රු. 500ට අඩුවෙන්! ‘හොට් බටර් කට්ල්ෆිෂ් විත් අඩියක්’ ගහන්න කියාපු තැන් 5ක්.

ඔන්න එනව කාලෙකට පස්සෙ නෝර්මල් වීක්එන්ඩ් එකක්. පහුගිය මාස ටිකේ එක දිගට ට්‍රැවල් කරල කට්ටියට මහන්සිත් ඇතිනෙ. ඒ නිසා හොඳම වැඩේ තමයි පොඩි විවේකයකටත් එක්ක මේ වීක්එන්ඩ් එකේ යාළුවො ටික එක්කාසු කරගෙන, ආ ගිය මතකයන් වචන වලට හරවන එක. ඒ අතරතුරේ බැරියැ, ඔය ලස්සන ලස්සන ෆොටෝ එහෙමත් හුවමාරු කරගන්න. විශේෂයෙන්ම ෆේස් බුක් එහෙම දාන්න ඕන වෙන.

හැබැයි ඉතින් ඔය පොඩි චැට් එකේ ගතිය වැඩි වෙන්න නම් අමු අඩියක් තියෙන්නම ඕන, සැන්ඩි කරගෙන ගහන්න. ඒකට රස බයිට් එකක් එහෙමත් තිබුන නම් පංකාදු පහයි, ඔය ‘හොට් බටර් සී ෆුඩ්’ පාරක් වගේ. එහෙම කිව්වට අපි කොයි කවුරුත් අතරෙ නැගල යන්නෙ හොට් බටර් කට්ල්ෆිෂ්නෙ. ඉතින් අපි කල්පනා කලා පොඩි ගාණට රසම හොට් බටර් කට්ල්ෆිෂ් එකක් එක්ක අඩියක් ගහන්න කියාපු බාර් ටිකක් ඔයාලට කියන්න.

එහෙනම් ඉතින් මේ වීක්එන්ඩ් පොඩ්ඩක් සෙට් වෙමු නේ, පහුගිය ට්‍රැවල් මතක ගොන්නත් එක්ක!

1. Boat Haus Cafe

හෙට හවස් ජාමෙ අල්ල මවුන්ට් පැත්තෙ ගියා නම් හොඳ සුව පහසු ඇතුව සෙට් වෙන්න පුලුවන් බීච් රෝඩ් එකේ බෝට් හඋස් කැෆේ එකට ගියා නම්. හැබැයි ඉතින් බෝතලේ නම් එළියෙන් අරන් යන්න වෙනව. මොකද මෙයාලා ලඟ තියෙන්නෙ බියර් විතරයිද කොහෙද. කොහොම වුනත් රු. 270ක් වගේ ගාණකට ගන්න පුලුවන් මෙයාලගෙ HBC ග්‍රෑම් 100 නම් පංකාදු පහයි. අරක්කු, විස්කි වගේම බියර් එකකට වුනත් නියමෙට ගැලපෙනව. මොකද ලුණු, ගම්මිරිස් ටිකක් දාලා සැර පදම හදා ගන්න පුලුවන්නෙ. අඩුත් නැති වැඩිත් නැති බටර් රස වගේම, ගාණට තියෙන ක්‍රිස්පි ගතිය නිසා බෝට් හඋස් HBC එක නම් බලන් ඉඳිද්දි වුනත් ඉවර වෙන්න ඉඩ තියෙනව හොඳද.

2. The Station

ෂහ්, HBC නම් අන්න HBC කිව්වලු. දෙහිවල, මරීන් ඩ්‍රයිව් ද ස්ටේෂන් එකේ තියෙන HBC නම් පට්ටම රසයි. අනික තොගයක් ලැබෙනවත් එක්කනෙ. උණු උණුවට, බටර් රස වගේම සුවඳත් වෑහෙන්න හැදෙන මේ HBC එකට දාන මිරිස්, මාළු මිරිස් නිසා හොඳ සැර ගතියකුත් තියෙනව. හැරත් ලුණු, ගම්මිරිස් පදමත් අපිටම හරියන ගාණට. ඒ විතරක් නම් බැරියැ, මේ ඔක්කොටම වියදම් වෙන්නෙත් රු. 600යි.

මෙතන හොඳ තියෙන්නෙ ඕන කරන බෝතල් අඩුම කුඩුම ටික අත ලඟම ගන්න තියෙන එක තමයි. හැරත් මුහුද අයිනෙ නිසා, සෙට් වෙන්නත් කියාපුම ප්ලේස් එකෙනෙ.

3. 168 Sea Food Palace

කොල්ලුපිටිය කිට්ටුවෙන් සෙට් වෙනව නම් මෙන්න ප්ලේස් එක. තියෙන්නෙ සී ඇවිනියු එකේ. නමේ තියෙන විදියටම මෙයාලගෙ සී ෆුඩ් වැඩ නම් සුපිරි. විශේෂයෙන්ම රු. 600කට මේසෙට එන HBC එක. ගින්නක් නැතුව බෝතලයක් හිස් කරන්න පුලුවන්. මිරිස්, ගම්මිරිස් වගේම රස පදමට ලුණු එහෙමත් දාලා හදන මේ HBC එක ලස්සන වෙන්නෙ ළූණු කොළ, මාළු මිරිස් වලින්. ඉතින් දැක්කාම කන්න ආස හිතනෙ එක ගැන අහන්නත් දෙයක්යැ.

4. Steam Boat

පෞද්ගලිකව මමත් ආස කරන තැනක්. බයිට් එකට වගේම වැඩි දෙනෙක් ඩයට් එකටත් කෑම ගෙනියන ස්ටීම් බෝට් එකේ, අනිත් කෑම වගේම HBC එකත් මරේ මරු. විශේෂයෙන්ම අපිට ඕන විදියට ලුණු, මිරිස් ටික එකතු කරල රස පදම හදා ගන්න පුලුවන් නිසා ලොකුවට කරදර වෙන්න දෙයකුත් නෑ. ලොකු පිඟානක් පුරවල එන නිසා දෙන්නෙක්ට ඇති වෙන ගාණට තියෙනවත් එක්කනෙ. හැබැයි මතක තියා ගන්න ස්ටීම් බෝට් එකේ බොන්න යද්දි, බෝතල් අඩුම කුඩුම ටික නම් එළියෙන් අරන් යන්න වෙනව.

5. The Beach Wadiya

වැල්ලවත්ත, ස්ටේෂන් රෝඩ් එකේ තියෙන බීච් වාඩියත් සෙට් වෙන්න කියාපු තැනක්. මුහුදු හුලං පාරක් වැදි වැදි, පුංචි කතා බහක් දාගෙන නිදහසේ ඉන්න පුලුවන්. හැරත් මෙයාල ලඟ බෝතල් එහෙමත් තියෙන නිසා රස්තියාදු වෙන්නත් ඕන නෑ. බීච් වාඩියෙ අනිත් කෑම වගේම HBC එකත් පංකාදු පහට තියෙනව. මාළු මිරිස්, ළුෑණු කොළ රස පදමට දාලා හදන මේ HBC එකේ සැර ගතියත් අපිට හරියන ගාණටම තියෙන නිසා බය නැතු ඕඩරේ දාන්න පුලුවන්. හැරත් මෙයාලගෙ සේවක මඩුල්ලත් හොඳ නිසා ඔයාලා ඕඩර් කරන කෑම වල රස පදම එහෙමත් කියල හදා ගන්න පුලුවන්නෙ.

ඒ විතරක් නෙවෙයි, අපි මේ HBC බාර් 6ක් විතරක් කිව්වට ඔයාලා දන්න ඒවත් මෙතනට එකතු වෙන්න ඕන හොඳද. එතකොට තමා මේ අඩි ගැහිල්ලෙ පිට් එක හැදෙන්නෙ. ආ.. නැද්ද…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

Yamu Guide.

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide

A Valentine’s Dining Guide for 2026

From elegant high teas to candlelit dinners, here’s a curated guide to the best spots

Highlights Yamu Guide

Gift Ideas For Him This Valentine’s

Make his Valentine’s unforgettable with thoughtful gifts that show your love and appreciation. 1.Silver Sparkles

Highlights Yamu Guide

Pick The Perfect Gift For Her This Valentine’s

Because she deserves the very best, give her a Valentine’sthat she will treasure forever. 1.ShirohanaShop

Highlights Yamu Guide

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide