Artwork for Sampath Top - November
Artwork for Kingsbury Sunday

3/5

Chasis

571/3 Madiwela road, Thalawathugoda


Good place to have a western type dinner with a little chat.



හයියෝ… මේල් එක ආපු දවසෙ ඉඳන් පුදුම වදයක් තියෙන්නෙ.

“චැසිස් යං, චැසිස් යං. අනේ බං තලවතුගොඩ හංදියෙන. උඹටත් ළඟයිනෙ. අනේ යං හොඳේ”

මාස ගාණක් තිස්සෙ වද දුන්නු ඕං ඔය කියවිල්ල ඉවස ගන්න බැරිම තැන තමයි යාළු!

මම ඊයෙ කල්පනා කළේ අතට කීයක් හරි හම්බවුණ වෙලාවෙ මැන්ටලේ එක්කගෙන චැසිස් යන්න.

වැඩ ඇරිලා ගෙදර යන ඌබර් එකේම ගිහින් කැමරාවත් අරගත්තු මම, ඒකෙන්ම ඇවිත් කිඹුලවළ හංදියෙන් බැස්සා. බැහැලා වටපිට බලද්දි තමයි දැක්කෙ චැසිස් එක ඔන්න මෙන්න කියල. බැලින්නම් වාහනේ නවත්තල තියෙන්නෙ එතනම කියන්නකො.

ආයෙ බල බල ඉන්න දෙයක් නෑනෙ. කෙළින්ම ගියා ඇතුළට. හැබැයි ඒ යන ටිකට දැකපු දේවල්!

පාට පාට ලයිට් දාලා හැඩ කරපු චැසිස් එකේ ඉස්සරහ දාන බාබෙකියු සෙට් එක... චිකන්, මාළු, සොසේජස් සුවඳ ගගහ, හම්මේ… මතක් වෙද්දිත් කටට කෙළ උනනව.

මොනව කරන්නද ඉතින් එහෙමයි කියල, එතන නතර වෙලා කෙළ හල හල ඉන්න බෑනෙ. මැන්ටලේවත් අරගෙන ගියා ඇතුළට. ගිහින්, පොඩි අයිනක් අල්ලල වාඩි වෙලා… වටපිට බලන්න හම්බවුණේ නෑ, මෙන්න සේවක මිත්‍රයෙක් මෙනුවකුත් අරගෙන අපේ මේසෙ ළඟ.

පැනපු ගමන් මෙනුව අතට ගත්තෙ දේශානි. අරගෙන, ඒක පෙරළිල්ල පැත්තක, සෙනිකව ඔරේන්ජ් ජූස් එකක් (රු. 250) ඕඩර් කළා කියන්නකො. මට නේද…

අනේ අර සේවක මිත්‍රයගෙ මනුස්සකම නිසා “සර්, සර්ට මොනවද?” කියල ඇහුව මිසක්, නැත්නම් මට හුළං තමයි.

“මම බලල කියන්නම්. මෙයාගෙ ජූස් එක ගෙනැල්ලෙ දෙන්නකො. කමක් නෑ. තෑන්ක්ස්” වචන ටිකකින් මිත්‍රයගෙ හිත හදපු මම හෙමින් සැරේ මෙනුව බලල කෑම ජාති 2ක් තෝර ගත්තා. කොහොම හරි ඒ අතරට දේශානිත් එකක් තෝරගෙන.

විනාඩි 5ට මේසෙට ආපු ජූස් එක දේශානිම බී ගත්තාවෙ කියල මම සේවක මිත්‍රයත් එක්ක එකතු වෙලා, කෑම ගැන විස්තරත් අහලම, ඕඩරේ දැම්මා. දාලා අනික් පැත්ත හැරුණා විතරයි, මෙන්න බොලේ පරණ යාළුවෙක් කඩේ ඇතුළෙ. දන්නැද්ද ඉතින්, නැගිලට කරල අතට අත දිල, හග් පාරක් දාලා… නිකම් හිටියෙ නෑ, කෑම කන්න අපේ මේසෙට ආරාධනාවකුත් කළා. කරල තමයි අර ඔරේන්ජ් ජූස් එක අතට ගත්තෙ උගුරක් දෙකක් රස බලන්න කියල.

හප්පේ ඒකෙ නම් තනි ප්‍රෝඩාව. දොඩම් පළුවක්වත් දාලා නැති ගානයි. තද කූල් එක නිසා රස හරියට දැනෙන්නෙ නැති වුණාට මොකද නිවුනට පස්සෙ නම් බොනව තියා කටේ තියන්නවත් බෑ. වෙලාවට ඔය අතරෙ කෑම ටික මේසෙට ආවෙ. කිව්වට විශ්වාස කරන්න යාළු, බීම වගේ නෙවෙයි මෙයාලගෙ කෑම.

චැසිස් ස්පෙෂල් රයිස් එකක්(රු. 660) තියෙනව, දෙන්නෙක්ට නෝමර්ල් එකේ බඩ පුරවගන්න පුළුවන්. බැදපු ඉස්සො දෙන්නෙක්, සොසේජස් කරල් 2ක්, බුල්සායි එකක් බත් එකේ උඩින් තියල සලාද කොළ වටේට තියල හැඩ කරල, ඒ විතරක් නෙවෙයි බත් එකට චිකන්, ඉස්සො, දැල්ලො, මාළු එහෙමත් මික්ස් කරල, ආයෙ සුපිරි. හැබැයි ඒ බත් එකේ රස නම් එච්චරටම හරි නෑ. මොකක්දෝ අඩුවක් තියෙනව. මං කිව්වවෙ, අර මොකක් හරි ‘කසින්’ එකක අදාළ රසක් නැති ගානයි.

ඒකට බලන්න එපැයි චිකන් ඇන්ඩ් සොසේජ් ස්පැගටිය(රු. 560). පංකාදු පහයි ඈ… චීස් රසයෙන් වගේම ස්පයිසි චිකන් රසයෙනුත් අනූනයි. හීනියට ලියපු චිකන් කෑලි සොසේජස් කෑලි එකතු කරල ඒකට චිලි, ටොමැටෝ රස සෝස්, හීනියට ලියපු ලීක්ස් එහෙමත් හොඳ හැටි දාලා, රස වෑහෙන මික්සර් එකක් හදල, ඒකත් එක්ක තමයි ස්පැගටිය මේසෙට එන්නෙ. ස්පැගටියටත් ජාති 2කින් වගේ චීස් දාලා නිසා රස ඩබල් ත්‍රිබල්. හැබැයි ඉතින් පෝෂන් එකේ සයිස් එක නම් ටිකක් පොඩියි. එක්කෙනෙක්ට වගේ තමයි ඇතිවෙන්නෙ.

ආ… කියන්න බැරි වුණානෙ. මේන් ඩිෂ් දෙකට ගැළපෙයි කියල හිතල අපි මාළු ඉස්ටු එකක්(රු. 580) ගත්තා. අනේ ඒක ටොපේ ටොප් කිරි මාළු එකක් කියන්නකකො. වැඩේ කියන්නෙ චැසිස් එකේ මම කාපු කෑම අතරින් හොඳටම හිත ගියෙත් ඒකට. ඉස්ටු ගතිය ඒ හැටි නැති වුණාට රතු බත් ටිකකට, පාන් රාත්තලකට ගේමක් නැතුව වගකියන්න පුළුවන් මාළු කරිය. ටිකක් පොඩියට කපපු තෝර මාළු කෑලි 10ක් 12ක් විතර දාලා, අමු මිරිස්, මාළු මිරිස්, ලූණු එහෙමත් අඩු නැතුව දාලා, නියමෙටම හදල තියෙනව. ලාවට ගම්මිරිස් එහෙමත් එකතු කරල නිසා සැර ගතියත් නියම ගානට.

කොහොම කොහොමින් හරි, අන්තිමටම නැගල ගියේ හිතපුවත් නැති කෑමක්. බලන්නකො ඉතින් නේ…

දේශානිගෙත් බඩ හොඳ හැටි පිරිලා නිසාද කොහෙද සද්ද නෑ. යාළුවත් බිල ගෙවල යන්න ලෑස්තිය. මාරු වෙන්න චාන්ස් එකනෙ කියල මාත් සෙනිවක බිල ගෙව්වා. ගෙවල මැන්ටලේවත් අඬගහගෙන එළියට බැස්සෙ, ආයෙ දවසක ආවොත් නම් අනිවාර්යයෙන්ම මාළු ඉස්ටු එකක් අරගෙන, මෙතන තියාගෙන බැරි නම් ගෙදර ගෙනිහින් හරි පාන් රාත්තලකට වැඩේ දෙනව කියල හිතාගෙන. සත්තයි, මාළු ඉස්ටු එක නම් යාළු ඒ තරම්! ආ...


TIP

Try Fish Stew with rotty.

Artwork for Sampath Content Sep generic
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment