Artwork for Coke with food - top banner
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for PMF essentials sbb 2

5/5

BBQ Avenue

03, 19th Ln, Colombo 03


BBQ Avenue doesn't just quench your cravings, they vanquish it!



බාබකිව් ඇවනිව් කියන්නේ බාබකිව් ප්ලේස් එකක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. හැබැයි අමුතුවෙන් කියන්න වටින අලුත් ම වැඩක් මේගොල්ලො අලුතෙන් හඳුන්වල දීල තියනවා. ආරංචිය ආවම අපිත් ළඟ දි බාබකිව් ඇවනිව් ගිහින් බැලුවා මොකද්ද මේ වෙන්න යන්නෙ කියල. ඔන්න අහගන්නකො කතාව…

පළමු වතාවට බාබකිව් ඇවනිව් එකෙන් උණු උණුවෙ ම හඳුන්වල දීල තියනවා බාබකිව් බුෆේ එකක්! මේ පැකේජ් එකේ ඒගොල්ලන්ගෙ මෙනු එකේ තියන සියලු ම බාබකිව් ජාති අඩංගු වෙනව ලු. ඊට අමතරව ස්ටාටර්ස්, වෙල්කම් ඩ්‍රින්ක් එකක් එක්ක කූල් වතුර වීදුරුවකුත් ලැබෙනවා. මිල වෙන්නෙ එක්කෙනෙකුට රු. 2499ක් විතරයි. ඉතිං ඒ නිසා දැන් ඔන්න හිතේ හැටියට ඇති තරං බාබකිව් මීට් කන්න පුළුවන් ඒ පැත්තෙ ගියොත්. දැන් අපි කියන්න යන්නෙ අපි එහෙ ගිහින් ලබපු අත්දැකීම ගැන...

බාබකිව්

ස්ටාටර්ස් විදිහට මුලින් ම අපිට ලැබුණ දේවල් තමයි මේ. පදමට ෆ්‍රයි වුණ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ සැර සෝස්වල දවටපු පොටේටෝ වෙජස් එක්ක තවත් සෝස් ජාති!

ඊළඟ පියවර මේකයි. මේසේ මැද්දෙ තිබුණ පොඩි පෙට්ටියක හැඩයෙන් යුක්ත සිදුරක් ඕපන් කරපු ඒගොල්ලො දුම් දාන අඟුරු මුට්ටියක් ඒක ඇතුළෙන් ගෙනත් තිබ්බා.

අපේ ඉතිරි ස්ටාටර්ස් ටික බාබකිව් වුණේ මෙන්න මේක උඩ. ඒ අතරෙ තිබුණා ලුණුවල දවටපු ඉස්සො, චිකන් සහ බීෆ් කෑලි, සෝස්වල පොඟවපු මාළු, සොසේජස්, ඇපල් වගේ ම ඉරිඟුත්. මදි නං තව තව ඉල්ලගන්නත් පුළුවන්කම තිබුණ නිසා ඉතිං අපි කාපු විදිහ ගැන කුමන කතා ද!

ඉන් පස්සෙ ආවෙ තවත් චිකන්! හරියට ම කිව්වොත් චිකන් බ්‍රෙස්ට්, වින්ග්ස් සහ තයිස්. අමතක කරන්න එපා, අපේ බඩ පිරෙනකන් ඕන තරම් වාර ගාණක් මේව ඉල්ලගන්නත් ඒගොල්ලො ඉඩ දෙනවා.

කොහොමින් කොහොම හරි මේ වැඩේ ඉවර වෙන්න පැයක් විතර ගියා කියමුකො. අන්න ඒක තමයි අනෙක් විශේෂත්වය. මේ බුෆේ කතන්දරේට ටයිම් ලිමිට් එකක් නෑ. අපිට හිතේ හැටියට වෙලාව අරං කන්න බොන්න පුළුවන්!

ඊට පස්සෙ ආවෙ උණු උණු දුම් දාන සුප්! එකක් නෙමෙයි, ස්වීට් කෝන්, සීෆුඩ් සහ චිකන් සුප් විදිහට ජාති තුනක් ම. මේ තුනෙන් අපේ වැඩි කැමැත්ත ස්වීට් කෝන් සුප් එකට. මොකද කිව්වොත් පැණි රසයි උකු ගතියයි ගාණට මිශ්‍ර වෙලා රස නහර ඇවිළුණා මේක බිව්වම. සැර වගේ ම සීෆුඩ් ෆ්ලේවර්ස්වලින් සෑහෙන සරු නිසා සීෆුඩ්වලට කැමති අයට නං සීෆුඩ් සුප් එක අල්ලලා යනවා. චිකන් සුප් එකේ චිකන් මහ ගොඩක් තිබුණා. හැබැයි අනික් ජාති දෙකට තරම් මේකට අපේ හිත ගියෙ නෑ.

දැන් තමයි මේන්ස්වලට එන්නෙ!

