Artwork for Playtrix Top Banner New
Artwork for Yamu Promo Top Banner
Artwork for TSING TAO sidebar banner 2

4/5

Bamboo Lounge

94/3/1 Malpura road, Kotikawatta, Sri Lanka


Awesome backyard outdoor cafe to have a chill beer or hard with some delicious Sri Lankna Chinese.. at a view of a lake



“හෙලොහ්! ඒ මේ මං...”

“හෑ... කවුද බං?”

“මං යකෝ. බොලට ඔන්ලයින් කතා කළාම, කතා කරන්න පුළුවන්. ෆෝන් එකෙන් කතා කළාම කටහඬවත් අඳුර ගන්න බෑ. අනේ ඉතිං බොලා වගේ වුන්ටනෙ බං, මාත් මේ බෝතල් අරගෙන...”

“කිරි අප්පේ... මැක්සිය. ගොඩබැස්සැයි මගෙ රත්තරනේ... හිටු හිටු. අපි ඔය පැත්තට එන්නං හැන්දැ වෙලා ම”

“මේ පැත්තට? මේ පැත්තට එන්න ඕන නෑ. මං දැන් කොළඹ එනව සල්ලි මාරු කරගන්න. එහෙම්මම බඩුත් අරගෙන එන්නං. සෙට්වෙන්න තැනක් බලාං”

“අඩේ සිරාවට. එළ එළ. මං ප්ලේස් එකක් බලන්නං. උබ එනකොට කෝල් එකක් ගහංකො”

කියල, තිබ්බ යාළු ෆෝන් එක. තියල ගත්ත අනික් පැත්තට කෝල් එකක් හරාට. අරගෙන විස්තරෙත් කියලා, ඒකාගෙන් ම ඇහුව තැනකුත්.

“තැන්ද බං නැත්තෙ. එනෝකො හවස්වෙලා. මං අර වැව අයිනෙ ප්ලේස් එකට කෝල් එකක් දාලා තියන්නං. ගණනුත් ෂේප්නෙ බං එතන. අනික නිදහසුත් එක්ක”

එපමණයි ඉතින්. බලන් ඉඳිද්දි පහ වුණා. මැක්සියත් මං ඉන්න තැනටම ආවා... එහෙම්ම අනික් පැත්තට පික්මියක් දාගෙන ඇද්දා. ආයෙ ඉතින් කතා බස් නෑ යාළු, කෙලී...න්ම ප්ලේස් එකට. ඊටත්, කවදාවත් නැතුව හරාත් ටයිම් එකට ම ඇවිල්ල තියෙන්නෙ.

කොහොම හරි වාහනෙන් බැස්සාම ඉතින් දන්නැද්ද. දෙන්න බදාගෙන, ඉඹල කරල, විස්තර අහ අහ... හෙමින් සැරේ ඔන්න ඇතුළට.

ආයෙ... අඩියයි දෙකයි තියන්න හම්බවුණේ. බලන්න එපැයි පිළිගැනීම! හප්පේ... ෆුල් කැෂුවල් වුණාට මොකද සේවක මල්ලි මේසයක් ළඟට යනකම් ම අපිත් එක්ක. ඒ විතරක් නම් බැරියැ. සනිකවම මෙනු තුනකුත් ගෙනැල්ල දීලා... කෑම තෝරන්න අපිට උදවුත් කරලා... හැරෙන තැපෑලෙන් පිඟන් කෝප්ප, හැඳි ගෑරුප්පු, වීදුරු අඩුපාඩු සියල්ල ම මේසෙට. ඊටත්, බෝතලයක් ගහන්න සෙට් වෙනව කියල කිව්වාම මෙයාල පුදුම ඉක්මනකටනෙ බයිට් ටික එවන්නෙ.

වැඩිය ඕන නෑ. අපි අමුනල කරල මික්ස් ග්‍රිල් එකකුයි (රු. 2000), සීෆුඩ් රයිස් එකකුයි (රු. 500), මික්ස් රයිස් එකකුයි (රු. 600), පෙපර් පෝක් එකකුයි (රු. 700) ඉල්ලුව හෙමින් සැරේ ගේන්න කියල. ඇත්තටම ඒ අතරට අපි කල්පනා කළේ, බල්බ් වැල්වලින් හරි අපූරුවට හැඩවුණු, ඩයිනින්ග් එකේ පැලට් ලෑලි බිත්ති ටිකයි, මැදින් මැදින් පිහිටපු පොල් ගස් ටිකයි... ඊට එපිටින් හඳ එළියෙන් හැඩවුණු වැව් තාවුල්ලයි... දිහා බලාගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියල.

කොහෙද, මේං එක විනාඩි දහයට...

“සර් ග්‍රිල් එක රෙඩි. මේසෙන් තියන්නද...?”

“හා... ඒනං යං. අන්න බයිට් ඇවිල්ලලු”

ගිහිල්ල වාඩි වුණා. වාඩි වෙලා බැලින්නම්... හප්පේ! මික්ස් ග්‍රිල් එක, නිකම් නෙවෙයි සිස්ලින්ග් ප්ලේට් එකේ. ඒකත් දුම් දාගෙන යාළු කොටින්ම කියතොත් තියෙන මස් මාළු ටිකවත් හරියට පේන්නෙ නෑ. ඒ නිසාමයි ඒක එහෙම්මම තියෙන්න ඇරල, හෙමින් සැරේ බෝතලේ කඩල ‘චියර්ස්’ එකක් දැම්මෙ. දාලා ඉතින් හරිබරි ගැහිලා... ගත්ත වැව් මාළුව අතට. අරගෙන, කෑල්ලක් කඩල…

ස්... කටයි කෑවෙ. වොඩ්කා සැර කොහෙන් ගියාද නෑ. සත්තයි ඒ මාළුවගෙ පදම... මං කියන්නෙ, ගාණට ෆ්‍රයි වෙලා, සෝසුත් වැටිලා, මිරිස් ගම්මිරිස් ලුණු අඩුමකුඩුම ටිකත් එක්ක... ෂැහ්, ටොප් ආ...

වැඩේ... ඊට පස්සෙ කාපු ක්‍රැබ් පොඩ්ඩත්. ආයෙ වැව් මාළුවට දෙවනි නෑ හොඳේ. එකම අවුල අර පොඩ්ඩක් විතර සෝස් අල්ලල වැඩියි වගේ. ඒත් මස හොඳට ගැලවෙන නිසා අවුලක් ම නෑ ඉතින් හොඳේ.

ම්... ඒ හැරුණාම පොඩිපොඩියට කපල, සෝස් අඩු වෙන්න, ග්‍රිල් ගතිය එක්ක ලුණු ගම්මිරිස් පදම වැඩිවෙන්න හදපු පෝක් පෙති ටික. වැඩක් නෑ ඉතින්. අපේ වුන්... එක ෂොටයි, පෝක් කෑල්ලයි... එක ෂොටයි පෝක් කෑල්ලයි… බලාගෙන ඉඳිද්දි ඒක ඉවරයි ඉතින්.

ආ... කියන්න බැරි වුණානෙ. ඒ විදියටම හදාපු බීෆ් පෙති ටිකත්, ඔය ගියේ පෝක් ටිකෙන් පස්සෙ එක පෝලිමට.

අන්තිමට ඉතුරු වුණේ ඉස්සො දැල්ලො ටික විතරයි. මොකද බුල්සායි එකයි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකයි එහෙමත් බලාගෙන ඉඳිද්දි වාෂ්පයිනෙ.

ඇත්තම කිව්වොත් ඉතින් අන්තිමට ඉතුරු වුණේ ඉස්සො දැල්ලො ටික විතරයි. ඒකෙනුත් ඉස්සො... ළාවට ෆ්‍රයිවෙලා, ඒ නිසාම පදමට තැම්බිලා, ලුණු පදමත් එක්ක ගම්මිරිස් සැරත් එක්කහු වෙලා... කියන්න ඕන නෑනෙ ඉතින් නේ. ම්... අවාසනාවට මට දැල්ලො අහුවුණේ එක කෑල්ලයි. මං හිතන්නෙ ඒ වෙද්දි අපේ වුණ් දැල්ලො ටිකට වැඩේ දීලා. හැබැයි ඉතින් ඒ එක කෑල්ල වුණත් රසයි. මොකද තැම්බිලා, සෝස්වලින් රස වෙලා එහෙමනෙ.

ඔක්කොමත් හරි සීෆුඩ් රයිස් එකත් හරි කිව්වලු. සම්බා හාලෙ බතට, ලාවට වගේ කැරට්, ලීක්ස් ටිකක් දාලා පොඩි ඉස්සො දාලා තියෙනව බැදල, කටට එක ගානෙ සෙට්වෙන්න වගේ. ඒ විතරක් නෙවෙයි, දැල්ලො එහෙමත් ටිකක් දාලා තියෙනව ඒකට. ඒත් බිත්තර තමයි ඉතින් වැඩිම!

හොඳ හොඳ ඒවා එළිවෙන ජාමෙට කියන්න වගේ අන්තිමටම කියන්නම් යාළු පෙපර් පෝක් එක…

තරුවලින් දෙනව නම් 5යි. මල්වලින් දෙනව නම් 7යි. මං මේ කල්පනා කලේ ඒකෙ තිබ්බ එක අඩුවක් හරි. ම්හ්, නෑනෙ. තෙල් කෑලිත් උපරිම තියෙන්න ඇති තුනහතරක්. අනිත් සියල්ල මස්. හොඳහැටි බැදිලා... සෝස්, ගම්මිරිස්, ලූනු අඩුමකුඩුම සියල්ලත් එක්ක පදම් වෙලා...

සැරත් ගාණට, රසත් ගාණට…

හැබැයි ඒකත් එක්ක බෝතලේ ඉවර කරපු අපි තුන්දෙනාට? 

බිම අතුරල තිබ්බ චිප්ගල් කාගෙන යන ගාණට.

බොහොම අමාරුවෙන් ගිහිල්ල වැව් තාවුල්ලට ගොඩවුණේ...

“කතා කරන්න එපා. මට නං මෙතනින් තව අඩියක් හොල්ලන්න බෑ. ඉන්න දියං!”


TIP

No corkage!

Have you visited this place?

Write your own review!
See 1 Comment