5/5

Belmio Pizza

44 Madiwela Road, Thalawatugoda


Belmio is a pizzeria in Thalawatugoda that serves up easily the best pizza in the area. They also deliver fast.


මේ දවස්වල එලියට පහලියට බැස්සා කියන්නෙ ඉතින් මරණෙ අතේනෙ යාළු. ඒ නිසාම කොහොමහරි මාත් අල්ලගෙන හිටියා සතියක් දෙකක් විතරම, සියළු කෑම බීම හෝම් මේඩ් ලෙවල් එකෙන් ගොඩ දාගෙන එලියටවත් බහින්නෙ නැතුව. හැබැයී.. ඒකෙත් උපරිමයට ආවා මේ ඊයෙ පෙරේදා, ඉන්ටනෙට් එකෙන් බලපු රෙසිපි වීඩියෝ ටිකකින්.

ඉටෑලියන් ෆුඩ්! එකසිය ගාණට පැස්ටා, පීසා, ලසඤ්ඤා හදනවා.. බලාගෙන ඉන්නම බැරි ගානයි.

‘ෂැහ්.. මේ කොරෝනා මගුලක් නිසා කොළඹ පැත්තට ගාටන්නම බෑනෙ. ම්.. ඒත් දැන් නම් පීසා පාරක් කන්නම ඔ්න සීන් එකක් තියෙන්නෙ’

කියලා හිතන අතරට මම යමු එකේම සර්ච් කලා ලඟම පීසා කොච්චර දුරකින්ද තියෙන්නෙ කියලා.

බොලේ.. එතකොටනෙ දැක්කෙ, කිලෝමීටර 2ක දුරින් ‘බෙල්මියෝ’...

වැඩේ වුනේ දැන් අවුරුදු එක හමාරක් විතර තිස්සෙ ගෙවල් වලම ඉඳලා නිසා ප්ලේසුත් මතක නැතිවෙලා.

“ඒහ්.. අද පීසා කමු ඈ!” අල්ලපු මේසෙ වැඩ කර කර හිටිය වයිෆ්ටත් විසබීජෙ ඔලුවට දාලා, මම හැරෙන තැපෑලෙන් ගැහුවා කෝල් එකක් බෙල්මියෝට.

“ගුඩ් ඊව්නින්ග්.. බෙල්මියෝ පීසපීසා”

“යර්ස්, ගුඩ් ඊව්නින්. මට.. තව පැයකින් වගේ ඇවිල්ලා කලෙක්ට් කරගන්න දැන් ඔ්ඩර් එකක් දාන්න පුලුවන්ද?”

“පුලුවන් සර්. හැබැයි සර් එන්න විනාඩි 10ක් වගේ තියලා අපිට කෝල් කලා නම් තමයි හොඳ. නැත්නම් කෑම නිවෙනවනෙ සර්”

“ආහ්.. ඔව්නේ. කමක් නෑ ඒනම්. මම කෝල් කරන්නම්. මට ඔ්න කරන්නෙ මාගරිටා (රු. 500), ෆෝ චීස් (රු. 1050) හාෆ් හාෆ් එකකුයි, පෝර්ක් පෙපරෝනි (රු. 900), චිකන් හැම් කැප්‍රිසිඔ්සා (රු. 1050) හාෆ් හාෆ් එකකුයි, චිකන් බොලොග්නීස් (රු. 900) එකකුයි”

“හරි සර්. ගන්න පුලුවන්. සර් කෝල් එකක් දෙන්නකො”

ආයෙ මොන පැයක්ද. හරි හරියට මූණකට හෝදගෙන ලෑස්තිවුන මම කෝල් කිරිල්ලත් පැත්තක තියලම පිටත් වුනා, ගිහිල්ලම ඔ්ඩරේ දානවා කියලා හිතලා. පිටත්වෙලා හිටං විනාඩි 10ට අදාළ ස්ථානයෙ. ඇතුලට ගිහිල්ලා ගත්තා කැෂියර් එක ලඟම තිබ්බ මෙනුව. අරගෙන.. ආයෙත් පොඩ්ඩක් බලලා, දැම්මා අර ඔ්ඩරේ.

“සර්.. සර් කෝල් කලා නේ අපිට මේ ඔ්ඩර් එක කියලා. අපරාදෙනෙ එන්න පොඩ්ඩකට කලින් කිව්වා නම් දාලා තියෙනවනෙ සර්”

“ආ.. ඒකට කමක් නෑ. ඇත්තටම මට එන ගමන් කෝල් කරන්න අමතකවුනා. මම මේ ලඟ ඉන්නෙ. අවුලක් නෑ හෙමිහිට දාන්න”

ඒකෙන් එක වාසියකුත් වුනා. මොකද එයාලා පීසා දාන්නෙ ඔ්පන් කිචන් එකකනෙ. ඉතින්.. ලස්සන ෆොටෝ, වීඩියෝ ටිකක් ගන්න පුලුවන් වුනා. එහෙම අරගෙන ඉතින් පැය බාගෙන් වගේ කෑම ටිකත් පැක් කරගෙන ඔන්න ගෙදරට.

ඇවිල්ලා කරලා.. පීසා දෙකයි පැස්ටාවයිත් දිග ඇරලා.. ඔලිව් ඔයිල් එකකුත් කිට්ටු කරගෙන බැස්සා වැඩේට.

වයිෆ් නම් ඇරඹුම බොලොග්නීස්!

මම පෝර්ක් පෙපරෝනි.

ආයෙ..