මේන් එකක් විදිහට අපේ පළවෙනි තේරීම බිරියානි. නියම බිරියානි පාට පෙනුම එක්ක ආපු මේ බතට ඇති තරම් මස් එහෙමත් මිශ්‍ර කරල නිසා පංකාදු පහයි. බත් ටික කටට රසට සොෆ්ට් ගතියට හැපෙන්න නියම පදමට උයල තිබුණා.

ඊළඟට බටර් නාන්, ගාලික් නාන් සහ පරාටා. බටර් නාන් එකේ ඒ තරම් ම බටර් ගතියක් නෑ. හැබැයි පරාටා නං, යාන්තමින් තෙල් ගතියක් එක්ක සුමුදුවට හැපුණා. ගාලික් නාන් එකත් ඒ වගේ ම රසයි. මේවට ආපු කරීස් ටික ගැන විශේෂයෙන් ම කියන්න ඕන. පේනව නෙ, පෙනුමෙන් ම බඩ පිරෙනවා. බටර් චිකන් මසාලා එකයි, ෆිෂ් මසාලා එකයි තමයි අපේ ෆේවරිට්! නියම සැරට, රසට, උකුවට, ඇති තරමට මස් කෑලිත් එක්ක…

අතුරුපස

අන්තිමට අපි හැරුණේ අතුරුපස දිහාවට.

ඩෙසට් අතරෙ තිබුණා ගුලාබ් ජමුන්, බ්‍රෙඩ් පුඩිං, පායාසම් සහ ෆෘට් සැලඩ්. ෆෘට් සැලඩ් එකේ තිබුණෙ ඇපල් එක්ක අන්නාසි විතරයි නිසා ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි අනික් ජාති නං… රස නහර පිනා යන දිව නැටවෙන අතුරුපස! විශේෂයෙන් ගුලාබ් ජමුන් එක... ඕනවට වඩා හයිය වෙලාවත් සොෆ්ට් වෙලාවත් නෑ. හපන්න පුළුවන් නියම ගාණට තිබුණා. සිරප් එකේ දැවටිලා පෙඟිලා තිබුණ නිසා පැණි රසත් තිතට.

ඊළඟට අයිස්ක්‍රීම්. මේව එතන හදපු අයිස්ක්‍රීම් නෙමෙයි කඩෙන් ගත්ත ඒවා. හැබැයි සර්ව් කළේ ලස්සනට රෝල් කරලා, අයිස්ක්‍රීම්වලට පෙබල්ස් සහ චොක්ලට් කලවම් කරලා. ඒ නිසා සුපුරුදු අයිස්ක්‍රීම්වලට අමුතු ගතියක් රහක් ඇවිත් තිබුණා.

තැන සහ සර්විස් එක

ළඟ දි ඕපන් කරපු නිසා වෙන්න ඕන, මෙතන කළමනාකාරතුමා අපිට ඩිස්ටර්බ් නොවෙන විදිහට, හරි ම සුහදව වරින් වර අපේ උවමනා එපාකම් ගැන විපරම් කරල බැලුවා. ස්ටාෆ් එක නිතර පේන හරියෙ හිටපු නිසා අපිට මදි පාඩු දේවල් ලේසියෙන් ඉල්ලගන්නත් ඉඩ ලැබුණා. ඒගොල්ලො හැමෝමත් විනීතයි සහ මිත්‍රශීලීයි.

අපි ගියේ සෙනඟ හොඳට ම අඩු වෙලාවක නිසා ඒගොල්ලන්ට අපි වෙනුවෙන් සම්පූර්ණ අවධානය දෙන්න පුළුවන්කම ලැබුණා. ලොකු ක්‍රවුඩ් එකක් ඉන්න වෙලාවට නං ඒක ටිකක් අමාරු වෙන්නත් ඉඩ තියනවා.

තැන ගැන කතා කළොත්, ලොකු හෝල් එකක් ලස්සන රෙස්ටොරන්ට් එකක් බවට පත් කරන්න මේගොල්ලො අරං තියන වෙහෙස ගැන කියන්න ම ඕන. හොඳට සුවපහසුවෙන් නිදහසේ වාඩි වෙලා කෑම කන්න සෝෆා ඇරේන්ජ් කරලා තිබුණෙ, රෙස්ටොරන්ට් එකටත් නවීන පෙනුමක් එන විදිහට.

අවසාන වශයෙන්

අපි බාබකිව් ඇවනිව් එකේ ගත කරපු මුළු වෙලාවෙ ම අපිට ලැබුණ කෑමබීම, ප්‍රමාණයෙන් වගේ ම කොලිටියෙනුත් උපරිමයි. ඒ දෙකෙන් ම පරිපූර්ණ තැන් හම්බ වෙන්නෙ කලාතුරකින් නේ. ඒ නිසා බාබකිව් ඇවනිව් එක අනිවාර්යයෙන් ගිහින් බලන්න ඕන තැනක් කියල නම් කරන්න අපි පැකිළෙන්නෙ නෑ. ඉතිං වෙලාවක ඒ පැත්තෙ ගිහින් බුෆේ එකෙන් බඩ කට පිරෙන්න කාල එන්න. ඇවිත් ඔයාලගෙ අත්දැකීම ගැන අපිටත් කියන්න...

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments