒකට රයිස් ඇන්ඩ් කරි (රු. 300) එක. යම්.. ඒකෙ තිබ්බ පෝර්ක් කරියක්.. කියල වැඩක් නෑ යාළු. සුපිරිම රස! ආයෙ ඒකම ඇති බත් ටික කන්න. හොඳ හැටි මිරිස් තුනපහ දාලා, ලුණු ඇඹුල් පදමත් එක්ක, තෙල් ගතියට හොද්දත් තියෙන්න, දැක්කාම ආසයි.. කාගෙන කාගෙන යන්න. ඒ විතරක් නෙවෙයි, කොළ මැල්ලුමත් නොම්මර එකයිනෙ. මගෙ හිතේ කළවම් පළා මැල්ලුමක් වෙන්න ඕන. කොහොමහරි දාලා තියෙනව අමු මිරිස්, ලූණු, පොල් එහෙම හොඳ පදමට. දාලා ලාවට මලවල..

මුරුංග එකත් නියම ගානට තැම්බිලා, කිරි රසත් හොඳ හැටි අල්ලල. අනික හොඳ ලපටි මුරුංග නිසා රසත් හොඳයි. ම්ම්… අල තෙල් දාපු එක නම් ඉතින් සාමාන්‍යයි. ඔය කොහෙ කොහෙත් තියෙනව වගේ තමයි. පරිප්පුවත් එලෙසමයි.

ආයෙ ඉතින් විශේෂයෙන් කියල කියන්න තියෙන්නෙ, කොත්තුව හැරෙන්න අන් සියළු කෑම සුප්පම කියල තමයි. ම්.. ඇත්තටම බඩ පැළෙන්න කෑවට පස්සෙ අපි දෙන්න තීරණය කලා දවසක ගිහිල්ලම කාලා එන්න. මොකද ප්ලේස් එක ඒ තරම් හොඳයි වගේ..!


TIP

Try Pork

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment