24, Dharmapala Mawatha, Colombo 03
Closed right now
The brand new Mövenpick Hotel Colombo's all-day dining restaurant.
කාලෙකට කලින් මොවන්පික් කියල අයිස්ක්‍රීම් ජාතියක් ලංකාවේ තිබුණා කියල සමහර විට ඔයාලට මතක ඇති. ෆ්ලවර් රෝඩ් එකේ කඩෙකුත් තිබුණා. එදා අයිස්ක්‍රීම් විතරක් ගෙනාවට මොවන්පික් කියන්නේ අති විශාල හෝටල් ජාලයක්. දැන් ඒකෙන් හෝටලයක්ම ලංකාවට ඇවිල්ල. ආයි එසේ මේසේ තැනකත් නෙමෙයි, කොල්ලුපිටියේ හන්දියේ. ඒකේ රෙස්ටෝරන්ට් එක ගැන තමයි මෙදා අපි බැලුවේ.
කොල්ලුපිටිය හන්දියේ අළුත් බිල්ඩිමක් හදාගෙන ගියේ පහුගිය කාලේ? අන්න ඒක තමයි මොවන්පික් හෝටලේ. ලොබියෙන් සෝපානෙට නැගල හතර වැනි තට්ටුවෙන් බැස්සම කෙළින්ම තියෙන්නෙ ආයු රෙස්ටෝරන්ට්. ආයු කිව්වට ගණන් ගන්න එපා, මේකේ ආයුර්වේද තියා කන්න එන අයගේ ආයු ප්‍රමාණය වැඩි කරන ජාතියේ හෙල්ත් ෆුඩ්වලට නැඹුරුවක් වත් නැහැ. කන්න ඕනේ ජාතියකින් වගේ මෙතන තියෙනවා. වෙස්ටර්න්, ඉන්දියන්, ලංකාවේ; ඔය හැම තැනකින්ම.
මේක බිස්නස් මීටින්වලටම තියෙන හෝටලයක්. ඉතින් රෙස්ටෝරන්ට් එක තියෙන්නෙත් මීටින්වලට හොඳ විදියට. 4 දෙනාට, 6 දෙනාට, දෙන්නට වගේ, එකඑක ප්‍රමාණයේ කාණ්ඩවලට හරියන්න මේස සකස් කරලා තියෙනවා. එහෙම වුණාට ඉඩකඩ අඩුවක් නැහැ. අතපය හොඳට දිගෑරල ඉන්න පුළුවන්.
බැල්කනි කෑල්ලක 20කට විතර මේස තියල තියෙනවා. කොල්ලුපිටිය හන්දිය අවට ලස්සනට බලාගන්න පුළුවන් මෙතනින්. බැල්කනියට හවස් යෑමේ එන තරමට හොඳයි. දවල්ට කරවෙන්න තරං අව්ව.
හැබැයි මේ රෙස්ටෝරන්ට් එකෙන් පේන දර්ශනය නෙමෙයි හොඳම සීන් එක. ඒක බලාගන්න රුෆ්ටොප් බාර් එකට යන්න. සම්පුර්ණ කොළොම්පුරේම බලාගන්න පුළුවන්.
ස්ටාෆ් එකත් පට්ට හොඳයි. මාර සැලකිල්ලයි. අපිට කොහොමද අහනවා, කෑම කොහොමද අහනවා, අපිට ඉස්සරහට හෝටලෙන් බලාපොරොත්තු වෙන අලුත් රෙස්ටෝරන්ට් අනං මනං ගැනත් විස්තර සෑහෙන්න කියෙව්වා.
කලින් කිව්වා වගේ මෙතන කන්න ජාති ඕන තරං. ලංකාවෙන් රයිස් ඇන්ඩ් කරි ඕනේ නං එහෙමයි, ඉන්දියන් ඕනේ නං එහෙමයි. වෙස්ටර්න් ඕනේ නං එහෙමත් තියෙනවා. බුෆේ එක රු.2890 වෙනවා ආණ්ඩුවේ කට් එක එහෙම එකතු කළාට පස්සෙ. මෙනුවෙන් ගන්නවනං රු.900 සිට ඉහළට ප්‍රධාන ආහාර වේලක් ගන්න පුළුවන්. අපි බුෆේ එකට තමයි වැඩක් දුන්නේ.
වෙස්ටන් විදියට නං ඕනේ, මෙතන පට්ට ස්ටාටර්ස් තොගයක් තියෙනවා. කෙළින්ම ඕස්ට්‍රේලියාවෙන්, ප්රංසෙන්, ඉතාලියෙන් එහෙම ආනයනය කරපු වේලපු, ලුණු දාපු, දුම් ගහපු මස් වර්ග, ඒ වගේම චීස් වර්ග ගොඩක් තියෙනවා. ඒ එක්ක ක්‍රැකර්, වියළි පලතුරු වගේ ඒවත් තියෙනවා. සැලඩ් ඕනේ නං ඒවට වෙනම බාර් එකක් ම තියෙනවා. මුහුදු කෑම කන කට්ටියට ඒකට සෙක්ෂන් එකකුත් තියෙනවා. එතන සුෂී ටික නරක නැහැ. ප්‍රධාන වේලට කන්න බීෆ්, පෝර්ක්, බාර්බකියූ චිකන්, පැස්ටා මේසයක් පුරවල තියෙනවා. ගිහිං හිතේ හැටියට ගන්න එකයි ඇත්තේ.
ලංකාවේ කෑමයි, ඉන්දියන් කෑමයි එකට දාල තිබුණේ. ඒ මේසේ අලු ගෝබි, බටර් චිකන්, බීෆ් ස්ටු තිබුණා. තව කජු, බීට්, කොහිල කිරට උයලත් තිබුණා.
කිනිටාට වෙස්ටන් කෑමේ හොඳ නරක බලාගන්න කියල මං පුරුදු බත් පිඟානකට බැස්සා. හැමදේම හොඳ ගාණකට තිබුණා, ඒ වුණාට සුපිරි නැහැ. විශේෂයන් ගෙවපු ගාන ගැන හිතුවම ඒ ගැන ටිකක් දුකයි. අලු ගෝබි එක මරු. බීට් එක මං ගෙදරින් පිට කාල තියෙන බීට් ව්‍යංජනවලින් හොඳම එකක්. ඒ වුණාට කජු එක තැම්බිලා මදි. බීෆ් තාම රබර් වගේ හයියයි. බටර් චිකන් එකේ මෙලෝ රහක් නැහැ. කොහිල එකට ලුණු මදි.
වෙස්ටන් පිඟානෙත් අවුල් තිබුණා. බීෆ්, පෝක් දෙකම හයියයි. හොඳ මස් කෑලිත් නෙමෙයි. බෙල්ලෝ පොඩ්ඩක් පරණ වෙච්ච ගතියකුත් තිබුණා.
හැබැයි අපේ සිත් සතන් සනසාලුවේ අතුරුපස ටිකයි. ඩෙසර්ට් සෙක්ෂන් එකනං සුපිරි එකෙනුත් සුපිරි. මතක්වෙනකොටත් ඉල්ලලා කෑ ගහන්න හිතෙන චොක්ලට් කේක්, බ්ලුබෙරි උඩින් දාල එන සව් පුඩිම, කුරුඳු චොක්ලට්. මේවනේ කන්න තිබුණේ අර අනිත්ව නොකා.
තාම මෙතන සම්පුර්ණ කරලා නැහැ. වයින් සහ චීස්වලට වෙනම වයින් සෙලර් එකක් අරිනව කිව්වට ඒක තාම නැහැ. තව ප්‍රංශ රෙස්ටෝරන්ට් එකකුයි ග්‍රිල් එකකුයි අරින්නත් තියෙනවා. කවද අරියිද දන්නේ නෑ. හෝටලේට ගන්න ඕනේ සුරාබදු බලපත්‍රය අරගෙනත් දවස් දෙකයි. ඉතින් සැර ජාතිවලින් 90%ක් විතර ඇත්තෙත් නැහැ. කොහොමහරි දැන් මෙතන තියෙන හොඳම දේ තමයි ජනේලෙන් එළියේ පේන දර්ශනේ. ඉතිරිවා ගෙවන මිලට වටින තත්ත්වෙකට ඉක්මනට පොලිෂ් වෙලා එයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
The AYU has got its act together with food that is mostly good, and an ambiance that is easy and relaxed.
The shiny new Mövenpick Hotel in Colombo's main restaurant.
සිංහල දැන් මෙතන තියෙන හොඳම දේ තමයි ජනේලෙන් එළියේ පේන දර්ශනේ. ඉතිරිවා ගෙවන මිලට වටින තත්ත්වෙකට ඉක්මනට පොලිෂ් වෙලා එයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
Address
24, Dharmapala Mawatha, Colombo 03
Directions
It's the shiny tall building right nex to LB Finance when you turn off Galle Road onto Colpetty Junction. Opposite the market.
Contacts
Report InaccuracyClosed right now
Cuisine
Western Middle Eastern Indian Sri Lankan
Price Range
Dish Types
Ratings Breakdown
The Kingsbury buffet is pretty good. It's the best in…
The warm reception we received on arriving at Earl's was…
5/5
Excellent Quality food with variety, Fusion of Arabic and Sri Lankan dished well done!
Probably the only dinner buffet without serving of pork, which was more convinient and credible. Staff were always welcoming and smiling! Keep up the good work. I will surely recommend this place.
1/5
Went there yesterday thinking it was open based on yamu but it's closed. Staff couldn't tell me when it was opening.
Does "Whole foods/Gourmet Station" vibe make it look like a typical Movenpick restaurant? The Marché ones you get all over Singapore and Germany?
13 Feb '17 - Went there last night and I frankly feel the it's not worth the price. Buffet alone, without drinks, came to Rs.3345/- pp. To be fair, the food did taste good, especially the desserts, but places such as Taprobane (Cinnamon Grand) and Graze Kitchen (Hilton) in my opinion, offer far better choice and value for money. I wouldn't exactly call any buffet "fine dining", but for the price and venue, I wish they'd to adhere to some sort of dress code. Semi-casual would be ok, but people walking in wearing t-shirts and flipflops kinda ruined the experience for me. Maybe you guys at Yamu could write an article advising diners on dress codes for various restaurants? One more thing….what's the deal with service charges in SL? We generally do tip regardless, but for a buffet?
In terms of service, service charge is generally included at 10% so you're not obliged to tip on top of that. However, if you've had particularly good service another 10% in cash is generally good practice!
As for the dress code, it seems to be pretty arbitrary in Colombo, and implemented only when the staff doesn't like somebody.
I have to say I don't get this whole service charge thing, for buffet meals especially. All the waiter has to do is bring you a drink. Then you serve yourself. So you're doing the serving, why are we being charged service charge? Personally I think it's a bit of a con. I like what they do in lots of UK restaurants: optional service charge, which it is quite ok to deduct from the bill, if you don't think the waiter deserves it. Or you can tip an amount you feel happy with (might be more, might be less).
5/5
Rishard.Jamal
Excellent Quality food with variety, Fusion of Arabic and Sri Lankan dished well done!
Probably the only dinner buffet without serving of pork, which was more convinient and credible. Staff were always welcoming and smiling! Keep up the good work. I will surely recommend this place.
4/5
ajlalwani
The selection and quality of the buffet was very good. Would definitely go here again
1/5
walkingdead
Went there yesterday thinking it was open based on yamu but it's closed. Staff couldn't tell me when it was opening.