Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Bread Teaser Top Banner -temporary
Artwork for Excel restaurants sidebar banner 2 temp Artwork for Coffee post sidebar 1-1959 only

3/5

New Banana Leaf

158, High level road, Maharagama


The popular Banana Leaf has opened a new branch to the suburbs of Maharagama. They do some mean chicken biriyani, lamb and mutton curries - among other things.



“ඒ… මහරගම අළුත් බනානා ලීෆ් එකක් දාලා නෙ”

“නෑ! යමු යමු එහෙනම් අදම යමු. ඉන්න මම සෙනික ඇඳුමක් දාගෙන එන්නම්”

දවල් කෑම වේල අල්ලල මම පණිවුඩේ දුන්නෙ වැඩේ හෙටට වැටෙයි කියල හිතල. ඒත් කොහෙද, තියෙන හදිස්සයිට මෙන්න අදම එනව කියනව. මොනව කරන්නද ඉතින් බනානා ලීෆ් නිසා මුකුත් කියන්නත් බෑ. හැරත් මාත් ආසයිනෙ ඔතනින් කන්න. වැඩේ කියන්නෙ ඉතින් කොල්ලුපිටියෙයි, මහරගමයි වෙනස්ද දන්නෙ නෑ.

දෙගිඩියාවෙන්, දෙගිඩියාවෙන් මහරගමට කිට්ටු කලාට මොකද කඩේ දැක්කාම නම් වෙනසක් නැතිම ගානයි තේරුණේ. අනික අරයා එන්නත් ටිකක් වෙලා ගියා නිසා මම ඇතුළට වෙලා හිටියා. දෙහිවලින් බැහැලා මහරගම බස් එකක ආවට, කොහොම හරි 2.30 වගේ වෙද්දි බනානා ලීෆ් එකට එන්න ලැබුණ එක ගැන නම් අපි දෙන්නටම හරිම සන්තෝසයි. මොකද එයාලා 3.30ට කඩේ වහනවනෙ.

මම කල් තියා අල්ලගෙන ඉඳපු මේසෙන්ම වාඩි වුණු අපි දෙන්න ඉස්සෙල්ලම කලේ කෑම ඕඩරේ දාපු එක. නැත්නම්, දෙතුන් පාරක් මේසෙ ළඟට ආපු සේවක මල්ලියගෙ හිත රිදෙන්න පුළුවන්නෙ. හැරත් එයා, ඒ වෙද්දිත් හැඳි ගෑරුප්පු, පිඟන් කෝප්ප සියල්ල තියල මේසෙ හදලයි තිබුණේ.

“මට ඕන මේ බනානා ලීෆ් ස්පෙෂල් රයිස් එකක් (රු. 610).

ඒකයි, මට්න් ඩෙවිල් එකකුත් (රු. 760) ඕන” එහෙට මෙහෙට පිටු දෙකක් පෙරලපු අපේ උන්දැ, සනිකව දැම්ම ඕඩරේ.

“එයා ඕඩරේ දැම්මට පස්සෙ මට ඕන දෙයක්නෙ කියල මමත් දැම්මා චිකන් බිරියානි එකකුයි (රු. 600), ඉස්සො කරියකුයි (රු. 710)”

ඊට පස්සෙ ඉතින්... සුපුරුදු කතාබහේ අපි විනාඩි 15ක් 20ක් විතර ඉන්න ඇති. එ් ඉන්නකොට මුලින්ම මේසෙට ආවෙ රයිස් එකයි, ඩෙවිල් එකයි. ඒ ඇවිල්ල විනාඩියක් ගියේ නෑ මෙන්න බොලේ බිරියානි එකයි, ඉස්සො කරියයිත් මේසෙ උඩ. කොටින්ම කිව්වොත් එච්චරයි යාළු මතක. මම, බෙදාගත්ත බිරියානි ටිකට කරි දාගනිද්දි අරයා, ෆ්‍රයිඩ් රයිස් එකට දෙනව බැටේ දස බස ගාලා. අතරින් පතර පෙනුනෙ මට්න් හැඳි 2, 3 ගාණෙ එයාගෙ පිඟානට යනව විතරයි.

‘හම්මේ… මෙහෙමත් කෑමක්!’ කියල මම පටන් ගත්ත මගේ වැඩේ.

ෂැහ්! පිස්සුනෙ. බාග වෙලාවට කොල්ලුපිටියෙ බනානා ලීෆ් එකට වඩා හොඳයිදත් මන්දා. බිරියානි එකේ මසාලා රස එහෙම නියම ගානට. ඊටත් ඒකෙ තිබ්බ මුද්දරපපලම් තොගේ. කනකන කටක් ගාණෙ එකක් අනිවා අහුවෙනව. තම්බල බැදපු බිත්තරෙත් බිරියානි එකට ගෙනාවෙ අමුතුම ගැම්මක්. ඒ හැරුණාම ඒකට ආපු හොද්ද, පිපිඤ්ඤා සම්බෝලෙ, මින්චි සම්බෝලෙ, බටු බැදුම එහෙමත් මරු. හැබැයි ඒ ඔක්කොම පරාදයි, රෝස්ට් චිකන් කෑල්ලට. කෙලින්ම චිකන් කාලක් හොඳේ. තන්දුරිවල පදම් කරලා, ගැඹුරු තෙලේ ගාණට බැදලා ආයෙ පිස්සු හැදෙනව.

වැඩේ කියන්නෙ බිරියානි එකට ඉස්සො කරිය එකතු වුණාමනෙ උතුර දකුණ මාරු වෙන්නෙ. අවංකයෙන්ම ඒක නම් මාරම රසක් ඈ... මදි නොකියන්න කිරි දාලා, මිරිස් තුනපහ අඩුම කුඩුමත් පදමට දාලා, අමු මිරිස්, ගම්මිරිස්, ලූණු, රම්පෙ කරපිංච වගේම හොඳ ලොකු අමු ඉස්සොත් 8ක් 10ක්ම දාලා… හම්මෝ, ඒක නම්…!

වැඩිය ඕන නෑ පෝරණු පාන් වගේ තිබ්බ නම් ගෙඩි 2ක් විතර වාශ්ප වුණා කියයි.

හැබැයි ඉතින් අවාසනාව කියන්නෙ ඉස්සො කරිය එහෙම වෙලා මට්න් ඩෙවිල් එක සවුත්තු වෙච්ච එකනෙ. ඒකෙ සෝස් වැඩියි. හැරත් මට්න් රස ඒ හැටි එන්නෙත් නෑ. ඒත් ලොකු මට්න් කෑලි නම් 8ක් 10ක් විතර තිබ්බ. පැණි රස පොඩ්ඩක් වැඩි වුණාට යටින් එන සැර ගතිය නිසා රයිස් එකට නම් හොඳටම සෙට් වෙච්ච ගතියක් තිබ්බෙ. නැතත් ඉතින් ඒක බයිට් එකකට වගේ නම් පංකාදුයි.

මට්න් එක එහෙම වුණාට රයිස් එක එහෙම නෑ. කොටින්ම කියතොත් ඒක ස්පෙෂල්ම ස්පෙෂල්. පොඩි අන්නාසි කෑලි ටිකක් උඩින් දාපු ඒ කහබත් එකේ මික්ස් වෙලා තිබුන දේවල් ඇහුවොත් ඔයාට පුදුම හිතේවි. ඉස්සො, දැල්ලො, මාළු, කජු, මුද්දරප්පලම්… එතකොට ලූණු බැදපුවා එහෙමත්. ඊටත් එ්කෙ රසනෙ සුපිරිම. ශ්‍රී ලංකන් ෆ්‍රයිඩ් රයිස් රසෙන් ටිකක් එහාට ගියපු, ඒ කිව්වෙ අජිනොමොටෝ එහෙම ගෑවිලාවත් නැති සුපිරි රසක් තමයි තිබ්බෙ. අනික උණුඋණුවෙන් ආවාම තලු මරමර රස බලන්නත් පුළුවන්නේ.

ඔය ඔක්කොම රසවල් බලල ඉවරවෙලා... මම, බොන්න ගෙනාපු අඹ එක (රු. 180) හොයද්දි තමයි අරයා නිකම් මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නෙ. ජූස් වීදුරුවත් අඩියටම වගේ හිස් කරලා.

“හොර ගෙඩියා, දුන්න නේ අඹ එකටම වැඩේ”

“මට අමතක වුණා අයියේ…”

අනේද කියන්නෙ මෙහෙමත් කෙල්ලො. හා හා කමක් නෑ කියල ඉතින් මම අන්තිම අඹ උගුරු දෙක තුන රස බැලුවා.

කිව්වට විශ්වාස කරන්න යාළු අයිස් කැට දාපු නැති නිසා අන්තිම උගුරෙ කියල රසේ වෙනසක් නෑ. සුපිරිම! රසම රස! අල්පොන්සු අඹ!

ඉස්මුරුත්තාවට එනකම්ම කාලා ඉතුරු ටිකත් පාර්සල් බැඳගෙන තමයි අපි එළියට බැස්සෙ. එතකොට වෙලාව 3.30ත් පහුවෙලා. අවංකයෙන්ම අර අපි කාපු කෑම දැකලා මිසක් නැත්නම් හෝටලෙන් යන්න කියන සීන් එකක් තිබ්බෙ. හැබැයි ඉතින් අන්තිමට කොහොම හරි බනානා ලීෆ් කාර්යය මණ්ඩලයම වගේ අපිට හිනාවක් දාලා එහෙම තමයි සමු දුන්නෙ.

මං හිතන්නෙ මීට කලින් දෙන්නෙක් ඇවිල්ලා 4දෙන්ගෙ විතර කෑම කාලා නැතුව ඇති. ඊටත් කෙල්ලෙක් එක්ක!


TIP

Try Banana Leaf Special Rice


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment