රු. 500ට අඩුවෙන්! ‘හොට් බටර් කට්ල්ෆිෂ් විත් අඩියක්’ ගහන්න කියාපු තැන් 5ක්.

ඔන්න එනව කාලෙකට පස්සෙ නෝර්මල් වීක්එන්ඩ් එකක්. පහුගිය මාස ටිකේ එක දිගට ට්‍රැවල් කරල කට්ටියට මහන්සිත් ඇතිනෙ. ඒ නිසා හොඳම වැඩේ තමයි පොඩි විවේකයකටත් එක්ක මේ වීක්එන්ඩ් එකේ යාළුවො ටික එක්කාසු කරගෙන, ආ ගිය මතකයන් වචන වලට හරවන එක. ඒ අතරතුරේ බැරියැ, ඔය ලස්සන ලස්සන ෆොටෝ එහෙමත් හුවමාරු කරගන්න. විශේෂයෙන්ම ෆේස් බුක් එහෙම දාන්න ඕන වෙන.

හැබැයි ඉතින් ඔය පොඩි චැට් එකේ ගතිය වැඩි වෙන්න නම් අමු අඩියක් තියෙන්නම ඕන, සැන්ඩි කරගෙන ගහන්න. ඒකට රස බයිට් එකක් එහෙමත් තිබුන නම් පංකාදු පහයි, ඔය ‘හොට් බටර් සී ෆුඩ්’ පාරක් වගේ. එහෙම කිව්වට අපි කොයි කවුරුත් අතරෙ නැගල යන්නෙ හොට් බටර් කට්ල්ෆිෂ්නෙ. ඉතින් අපි කල්පනා කලා පොඩි ගාණට රසම හොට් බටර් කට්ල්ෆිෂ් එකක් එක්ක අඩියක් ගහන්න කියාපු බාර් ටිකක් ඔයාලට කියන්න.

එහෙනම් ඉතින් මේ වීක්එන්ඩ් පොඩ්ඩක් සෙට් වෙමු නේ, පහුගිය ට්‍රැවල් මතක ගොන්නත් එක්ක!

1. Boat Haus Cafe

හෙට හවස් ජාමෙ අල්ල මවුන්ට් පැත්තෙ ගියා නම් හොඳ සුව පහසු ඇතුව සෙට් වෙන්න පුලුවන් බීච් රෝඩ් එකේ බෝට් හඋස් කැෆේ එකට ගියා නම්. හැබැයි ඉතින් බෝතලේ නම් එළියෙන් අරන් යන්න වෙනව. මොකද මෙයාලා ලඟ තියෙන්නෙ බියර් විතරයිද කොහෙද. කොහොම වුනත් රු. 270ක් වගේ ගාණකට ගන්න පුලුවන් මෙයාලගෙ HBC ග්‍රෑම් 100 නම් පංකාදු පහයි. අරක්කු, විස්කි වගේම බියර් එකකට වුනත් නියමෙට ගැලපෙනව. මොකද ලුණු, ගම්මිරිස් ටිකක් දාලා සැර පදම හදා ගන්න පුලුවන්නෙ. අඩුත් නැති වැඩිත් නැති බටර් රස වගේම, ගාණට තියෙන ක්‍රිස්පි ගතිය නිසා බෝට් හඋස් HBC එක නම් බලන් ඉඳිද්දි වුනත් ඉවර වෙන්න ඉඩ තියෙනව හොඳද.

2. The Station

ෂහ්, HBC නම් අන්න HBC කිව්වලු. දෙහිවල, මරීන් ඩ්‍රයිව් ද ස්ටේෂන් එකේ තියෙන HBC නම් පට්ටම රසයි. අනික තොගයක් ලැබෙනවත් එක්කනෙ. උණු උණුවට, බටර් රස වගේම සුවඳත් වෑහෙන්න හැදෙන මේ HBC එකට දාන මිරිස්, මාළු මිරිස් නිසා හොඳ සැර ගතියකුත් තියෙනව. හැරත් ලුණු, ගම්මිරිස් පදමත් අපිටම හරියන ගාණට. ඒ විතරක් නම් බැරියැ, මේ ඔක්කොටම වියදම් වෙන්නෙත් රු. 600යි.

මෙතන හොඳ තියෙන්නෙ ඕන කරන බෝතල් අඩුම කුඩුම ටික අත ලඟම ගන්න තියෙන එක තමයි. හැරත් මුහුද අයිනෙ නිසා, සෙට් වෙන්නත් කියාපුම ප්ලේස් එකෙනෙ.

3. 168 Sea Food Palace

කොල්ලුපිටිය කිට්ටුවෙන් සෙට් වෙනව නම් මෙන්න ප්ලේස් එක. තියෙන්නෙ සී ඇවිනියු එකේ. නමේ තියෙන විදියටම මෙයාලගෙ සී ෆුඩ් වැඩ නම් සුපිරි. විශේෂයෙන්ම රු. 600කට මේසෙට එන HBC එක. ගින්නක් නැතුව බෝතලයක් හිස් කරන්න පුලුවන්. මිරිස්, ගම්මිරිස් වගේම රස පදමට ලුණු එහෙමත් දාලා හදන මේ HBC එක ලස්සන වෙන්නෙ ළූණු කොළ, මාළු මිරිස් වලින්. ඉතින් දැක්කාම කන්න ආස හිතනෙ එක ගැන අහන්නත් දෙයක්යැ.

4. Steam Boat

පෞද්ගලිකව මමත් ආස කරන තැනක්. බයිට් එකට වගේම වැඩි දෙනෙක් ඩයට් එකටත් කෑම ගෙනියන ස්ටීම් බෝට් එකේ, අනිත් කෑම වගේම HBC එකත් මරේ මරු. විශේෂයෙන්ම අපිට ඕන විදියට ලුණු, මිරිස් ටික එකතු කරල රස පදම හදා ගන්න පුලුවන් නිසා ලොකුවට කරදර වෙන්න දෙයකුත් නෑ. ලොකු පිඟානක් පුරවල එන නිසා දෙන්නෙක්ට ඇති වෙන ගාණට තියෙනවත් එක්කනෙ. හැබැයි මතක තියා ගන්න ස්ටීම් බෝට් එකේ බොන්න යද්දි, බෝතල් අඩුම කුඩුම ටික නම් එළියෙන් අරන් යන්න වෙනව.

5. The Beach Wadiya

වැල්ලවත්ත, ස්ටේෂන් රෝඩ් එකේ තියෙන බීච් වාඩියත් සෙට් වෙන්න කියාපු තැනක්. මුහුදු හුලං පාරක් වැදි වැදි, පුංචි කතා බහක් දාගෙන නිදහසේ ඉන්න පුලුවන්. හැරත් මෙයාල ලඟ බෝතල් එහෙමත් තියෙන නිසා රස්තියාදු වෙන්නත් ඕන නෑ. බීච් වාඩියෙ අනිත් කෑම වගේම HBC එකත් පංකාදු පහට තියෙනව. මාළු මිරිස්, ළුෑණු කොළ රස පදමට දාලා හදන මේ HBC එකේ සැර ගතියත් අපිට හරියන ගාණටම තියෙන නිසා බය නැතු ඕඩරේ දාන්න පුලුවන්. හැරත් මෙයාලගෙ සේවක මඩුල්ලත් හොඳ නිසා ඔයාලා ඕඩර් කරන කෑම වල රස පදම එහෙමත් කියල හදා ගන්න පුලුවන්නෙ.

ඒ විතරක් නෙවෙයි, අපි මේ HBC බාර් 6ක් විතරක් කිව්වට ඔයාලා දන්න ඒවත් මෙතනට එකතු වෙන්න ඕන හොඳද. එතකොට තමා මේ අඩි ගැහිල්ලෙ පිට් එක හැදෙන්නෙ. ආ.. නැද්ද…

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Iftar Buffet Round Up 2024

Written by Fathima Rukaiya As Ramadan arrives, a warm feeling of reflection and community fills

Highlights Kamu

Discovering Pasta Paradise: The Pasta Factory, Galle Fort

In the historic Galle Fort, The Pasta Factory brings a taste of Italy to Sri

Highlights Kamu

A Home for Desi Dreams – Bombay Nights by Radisson Colombo

As we stepped into the ‘Dine’ in Radisson Colombo, our senses were immediately tantalized by

Highlights Kamu

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

Dampa Seafood: Where seafood dreams come true!

Are you ready for a culinary journey that captures the essence of the ocean? Look

Highlights Kamu

An unforgettable brunch celebration at Harbour Court, The Kingsbury.

The Ambience From the hotel entrance to our designated seat, a vibrant atmosphere resonated with

Highlights Kamu

Trending.

“85th Annual Mount Lavinia 2-Mile Sea Swim” by SLASU held at the Mount Lavinia Hotel Beach

The "85th Annual Mount Lavinia 2-Mile Sea Swim" organized by Sri Lanka Aquatic Sports Union

Trending

Sheraton Colombo Hotel celebrates International Women’s Day with empowering insights

Sheraton Colombo Hotel, part of Marriott Bonvoy’s portfolio of over 30 extraordinary brands, marked International

Trending

Anantara Kalutara Presents an Elevated Gastronomic Journey to Italy

Kalutara, Sri Lanka - March 14, 2024 - Anantara Kalutara Resort is delighted to announce

Trending

List of Party Venues 2024

By Fathima Rukaiya Finding the perfect place to host a party can be a hassle.

Highlights Trending

LCY Unveils Debut ‘LCY for Her’ Collection, Redefining Women’s Polo Wear with Strength, and Sophistication

Thursday, 14, March, 2024, Colombo: LCY, a brand synonymous with manufacturing high-quality men’s polos of

Trending

Royal Turf Club Nuwara Eliya Sports Tourism Race Day 2024 Colombo

The Royal Turf Club Nuwara Eliya held its first race for the year on 24th

Trending

Yamu Guide.

Steak Bar: A Grand Sunday Brunch at Kingsbury, Colombo

Written by Shamrina C Welcome to the ultimate brunch experience! Nestled in the heart of

Highlights Kamu Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Him

By Fathima Rukaiya Are you trying to find the perfect way to show your special

Highlights Yamu Guide

9 Special Valentine’s Day Gift Ideas for Her

Written by Fathima Rukaiya The season of love is upon us once more, and opinions

Highlights Yamu Guide

Romantic Dinner and High Tea date spots for Valentine’s Day  2024

Written by Shamrina C 1. Via Torino Indulge in a fine dining exclusive 3-Course meal

Highlights Yamu Guide

BYOB Bliss: 16 Places to you can Bring Your Own Bottle!

Written by Shamrina C 1. Giovannis Indulge in Italian flavors, grooving music, pet friendly, and

Highlights Yamu Guide

Unveiling Ramada’s Festive Christmas High Tea Extravaganza!

Written by Shamrina C Mark your calendars for the 22nd, 23rd, and 24th of December,

Highlights Yamu Guide