Artwork for Coke with food - top banner 1
Artwork for Yamu Promo Top Banner
Artwork for TEMP_sidebar Artwork for Excel restaurants sidebar banner 2

3/5

Baharat

Delivery only


A home-based venture that's specialised in Kabsa and Mandi.



කණා ෂොට් තමයි, ඒත් වෙලාවෙ හැටියට හොඳයි. මොකද බඩගින්නෙ ඉඳල ඉඳලා... කන්න යනකොට ම, ගෙදර බත් එකට අමතරව තව බිරියානි අනංමනං ටිකකුත් තියෙනව කියල දැනගත්තාම?

නිකම් නෙවෙයි ඒකත්, ‘භාරත්’ කියල හොඳ සුපිරි තැනකින්. විශ්වි තමයි ගෙනැල්ල තියෙන්නෙ. හැබැයි දෙකක්ම තිබ්බ නිසා, කෑමට නම් හැමෝට ම ආරාධනා...

අතට ආපු චාන්ස් එකට පයින් ගහන්නද කියල මමත් ගිහින් හරි හරියට වාඩි වුණා. වාඩි වෙලා...

“මේ... ඉස්සෙල්ල මේක කාලා ඉමුනේ?” වචනෙ දැම්ම. නැත්නම් ගෙදර බත් එක ඉතුරු වෙනවනෙ අන්තිමට. හැබැයි එහෙමයි කියල, කවුරුත් ඒකට විරුද්ධ වුණෙත් නෑ. සනි සනික සවල් පාර හත අට ගහල දාලා, ඊට පස්සෙ දිග ඇරියෙ අරවැයින් එකක්.

“ෂැහ්, කබ්සා එක (රු. 600)! බලන්නකො මේකෙ හැඩ”

ගෙන්නපු විශ්විට එහෙම නම්... අපිට කොහොම ඇත්ද?

අල්ලක් සයිස් තඩි චිකන් කෑල්ලෙන්, කෑලි කෑලි කඩාගත්ත කට්ටිය ඔන්න දඩිබිඩියට වැඩේට.

මමත් ඉතින් දන්නැද්ද, ‘ඇරෝ’ කියල තරඟෙට ම... කට, දෙක, තුන කාගෙන කාගෙන ගියේ කෙළින්ම.

ඒත්...

ම්...හ්. නෑනෙ... පෙනුමම තරම් රසයක්!

බතේ එහෙම නම් බිරියානි ගතිය ටිකක් අඩුයි. රම්පෙ කරපිංච, කරාබු නැටි අඩුමකුඩුම ලෙසට ම දාලා තිබ්බට අර බිරියානි මික්ස්, මසාලා කුළුබඩුවල මදි පාඩුවක් තියෙනව වගේ. ඒත් චිකන් කෑල්ල නම් අවංකයෙන් ම පංකාදු පහයි. හොඳහැටි තුනපහ, ලුණු ඇඹුල් ටික දාලා... පදම්කරල තියෙනව සෑහෙන්න වෙලාවක්. ඊට පස්සෙ තමයි මගෙ හිතේ ග්‍රිල් එකට වගේ දාලා අරගෙන තියෙන්නෙ. ඉතින් මසේ ටිකක් හයිය ගතියක් වගේම... උණු උණුවට රස යමරෙට. හැරත් මීකිරි ලූනු සම්බෝලෙයි, චිකන් පාර්ට්ස් සුප් එකක් වගේ එකකුයි, අඹද කොහෙද චට්නියකුයිත් තිබ්බනෙ. ඒවයි නම් ලොකු රසක් නෑ. ඒත් අර බතේ නැති රස, වෙනුවට පාවිච්චි කරන්න හොඳයි.

ඒ වගේම තමයි මන්දි රයිස් එකත් (රු. 600). චිකන් කෑල්ල ටොප්, බත ‘චැහ්!’

අනේ මංදා, හිතා ගන්න බෑ බැලූ බැල්මට කටට කෙළ උනණ පෙනුමක් තියෙන ඒ බත කද්දි ඇයි මෙලෝ රහක් නැත්තෙ කියල. ඇත්තටම කබ්සා එක කාලා, මන්දිය රස බලද්දි නිකම් පිදුරු කනව වගේ. කිසියම්ම රහක්වත් නෑනෙ.

ඒකට, ඒකෙත් චිකන් කෑල්ල? අර වගේම මිරිස්, තුනපහේ පදම් කරල, හොඳහැටි ග්‍රිල් කරල.

ඉතින් කට්ටිය චිකන් ම තමයි!

කිව්වට බතත් ඉවරයි. මොකද අඩු පාඩු හොඳයිනෙ, හ්ම්...

Closed right now

Cuisine

Middle Eastern

Dish Types

Biriyani

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3

Have you visited this place?

Write your own review!
Leave a comment