මීට අවුරුදු දෙකකට කලින් තිබ්බ බෙල්මියෝ සෑහෙන්න වෙනස් වෙලා ගානයි ඈ… දාලා තියෙනවා යාළු පෙපරෝනී.. රොටි වාටියෙවත් එක අඟලක් පේන්නෙ නැති වෙන්නම. ඊටත්, ඊට යටින් එලපු මොසරැල්ලා තට්ටුවයි ටොමැටෝ බේස් එකයි..? වැඩක් නෑ කියලා, අතරින් පතර හැපෙන බැසිල් කොලයක්, ඔලිව් ඔයිල් රසක්..

සත්තයි, නොම්මර එකයි, මල් හතයි!

ඒකට දෙවනි නැති චිකන් හැම්, මෂ්රූම්, බ්ලැක් ඔලිව් දාපු කැප්‍රිසිඔ්සා එක? තඩි හැම් කෑලි පීසා බාගෙ පිරෙන්නම. ඊට යටින් තඩි මොසරැල්ලා තට්ටුවක්. ලාවට තැම්බිලා කර වෙච්ච හතු වලින් එන රසයි, බ්ලැක් ඔලිව් රසයි, ඔලිව් ඔයිල් එක්ක ගැලපිලා.. 

අවාසනාවට ගෙදර ටබැස්කෝ සෝස් එකක් තිබ්බෙ නෑනෙ, සැර පදම පොඩ්ඩක් හදාගන්න..

කොහොමහරි මාගරිටා එකත් හොඳටම හොඳයි. හැබැයි මගේ අදහස නම් තව මොසරැල්ලා ටිකක් වැටෙන්න ඔ්න කියලා. මොකද එයාලගෙ ඒ ටොමැටෝ බේස් ඒකේ රස හොඳටම තියෙන නිසා ඒකත් එක්ක ගැලපෙන්න චීස් ටිකක් වැඩිපුර ඔ්න.

අන්න ඒකට ෆෝචීස්..! ආයෙ තරු පන්තියෙන්ම ඈ. මොසරැල්ලා, පාමෙසාන්, රිකොට්ටා, ගොගොන්සෝලා තට්ටු තට්ටු. කොහොමද ඒ අතරට වෝල් නට්ස් එහෙමත් වැටුනාම? ඒ විතරක් නෙවෙයි උඩින් ඔලිව් ඔයිල් ටිකක් දාගත්තාම?.. පංකාදුයි, මල් විසිවෙයි.

කිව්වට විශ්වාස කරන්න යාළු චිලි සෝස් හරි, ටබැස්කෝ හරි තිබ්බා නම් ෆෝ චීස් එකට.. පැල් බැඳගෙන කන්නෙ ඈ.. පැල් බැඳගෙන.

ම්.. සියල්ලෙන්ම කෑල්ල කෑල්ල භක්ෂණය කරලා ඉවරවෙලා මම බැස්සනෙ බොලොග්නීස් එකට. 

කිරි අප්පේ.. ඒකෙ ගැම්ම! මින්ස්ඩ් මීට් ඇති පදමට දාලා, ටොමැටෝ, චීස්.. කට දෙපැත්තෙන් බේරෙන්න. ස්පැගටි නිසා අර රැවුලෙ එහෙම ටිකක් ගෑවෙනවා. ඒත් ගාණක් නෑ, උණු උණුවෙ බහිද්දි. 

ඒම කාලා ඉතින්, ඩෙසට් එකට හොට් මයිලෝ එකක් එහෙමත් බීලයි වැඩේ අහවර කලේ. හැබැයි මතක තියාගන්න.. දැන් නම් ‘බෙල්මියෝ’,

තරු පන්තියෙ ප්ලේස් එකක් හොඳේ..!


TIP

Build your own pizza. Break all the rules!
All Reviews

The best spot for pizza in Thalawatugoda.

Belmio Pizza is a pizzeria way out in Thalawatugoda that serves what is easily the best thin crust pizza in that area.

දාලා තියෙනවා යාළු පෙපරෝනී.. රොටි වාටියෙවත් එක අඟලක් පේන්නෙ නැති වෙන්නම. ඊටත්, ඊට යටින් එලපු මොසරැල්ලා තට්ටුවයි ටොමැටෝ බේස් එකයි..? වැඩක් නෑ කියලා, අතරින් පතර හැපෙන බැසිල් කොලයක්, ඔලිව් ඔයිල් රසක්.. සත්තයි, නොම්මර එකයි, මල් හතයි!

සොසේජ් පීසා! හප්පේ, සුපිරි රසක්. ජම්බො සොසේජස්... දාලත් තියෙනව පීසා එක වැහෙන්න. පෝරණු රස්නෙට ළාවට කරවෙලා, චීස් එක්ක ගැලපිලා… පංකාදු පහයි! ඒ අතරට එන තක්කාලි බේස් එකේ රස? ෂැහ්! ටොප් ආ…

පෝර්ක්, බාබකියු චිකන් පීසා එකනෙ පීසා එක. ඇයි ඉතින් පදමට කර වුණු පෝර්ක් හැම්, බාබකියු චිකන් එක්ක, රිකොට්ටා චීස්, මාගරිටා බේස් එක, නිවිති, ලූණූ, හතු, බ්ලැක් ඔලිව්…

කොහොම වුනත් බෙල්මියෝ නිසා අපේ බියර් පාටිය ටොප් එකට නැගල ගියා. ඩෝප් සීන් එකේ අන්තිමට දෙන්න සිංදුත් කියල තමයි ගෙදර ගියේ. කියන්න සන්තෝසයි යාළු, පුල් මාවලස් මන්ත් එන්ඩ් පාටිය ඈ...

Address

44 Madiwela Road, Thalawatugoda

Directions

From Thalawatugoda junction, head towards Madiwela on Madiwela Road, and it will be to your left. From Kotte, head towards Thalawatugoda, and it will be to your right.

Contacts

Facebook

Closed right now

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pasta Vegetarian Pizza

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4


Latest